(ටෝනි කරුණනායක)
සුරාබදු නිලධාරීන් නොමැතිව පොලිස් නිලධාරීන්ට නීතිවිරෝධි කසිප්පු පෙරිම සහ විකිණිම සම්බන්ධයෙන් වැටලීම් සිදු කළ හැකි බවත් එම සැකකරුවන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරා එම නඩුව පවත්වාගෙන යාමට පොලිස් නිලධාරීන්ට බලය ඇති බවට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) වැනිදා තීන්දු කළේය.
ගම්පහ පොලිසිය මගින් කසිප්පු මිලිලීටර් 1500 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නඩුව සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ චානක කපුරු බණ්ඩාර මහතා කසිප්පු විකිණිම සම්බන්ධයෙන් පොලිසියට අධිකරණයේ නඩු පැවරිය නොහැකි බවට මූලික විරෝධතා ගොනුකර තිබුණි.
2017 වර්ෂයේ නොවැම්බර් මස 20 වැනි දින බදුවතුගොඩදී නිශාන්ත ප්‍රදිප් ආටිගල නැමැත්තාව කසිප්පු මිලිලීටර් 1500ක් සමඟ ගම්පහ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන 2017 නොවැම්බර් මස 21 වැනි දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 29 වැනිදා දක්වා රිමාන්ඩ්බාරයට පත් කර ඇති බවට අධිකරණයේදී සඳහන් විය.
2017 නොවැම්බර් මස 29 වැනිදා නඩුව නැවත කැඳවු අවස්ථාවේ සැකකරු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති හෙයින් රුපියල් 5000 ක මුදල් සහ ලක්ෂයක ශරීර ඇප මත සැකකරුවා මුදා හැර 2018 වර්ෂයේ අප්‍රේල් 25 වැනි දින නඩුව විභාගයට ගෙන තිබුණි.
නඩු විභාගය ආරම්භයෙදී නීතිඥ චානක කපුරු බණ්ඩාර මහති කසිප්පු සම්බන්ධයෙන් පොලිසියට නඩු පැවරිය නොහැකි බවට මූලික විරෝධතා ගොනු කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පොලිසිය වෙනුවෙන් පෙනී සිටිමින් ඉකුත් මැයි 23 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විරෝධතා වෙනුවෙන් කරණු ඉදිරිපත් කරනු ලැබීය.
සංශෝධිත සුරාබදු ආඥා පනතේ ඇති වගන්ති අනුව සුරාබදු නිලධාරීන්ට සම බලතල සෑම පොලිස් නිලධාරියෙකුටම හිමි වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල පොලිසියට පැවරීම
අනිවාර්යෙන්ම නීති විරෝධී කටයුතුවලට මැදිහත් වෙන්න නඩු පවරන්න හැකිවෙන්න ඕන. මීට පෙර උසාවිය මගින් දුන් පුර්වාදර්ශය නිවැරදි නොවේ .
කසිප්පු, විස්කි, බ්‍රැන්ඩි, අරක්කු සියල්ලම මත් වතුර වේ. කසිප්පු නිෂ්පාදකයෝ රජයට බදු නොගෙවයි. එම නිසා එය නීති විරෝධී වේ. සත්‍ය එයයි.
මතින් තොර රටක් හා දැහැමි සමාජයක් සදහා ශ්‍රීලංකාව තුල සියලුම මත්පැන් වර්ග ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම හා නිෂ්පාදනය සපුරා තහනම් කරමු. අන්‍යාගමික රටක් උවත් සෞදි අරාබිය තුල මෙය එතාමත් හොදින් තහනම් කර පාලනය කරනු ලබයි අපි බලමු. මේකේ අන්ලයික් කොපමණ වැටෙද කියලා.?
වොඩ්කා මත් බිම ගණයට වැටෙන්නේ නැහැ නේද. මොකද බොන කොට එකේ තියන වොඩ්කා රත්කරල නිවා ගත්ත වතුර වෙනවා කියල ඇමති කෙනෙක් කිවුව මතකයි. රට ජනතාව වෙනුවෙන් වැඩ කරන ඇමති වරුන්ගේ බේබිල බෝතල් වතුර බොන්නේ නැහැ වියදම වැඩි නිසා.බොන්නෙම උතුරලා නිවා ගත්ත ලිදේ වතුර. මේක ලිවුවේ ජනතාවට පරණ දේවල් අමතක වෙන නිසා. ලබන ඡන්දෙ එනකල් කඩින් කඩ පරණ දේවල් මතක් කල යුතුයි.