(අංජුල මහික වීරරත්න)
දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කරන්නට ගිය ගුරු විදුහල්පති වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම බංකොලොත් වු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (4) පැවැසීය.
දිවයිනේ පාසල් 10,147න් එකඳු පාසලක්වත් වැඩවර්ජනය නිසා වසා නොදැමුණු බව කී අමාත්‍යවරයා ස්ථාන කීපයක පමණ පාසල් අතලොස්සක පමණක් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පැවතිනැයි ප්‍රකාශ කළේය.
රටේ දරු පරපුරේ අනාගතය ගැන සිතා පුහු වැඩ වර්ජන වලට පිටුපා පාසල් වලට පැමිණි විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ට ස්තූතිය පළ කරන්නේ යැයි ද අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපනය සුරකින බව කියමින් වෘත්තිය සමිති මේ කරන්නේ රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීම බවද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් අද ඉස්කෝලේ ළමයි පාසැල් යනවා දැක්කේ නැහැ.
ඔයා තොත්ත බබා කියල අපි දන්නවා මහත්තයෝ... අගමැතිතුමාට හුණු ගානවා මිසක් වෙන දෙයක් ඔයාගෙන් දැක්කේ නෑ... තව අවුරුද්දක් ඔහොම කියන්නකෝ.... ඔයාලගේ ආණ්ඩුවට පිදුරු ගහත් නැතිවෙලා යනවා....
කිසිදු බාදාවකින් තොරව අද මම වාහනය රැගෙන ආවිට දැන ගන්නට ලැබී තිබුනේ, වර්ජනය නිසා සියලුම පාසල් වල ළමුන් උදැසන 6:00 ටත් ප්‍රථම පාසල් වෙත වාර්තා කර තිබු බවය.
කොටහේන පාසලක් ළමුන් නොපැමිණි නිසා වහලයි කියමින් මාධ්‍යවලින් දැනගන්න ලැබුණා. කොහොම හරි වැඩ වර්ජනයට යන්න කලින් ප්රශ්නය විසදන්න බැරිවුන එක අදාළ ඇමතිගේ නොහැකියාව තමයි.
මෙහෙනම් එක ළමයෙක්වත් ඉස්කෝලෙ ගියේ නැහැ................
රජයට අනුව සියලුම වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වැරදියි. අනේ මොකට කියනවද?
අධ්‍යාපන අමාත්‍යයංශය බංකොලොත් වූ විට පාසල් හා විදුහල්පතිවරු ගැන කුමන කතාද