(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා නම් හිටපු නායකයින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන්ට කළ තර්ජනය ගැන සමාව අයැද ඒ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නැයි තමා දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා නිව්යෝක් ටයිම්ස් සිද්ධිය ගැන ප්‍රකාශයක් මතු කළ අවස්ථාවේදීය.
අගමැතිවරයා මෙසේද කීය.
එදා මාධ්‍යවේදීන්ට කරපු දේවල් අපි දැක්කා. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළා.පරණ පුරුදු දැන් යළිත් මතුවෙලා තියෙනවා. නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන්ට කළ තර්ජන ඉල්ලා අස් කරගන්න ඕනෑ.
එහෙම තර්ජනයක් කළා කියන්නේ ඒ පුවත්පතේ අයයි.මේ සිද‍්‍ධින් ගැන සී .අයි.ඩී එක දැන් විමර්ශනයක් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කතාවලින් වලින් වැඩක් නැහැ සර්, කරුණාකරලා ඒ එලිකරපු හොරකම් ගැන ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන්න.
සේන, මුකුත් කරන්න බැහැ හිතට එකගව දන්නවා එහෙම දෙයක් වෙලා නැහැ කියලා. ඉතින් පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද ?
ඔය එලිවෙන්නේ නිව්යෝර්ක් නාට්‍යයේ පිටපත් රචකයෝ. අඩු ගානේ ඇමරිකාවෙ මිනිස්සුවත් ගණන් ගන්නේ නැති මාධ්‍යයක් අල්ල ගත්තේ බැඳුම්කර සල්ලිවලින් නේ. ඒවට මිනිස්සුන්ගෙන් සමාව ගන්නේ නැද්ද?
ඒ මොකටද?
මහත්තයෝ, ඔය කතාව මේ බමුණුට පැහැදිලි කරන්නකෝ.