IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health Plus ) බාහිර රෝගී සත්කාරක මධ්‍යස්ථානයයි. හේමාස් රෝහල් කරෙහි ඇති විශ්වාසය මත දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතාවන් වඩාත් හොඳින් කළමනාකරණය කර ඔවුන්ට වඩා ගුණාත්මක සේවාවක් ලබාදෙන්නට මෙම හඳුන්වාදීම සිදු කෙරේ.

හේමාස් හෙල්ත් ප්ලස් අති නවීන වෛද්‍ය සේවාවන් සමගින්, සුවපහසුව මෙන්ම පෞද්ගලිකත්වය සුරකින්නට  නිර්මාණය කරන ලද්දකි. නවීන ජීවන රටාවට හිතකර වටපිටාවක සමග අද්විතීය බාහිර රෝගී සත්කාරක් පෙරදැරි  කරගෙන ඉදිකරන ලද හේමාස් හෙල්ත් ප්ලස් සෞඛ්‍ය සේවය පිළබඳ අලූත්ම අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබාදෙනු ඇත.

වත්තල පිහිටා ඇති හේමාස් හෙල්ත් ප්ලස්, ශ‍‍්‍රී ලංකාවේ ප‍‍්‍රථම වතාවට හඳුන්වා දෙන සෞඛය සේවා  සංකල්පයකි. මෙය වෛද්‍ය විශිෂ්ටත්වය සහ පරිපූර්ණ සෞඛ්‍ය සේවා අත්දැකීමක් එකට ගෙන එන, පැහැදිලි සැලසුමක් සහිතව ඉදිකරන ලද බාහිර රෝගී ප‍‍්‍රතිකාර ඒකකයකි (OPD).  ඉඩකඩ සහිත උපදේශන කාමර, ලදරුවන්ට සෙල්ලම් කිරීම සඳහා වෙන් කල ප‍්‍රදේශයක්, සුවපහසු ආපනශාලාවක්් සහ සේවා සැපයීමේදී පෞද්ගලිකත්වය සුරකින අයුරින් හේමාස් හෙල්ත් ප්ලස් රෝහලකට වඩා සැහැල්ලූ බැවින් යුත් පරිසරයක් නිර්මාණය කරයි. මෙය කාලීන ජීවන රටාවට ම ගැලපෙන ලෙස සැලසුම් කරන ලද සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකී.

එමෙන්ම හේමාස් හෙල්ත් ප්ලස්,   ඕනෑම මොහොතක යාබදව පිහිටි හේමාස් රෝහලේ ඉහලම සෞඛ්‍ය සේවාව සත්කාර සහායෙන් ශක්තිමත් වන අතර, එය ප‍්‍රමාදයකින්  තොරව ප‍්‍රතිකාර සඳහා රෝගීන් යොමු කිරීම්, විශේෂඥ සත්කාර සහ උසස් තත්ත්වයේ ප‍‍්‍රතිඵල සහතික කරයි. හදිසි ප‍‍්‍රතිකාර හා රසායනාගාර සේවාවල සිට, දිගුකාලීන සුවතාවය සහ විශේෂිත සායන දක්වා සියලූ අත්‍යවශ්‍ය සේවාවන් එකම ස්ථානයක දී ලබා දේ.

 

විශේෂිත සත්කාරක මධ්‍යස්ථාන 
හේමාස් හෙල්ත් ප්ලස් හි වඩාත් කැපී පෙනෙන ලක්ෂණ අතර, විශේෂිත සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා අසමසම විශේෂඥ දැනුමක් හා සුවපහසුවක් සහිතව නිර්මාණය කර ඇති විශේෂිත මධ්‍යස්ථාන කිහිපයක් ද වේ.

 

අක්මා ප‍‍්‍රතිකාර  මධ්‍යස්ථානය 
හේමාස් හෙල්ත් ප්ලස් හි පිහිටි අක්මා මධ්‍යස්ථානය, ශ‍‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප‍‍්‍රථම බහුවිධ අක්මා ඒකකය වේ. මෙය ආමාශ ආන්ත‍‍්‍ර විද්‍යාඥයින්, ළමා අක්මා රෝග විශේෂඥයින්, සහ ආමාශ ආන්ත‍‍්‍රික හා හෙපටෝබිලියරි ශල්‍ය වෛද්‍යවරුන්ගේ විශේෂඥ දැනුම එකට ගෙන එයි. මෙරට සෞඛ්‍ය සේවා සැපයීමේ පැවති විශාල අඩුපාඩුවක් වූ ළමා අක්මා ප‍්‍රතිකාර සඳහා විශේෂිත වූ එකම පෞද්ගලික අංශයේ මධ්‍යස්ථානය ලෙස මෙය කැපී පෙනේ. වැඩිහිටියන් හා ළමුන් යන දෙපිරිසටම ලබා ගත හැකි ත්‍සඉරදීජ්බ ඇතුළු නවීනතම තාක්ෂණයෙන් සමන්විත මෙම මධ්‍යස්ථානය, අක්මා රෝග කල් ඇතිව හඳුනා ගැනීම සහ නිවැරදිව නිරීක්ෂණය කිරීම සහතික කරයි. විශේෂත්වය වන්නේ, හේමාස් හෙල්ත් ප්ලස්, පෞද්ගලික අංශයේ වඩාත්ම දැරිය හැකි මිලකට FibroScan සේවාවන් ලබා දීමයි. මෙය, අක්මා රෝග නිර්ණය කිරීමේ පහසුකම් වල ඉතාමත් දියුණු තත්වයකි.

