ඉන්ධන ලොරියක් පෙරළී 100ක් මරුට පකිස්ථානයේ බහවල්පූර් නගරයේදි ඉන්ධන ප්‍රවාහන ලොරි රථයක් පුපුරාගොස් ගිනිගැනීම නිසා පුද්ගලයින් 100ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 25 June 2017
ටිපර්-ත්‍රීරෝද රථ අනතුරෙන් තුනක් මරුට කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හුංගම පොලිසිය කියයි. 25 June 2017
ධීවර ජැටියක වහලය සුළඟට ගැලවෙයි හලාවත අලුත්වත්ත කලපු ඉවුරෙහි ඉදි කර තිබු ධීවර ජැටියක වහලයක් හදිසි සුළඟකට හසුව අද (25) අලුයම මුළුමණින්ම ගැලවී ගොස් ඒ ආසන්නයේ අතුරු මාර්ගයකට හා නිවසක් මතට වැටි හානි සිදුව ඇති බව හලාවත පොලිසිය කියයි. 25 June 2017
පාසල් නවීකරණයට සබරගමු පළාතෙන් සල්ලි ඉල්ලයි ගංවතුර සහ නායයාමේ විපත් හේතුවෙන් විනාශයට පත් සබරගමු පළාතේ පාසල් 108ක් නවවීකරණය කිරීමට අවශ්‍ය මුදල් සබරගමු පළාත් සභාවට නැති නිසා ඊට වැයවන බවට ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 1100 මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 25 June 2017
එංගලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්‍යුත් ලිපින ගිණුම්වලට පිවිසීමට නොහැකිව ඇතැයි ද වාර්තා වේ. 25 June 2017
කතරගමදී අතුරුදන් දැරිය තෙදිනකට පසු හමුවෙයි කතරගම පුදබිමට ආසන්නයේ මැණික් ගඟ අසළ ගසක් යට නිදා සිටියදී ඉකුත් (21) වැනි දින අලුයම අතුරුදහන් වු දැරිය අද (24) වැනි දින කතරගම පොලිසිය විසින් සොයා ගනු ලැබීය. 24 June 2017
සේවයෙන් ඉවත් කළා යැයි පතළ පතුළේ උපවාසයක් මීගහතැන්න නාවලකන්ද ප්‍රදේශයේ පවත්වා ගෙන යන මිනිරන් පතලක සේවකයන් දෙදෙනෙකු තමන්ව අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව ඉකුත් දින රාත්‍රි සිට එම පතලේ අඩි 80 ක් පමණ ගැඹුරු ලිඳක් තුළ උපවාසයක නිරතව සිටිති. 24 June 2017
සෙල්ෆි ගහන්න ගිහින් තවත් ජීවිතයක් අහිමිකරගනී අරණායක දෝතල්ඔය බේරවිල ප්‍රදේශයේ ඇල්ලකින් පහලට වැටී 34 හැවිරිදි තරුණයෙකු අද (24 දා) දහවල් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ සිට උස්සාපිටිය අලුපත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි බව කියන එම්.කේ සේනක මධුරංග නැමති තරුණයෙකි. 24 June 2017
ශිෂ්‍ය කැඳවුම්කරුවන් අත්අඩංගුවට ගත්තාට පේරාදෙණි සරසවි සිසුන්ගේ විරෝධය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා පීඨ නවයේම සිසුහු අද (24) ගලහ හන්දියේ සිට පා ගමනින් පැමිණ පේරාදෙණිය නගරයේදී විරෝධතවක නියැලුනහ. 24 June 2017
කොළඹට ගොම ගෙනෙන බව කිරි ගොවියෝ කියති කිරිගොවීනට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසැදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල යාපාගම දී අද (24) පෙරවරුවේ පැවැසීය. 24 June 2017
ඩොලර්වලට රට විනාශ කරන්න පිරිසක් වෙර දරනවා ඩොලර් මත යැපෙන සමහර රාජ්‍ය නොවන සංවිධාන මෙරට තුළ ආගමික සංහිඳියාව බිඳ දමන්නට නොයෙක් ප්‍රකාශ සිදු කරනවා. සමහරවිට මේවා එම සංවිධානවල කොන්ත්‍රාත් විය හැකි බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා මහනුවරදී පැවැසීය 24 June 2017
දොස්තර වර්ජනය අවසන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි 24 June 2017
රටවල් 4 කින් කටාරයට කොන්දේසි අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන බව සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ප්‍රකාශ කර ඇත. 24 June 2017
මවත් දරු දෙදෙනාත් කපා කොටා දැමීමෙන් දියණිය මියයයි කොටදෙණියාව හෙලගම කිතුල්වල නිවසකදී මව සහ දරුවන් දෙදෙනකට තියුණු ආයුද වලින් පහරදීම හේතුවෙන් හය හැවිරිදි දැරියක මියගොස් මව සහ අනෙක් දැරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. 24 June 2017
පළාත් කිහිපයකට තද වැසි අවදානම නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල දිස්තික්කවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර්. 100ට වඩා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි. 24 June 2017
පුහුණුකරු ෆෝඩ් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි. 24 June 2017
