(නාලක සංජීව දහනායක)
කොටි සංවිධානය නැවැත බිහිවිය යුතු බවට කළ ප්රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නීතිය ක්රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක්රියාත්මක කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) පැවසීය.
එමෙන්ම ආණ්ඩුවේ නොවන වෙනත් පුද්ගලයකු ප්රකාශ කළේ නම් ආණ්ඩුව ඉතාම ඉක්මනින් ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.
බත්තරමුල්ලල නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.
මේ රටේ සැබෑවටම සංහිදියාව ඇති කළේ අපියිග එදා එල්ගටීගටීගඊ සාමාජිකයන් 12500ක් පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. අද ඔවුන් පොලීසියල සිවිල් ආරක්ෂක බලකායේ රැකියා කරනවා. සැබෑ සංහිඳියාව කියන්නේ ඒකයි.
නැවතත් කොටි සංවිධානය බිහිවෙන්න ඕන කියන තැන සංහිඳයාවක් නැහැ. වෙන කෙනෙක් ඔය කතාව කිව්වනම් දැනටමත් අත්අඩංගුවට අරගෙනග පක්ෂයේ විනය කියන්නේ එකක්. රටේ නීතිය කියන්නේ තව එකක්. පක්ෂයේ විනය රකින්න කළින් රටේ නීතියට ගරු කරන්න ඕනග ඒ නිසා පක්ෂයේ විනයට කලින් රටේ නීතිය ක්රියාත්මක කළ යුතුයි.
අද උතුරේ නීතියක් නැහැ. පොලීසියට පාරේ බැහැල යන්න බැහැ. දකුණු ඉන්දියානු චිත්රපටිවල තිබෙන ස්වරූපයට එහේ සමාජය සකස් කරගෙන යනවාග මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුවේ නායකයන්ට නොහැකි යැයිද කීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත වැරදි කල හා කරන සැමට දිය යුතු උපරීම දඩුවම් දෙමින් විජයකලාටත් දඩුවම් කල යුතුයි.
වටිනා කියමනක්. රටේ නීතිය හරියට ක්රියාත්මක කෙරෙනවානම් ඔය කියන හැටහුට හමාරක්ම ඉන්න ඕනෑ ආණ්ඩුවේ උළු ගෙදර ජනෙල් කම්බි ගැන ගැන. අපටත් කියන්න තියෙන්නේ නීතිය හරියට ක්රියාත්මක කරන්න කියලා තමයි
ඔව් ඔව්. අර කේපීට, කරුණට ඔබේ කට්ටිය කළා වගේ. නේද අයිබෝන්...!
එම ප්රකාශය හරියටම හරි
ඒක ඇත්ත. නීතිය ක්රියාත්මක කල යුතුමයි.
රටේ නිතිය හරියට ක්රියාත්මක වුනානම් ඔබතුමා වටේ ඉන්න අයගෙන් බාගයකටත් වඩා ඇතුලේ.
ඒකම තමයි අපිත් කියන්නේ!
අද මේ රටේ නීතිය හරියට ක්රියාත්මක වුනා නම් අපි කවුරුවත් අද මෙතන නැහැ, ඒ වුනාට විජයකලාට විතරක් හරී නීතිය තදින් ක්රියාත්මක කරන්න ඕනා
අපිටත් තියෙන ප්රශ්නය ඒක තමයි. රටේ නීතිය හරියට ක්රියාත්මක වුනානම් බහුතරයක් දේශපාලුවෝ ඉන්න ඔනි ඇතුලේ.
කේ.පී., කරුණා අද කියන්නේ නැනේ, එල්ටීටිඊ එක ඕනේ කියල. ජවිපෙ එකේ සාමාජිකයන් කියන්නෙත් නැනේ අද සන්නද්ද අරගලයක් ඕනේ කියල. නමුත් උතුරේ විජේකලා දැන් කියන්නේ මොකක්ද එල්ටීටිඊ එක ඕනේ කියල.. මුලින්ම වර්තමාන තත්වය බලන්න. මේක ජාතික ප්රශ්නයක්, ජාතික තර්ජනයක්. මුළුමහත් ශ්රී ලාංකිකයන්ටම බලපාන, බෝම්බය, පක්ෂය හෝ ජාතිය හදුනන්නේ නැත. සැවොම විනාශ කරනවා. මේක දේශපාලනීකරණය කරන්න එපා. මුලින්ම හිතන්න අපිට නැවත යුද්දයක් ඕනෙද කියල? දෙමල දේශපාලකයන්ට නැවත යුද්ද ඕනේ ඇයි? අපි ඉස්සර පාසල් බයෙන් ගියා වාගේ ඔබට ඔබේ දරුවාව ඉස්කෝලේ යවන්න ඕනෙද? අම්මයි , තාත්තයි ඔෆිස් ගියේ බස් දෙකේ. බෝම්බයක් ගියොත් එක්කෙනෙක් හරි ඉතුරුවෙයි කියල.. අපිට ඕනේ සිංහල, දෙමල, මුස්ලිම් එකට ඉන්න. නමුත් කවුද සංහිදියාව නැති කරන්නේ..ඒ අයට දඩුවන් දෙන්නම ඕනේ..
ඔන්න වැට පැන්නා. කෙහෙල් මුවට කලින් කෙහෙල් කැන පැනලා.
ජනතාව අන්දන හැටි මෙන්න .
රටේ නීතිය නේද? රටේ මොන නීතියද පොඩි මිනිහට තියන නීතියද? ලොකු මිනිහට තියන නීතියද? පොඩි මිනිහට තියන නීතියනම් හරියට වෙනවා. ලොකු මිනිස්සුන්ට තියන නීතියනම් මම හිතන්නේ වෙන්නේ නෑ. විජයකලාත් මොනවා වුනත් ලොකු කෙනෙක්නේ එයටත් එ්නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ.
රටේ නිතිය වල්වැදුනම එහෙම තමයි. බලවතාට එක නීතියකුත් පොඩි මිනිහට තව නීතියකුත් වෙන්න බැහැ.
විජයකලා නැව් තිබෙන ඉතාම ධනවත් කාන්තාවක්. දේශපාලනය කරන්නේ එම දේපල රැකගන්න. අනික එක ප්රබල ඇමති කෙනෙක් කියලා තිබුණා රටේ නීති දෙකක් ක්රියාත්මක වෙන බව. මේ ප්රශ්නයත් දවස් දෙකක් තිබිලා යට යයි.