 

ADORA රූපලාවන්‍ය මධ්‍යස්ථානය 

වත්තල සහ ගම්පහ දිස්ත‍‍්‍රික්ක සඳහා රූපාලංකරණ සත්කාර ක්ෂේත‍‍්‍රයේ පුරෝගාමී මධ්‍යස්ථානයක් වන ADORA  රූපලාවන්‍ය මධ්‍යස්ථානය, ශල්‍යකර්ම හා ශල්‍යකර්ම නොවන කි‍්‍රයා පටිපාටි යන දෙකම ඉතා විද්‍යාත්මකව, පෞද්ගලිකත්වය සුරකිමින්  සෞඛ්‍ය ආරක්‍ෂිත සායනික පසුබිමක් තුළ ලබා දෙයි. රෝගීන්ගේ රහස්‍යභාවය සහ ආරක්ෂාව ගැන සලකිලිමත්ව නිර්මාණය කර ඇති ADORA, ශ‍‍්‍රී ලංකාවේ රූපලාවන්‍ය සේවාවන් සඳහා නව මානයක් විවෘත කරයි

 

ළමා සත්කාර ඒකකය 
කුඩා දරුවන් හට, නේවාසික ළමා සත්කාර ඒකකය සෞඛ්‍ය සේවාව ප‍්‍රසන්න අත්දැකීමක් බවට පරිවර්තනය කරයි. සෑම විටම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සේවයේ සිටීම, එන්නත් කිරීම සඳහා වෙන් වූ ප‍‍්‍රදේශයක් සහ දරුවන්ට සැහැල්ලූවෙන් සෙල්ලම් කිරීමට ප‍්‍රදේශයක් සම`ගින්, මෙම ඒකකය දරුවන් හට රෝහලක් නොවන පරිසරක් සහ අත්දැකීමක් ලබාදෙනු ඇත.


සුවතා මධ්‍යස්ථානය (Wellness Centre)
Wellness Centre  මගින් අවධානය යොමු කරනු ලබන්නේ නිවාරණ සෞඛ්‍යය සහ දිගුකාලීන යහපැවැත්ම කෙරෙහිය. පුද්ගලයන්ට අනුරූපව පරීක්ෂණ වැඩසටහන් සහ සුවතා මාර්ගෝපදේශ හරහා, ගැටළු ඇති වීමට පෙර තම සෞඛ්‍යය පාලනය කර ගැනීමට උපදෙස් ලබා දෙන අතර, යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියක් උදෙසා මග විවර කරයි.

 

Premium Center

සුවිශේෂීත්වය සහ විශේෂ සත්කාර අපේක්ෂා කරන අය සඳහා Premium Center නිර්මාණය කර ඇත. රෝගීන්ට පොරොත්තු කාලයකින් තොරව, විශේෂඥ වෛද්‍ය වරුන් සමගින් දීර්ඝ, ගැඹුරු උපදේශන මෙන්ම, පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්  සුවපහසුව සහතික කරන  Premium Center වෙතින් විශේෂ ප‍‍්‍රතිලාභ අත්කරගැනීමට ඔබට හැකිවේ.

 

අනෙකුත් පහසුකම්
මෙම විශේෂිත මධ්‍යස්ථාන වලට අමතරව, හේමාස් හෙල්ත් ප්ලස් හි සම්පූර්ණ හදිසි ප‍‍්‍රතිකාර ඒකකයක් (ETU) රුධිර සාම්පල ලබා ගැනීමේ ඒකකයක්, (Phlebotomy) රෝගීන් ඇතුළත් කර ගැනීමේ පහසුකමක්, සහ නවීන ඔසු සලකින් සමන්විත මෙය පවුලටම අවශ්‍ය සියලූ සෞඛ්‍ය සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි සම්පූර්ණ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකි.

හේමාස් හෙල්ත් ප්ලස් - සෞඛ්‍ය සේවාව නැවත අර්ථකතනය කරයි. එහි නවීන මුහුණුවර, ඒකාබද්ධ සේවාවන් සහ රෝගියා මුල් කරගත් සත්කාර සඳහා ඇති කැපවීම සමගින්, හේමාස් හෙල්ත් ප්ලස්, බාහිර රෝගී සත්කාරයක් විය යුත්තේ කෙසේද යන්න නැවත අර්ථ දක්වයි. එය හුදෙක් සෞඛ්‍ය සේවාවක් පමණක් නොව - එය අද දවසට ගැළපෙන ලෙස නැවත ප‍‍්‍රතිනිර්මාණය කරන ලද සෞඛ්‍යය සේවයකි.

මක්නිසාද යත්, ඔබේ ජීවන රටාව පරිණාමය වී ඇත. දැන්, ඔබේ සෞඛ්‍ය සේවාව ද එලෙසම පරිණාමය වී ඇත. හේමාස් හෙල්ත් ප්ලස් වෙත සාදරයෙන් පිළිගනිමු - නූතන ජීවිතයට ගැළපෙන නවීන සත්කාරය, හේමාස් හෙල්ත් ප්ලස් වෙතින් .



අදහස් (0)

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site