චීනයේ ගල් කන්දක් නාය යාමෙන් 140 ක් වැළලෙති චීනයේ නිරිතදිග ප්‍රදේශයේ සිචොන්ග් පළාතේ සිදුවූ නායයෑමකින් 140 කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. කන්ද නාය යෑම නිසා පහලින් පිහිටි ගඟේ කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණයක් අවහිර වී ඇති බවත් සින්මෝ ගම්මානයේ නිවාස 46 ක පමණ සිටි වැසියන් 141 දෙනෙක් සහමුලින්ම ගල්කුට්ටි යට ගිළී ගොස් ඇති බව අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. 24 June 2017
පුත්තලම සහකාර අඩවි වන නිලධාරී අතුරුදන් පුත්තලම දිසාවන කාර්යාලයේ සේවය කල සහකාර දිසාවන නිළධාරි වරයා මසකට ආසන්න කාලයක සිට ආගිය අතක් නැති බව ඥාතින් පොලිසියට පැමිනිලි කර ඇති බව කියයි. 24 June 2017
ග්‍රෙන්ෆෙල් ගින්න ශීතකරණයකින් ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ පසුගියදා ඇතිවූ ගින්න ආරම්භ වී ඇත්තේ එහි නිවසක තිබූ ශීතකරණයකින් බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි. 24 June 2017
සරසවි සිසුන්ට පහරදීම ගැන මහින්දගෙන් නිවේදනයක් සරසවි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. 24 June 2017
සයිටම් විරෝධී සිසුහු වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහර දෙති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. 23 June 2017
රජිව් ඝාතන සැකකරු මැරෙන්න අවසර ඉල්ලයි ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර විසි හයක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින රොබට් පයාස් නැමති චූදිත එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමන්ට මරණයට පත් වීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් එරට බන්ධනාගාර බලධාරීන් ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. 23 June 2017
මුදලට වෙදකම් කළ දොස්තර පැනලා දුවයි සයිටම් විරෝධී වෛද්‍ය වැඩ වර්ජනය අතරේ මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් අද (23) ගලේවෙල රජයේ රෝහල ඉදිරිපිටින් වාර්තා විය. 23 June 2017
රජයේ රොහල්වල වැඩවරන වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල වැඩ කරති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ දිනවල රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් දියත් කර ඇතත් එම වෛද්‍යවරුන් හලාවත නගරයේ පිහිටි පෞද්ගලික රෝහල්වල සුපුරුදු ලෙසින් චැනල් සේවයේ යෙදුන ආකාරය අද (23) දැක ගත හැකි විය. 23 June 2017
මීතොටමුල්ලට කුණු දැමීම නවතයි මින් පසු කොළඹ නගරයේ කැළිකසල කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයට බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 23 June 2017
බෞද්ධයින්ව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීම හෙළා දකින බවට රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක් භික්ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය පොදු සාධාරණ ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවීම නිසා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. 23 June 2017
ගීතාගේ නඩුවට හිටපු ඇමතිවරයෙක් මැදිහත් වෙයි ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෙබවීම නුසුදුසු බව කියමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයෙකු වන පියසේන ගමගේ මහතා ගොනු කළ අතරමැදි පෙත්සමක් ලබන ජූලි මස 07 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය. 23 June 2017
තැපැල් වෘත්තීය සමිති 26 සිට අඛණ්ඩ වර්ජනයක රට පුරා සියලු තැපැල් සේවකයන්ගේ සහභාගිත්වයේන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ජූනි 26 වැනිදා (සඳුදා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි. 23 June 2017
ආචාර්ය සමන් කැලේගම දිවි සැරිය නිමා කරයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම මහතා අද (23) අභාවප්‍රාප්ත විය. මිය යන විට 58 වැනි වියේ පසුවූ ඒ මහතා ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථික විද්‍යාව යන ක්ෂේත්රවල ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු විය. 23 June 2017
අවතැන් වු දරුවන්ට 10,000 ක සහන මල්ලක් ගංවතුර සහ නායයෑමෙන් පිඩාවට පත් පෙදෙස් පාසල් දරු, දැරියන් සඳහා පාසල් උපකරණ සහ නිල ඇඳුම් ඇතුළත් සහන මල්ල බෙදාදීම අද (23) ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 23 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026