අගමැති මෝදි ‘ජී7’ නායකයෝ හමුවෙයි පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු මෝදිගේ පළමු විදෙස් සංචාරය මෙයයි. 14 June 2024
රුසියාවේ වත්කම් යුක්රේනයට රුසියාවේ වත්කම්, රුසියාවට එරෙහිව යොදා ගනිමින්, යුක්රේනයට යුද ආධාර වශයෙන් ලබා දීමට, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවේදී එකඟත්වයක් ඇති කර ගැනුණි. ඒ අනුව, ‘ජී7’ නායකයන්ගෙන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක මුදලක් යුද ආධාර ලෙස හිමිවනු ඇත. 14 June 2024
යුක්රේන ජනපතිගේ උපන් නගරයට ප්‍රහාරයක් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ උපන් නගරය ලෙස සැලකෙන ක්‍රිවිරිහ් නගරයට රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල විය. 13 June 2024
හමාස් කොන්දේසිවලට එකඟ වෙන්න බෑ - ඇමෙරිකාව ඊශ්‍රායල හමාස් සාම සැලැස්මට හමාස් සංවිධානය කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත්, එම කොන්දේසිවලට යටත්වීම කිසිසේත් කළ නොහැකි බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ. 13 June 2024
ගාසා පොඩ්ඩෝ 8,000 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා ඊශ්‍රායල හමාස් ගැටුම හේතුවෙන්, ගාසා තීරයේ අවුරුදු 5 ට අඩු දරු දැරියන් 8,000 කට වැඩි පිරිසක්, උග්‍ර මන්දපෝෂණයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 June 2024
‘ජී7’ නායක සමුළුව ඉතාලියේ ඇරැඹෙයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනිගේ ප්‍රධානත්වයෙනි. ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව සහ එක්සත් රාජධානියයි. 13 June 2024
කොංගෝ බෝට්ටු අනතුරින් 80 ක් මරුට කොංගෝවේ සිදුවුණු බෝට්ටු අනතුරකින් 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. 13 June 2024
කුවේට් ගින්න 49 ක් බිලි ගනී කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිවූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ඉන්දියානුවන් බව පැවැසෙයි. 13 June 2024
බෝට්ටුවක් පෙරළී 49 ක් මරුට අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ. 12 June 2024
යුරෝපා රටවල ඩෙංගු පැතිරෙනවා යුරෝපා රටවල ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බටහිර රටවල මේ අයුරින් ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපීය සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 12 June 2024
මෝදි සමඟ වැඩ කරන්න සූදානම් පිටපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු නරේන්ද්‍ර මෝදිට චීනය සුබ පතා ඇත. චීනය වෙනුවෙන් මෝදිට සුබ පතා ඇත්තේ චීන අග්‍රාමාත්‍ය ලී කියැංග් ය. 12 June 2024
‘ජී7’ සමුළුවට සහභාගී වෙන්න මෝදි ඉතාලියට ලොව ආර්ථික බලවතුන්ගේ හවුල හෙවත් ‘ජී7’ රාජ්‍ය නායක සමුළුව ලබන 15 සහ 16 දෙදින ඉතාලියේ අපුලියා පළාතේ බෝගෝ එග්නාසියා නිවාඩු නිකේතනයේ දී පැවැත්වෙන අතර ‘ජී7’ රටවල රාජ්‍ය නායකයෝ ඊට සහභාගී වෙති. 12 June 2024
සාම සමුළුවට හැම රටක්ම ඉන්නවා: රුසියාව නෑ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින්, ස්ථිරසාර සාම සැලැස්මක් ආරම්භ කර, රුසියන් යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර සාම සමුළුවක් ලබන 15 සහ 16 දෙදින ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී පැවැත්වෙයි. 12 June 2024
මලාවි උප ජනපති ගුවන් අනතුරින් මරුට අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. 11 June 2024
ප්‍රබල සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති. 11 June 2024
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවෙද්දී, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවිය. 11 June 2024
ඊශ්‍රායල හමුදා පහර දුන්නොත් ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්න ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඊශ්‍රායලයේ දී අල්ලාගෙන ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්නැයි හමාස් ප්‍රධානීන්, ඔවුන්ගේ සටන්කාමීන්ට උපදෙස් දී ඇත. 11 June 2024
උතුරු කොරියා සෙබළුන්ට දකුණු කොරියාවෙන් වෙඩි දේශසීමා හරහා දකුණු කොරියාවට අයත් භූමියට පැමිණීමට උත්සාහ කළ උතුරු කොරියානු සෙබළුන් පිරිසකට වෙඩි තබා ආපසු හැරවීමට දකුණු කොරියානු හමුදා සමත් විය. 11 June 2024
ඇමෙරිකන් උපදේශකයන්ට පිහි ප්‍රහාරයක් චීනයේ සංචාරයකට ගොස් සිටි ඇමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයන් සිවු දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම සිවුදෙනා චීනයට ගොස් ඇත්තේ දැනුම හුවමාරු වැඩසටහනක් යටතේය. 11 June 2024
පාකිස්තානයේ පෝලියෝ පාකිස්තාන බලුකිස්තානයේ ක්වෙටා නගරයේ පෝලියෝ වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පකිස්තාන සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. 11 June 2024
සටන් විරාම යෝජනාව ආරක්ෂක මණ්ඩලයට ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. 11 June 2024
මලාවි උප ජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදන් අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. 11 June 2024
විපක්ෂ නායක ග්‍රාන්ට්ස් යුද කැබිනට්ටුවෙන් යයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සහාය පළ කරමින්, නෙදන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලය සමඟ එක් වී සිටි විපක්ෂ ඊශ්‍රායල විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් එම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 10 June 2024
ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි මහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. 10 June 2024
මෝදි දිවුරුම් දෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. 09 June 2024
තෙළිගු නිළිය අත්අඩංගුවේ තෙළිඟු නිළි හේමා, බැංගලූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, රාත්‍රී සාදයක් අතරතුරේදීය. කොකේන්, ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ළඟ තබා ගැනීම හේතුවෙන් මෙසේ හේමා අත්අඩංගුවට ගත් බව පැවැසෙයි. 09 June 2024
යුරෝපා මැතිවරණය අවසන් අදියරේ සිවු දිනක් තිස්සේ පැවැත් වුණු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හෙට (9) අවසන් වෙයි. ඉන්දීය මහ මැතිවරණයට පසු, ලෝකයේ දෙවැනි විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හැඳින්විය හැක. 08 June 2024
ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ප්‍රාණ ඇපකරුවන් සිවු දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ, මධ්‍යම ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය. 08 June 2024
විපක්ෂ නායකයා රාහුල් ගාන්ධි ? ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි රාහුල්ගේ කොංග්රස් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 08 June 2024
බයිඩන් සෙලෙන්ස්කිගෙන් සමාව ඉල්ලයි ’ඩී ඩේ’ සැමරුමට සහභාගීවීමට ප්‍රංශයට ගිය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්විණි. 08 June 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026