චාපා මධුභාෂිණී
මින්නේරිය හතරැස්කොටුව මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන ආයතනයකට අයත් කැබ් රථයකින් ගෝන මස් කිලෝ 40 ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගල්ඔය ප්‍රදේශයේ දී අද (4) සවස ගල්ඔය පොලිසිය කළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිටි ගෝනකු මරා මස් කර කිලෝ ග්‍රෑම් 1 මළු 40 ක් වෙන්කර ජාවාරම්කරුවෙකු වෙත ලබාදීමට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ගෝන මස් කිලෝ ග්‍රෑම් 40 ක් සමඟ ඝාතනයට උපයෝගී කරගත් පොරොවක් සහ අදාළ ජිප් රථය පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වරකාපොළ සහ රොටවැව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චුන්ද සුකර පරම්පරාවේ මෙම මස් වැද්දන් නිතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් කලයුතුය.
කලණි ළමයෝ, මේ මස් වැද්දෝ, අර ඉහලම මට්ටමේ සංචාරක හෝටල් වලට බඩු සපයන කොන්ත්‍රාත්කාරයෝ වෙන්න පුළුවනි!