අමදෝරු අමරජීව
මේ මස අවසන් වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු 33ක් ඉවත් කිරිමට සුදානම් වන බවත් රාජ්‍ය ඇමැතිනිය විජයකලා සිදුකර ඇති ප්‍රකාශය හා කඳවුරු ඉවත් කිරිම අතර සම්බන්ධතාවයක් පවතින බවට සැකයක් මතුවන්නේ යැයි සේරුවිල සංඝ සභාවේ සභාපති සේරුවිල මංගල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමියෝ නිවේදනයක් නිකුත්කරමින් පැවසිය.
එල්.ටි.ටි.ඊ සංවිධායන ඇති කිරිමේ කිරිමේ අවශ්‍යතාවය රාජ්‍ය ඇමැතිනිය පෙන්වා දෙන අතරේ රාජ්‍ය හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරිම තුළින් එයට පසුබිම සකස් කර දෙන බවට සැකයක් පවතින බව පෙනී යන්නේ යැයි සංඝ නායක හිමියෝ පැවසුහ.
නිවේදනයෙන් තවදුරටත් අදහස් දැක්වු ඒ හිමියෝ උතුරු නැගෙනහිර පළාත් දැනට ඇති විහාරස්ථාන 50කට පමණ දානය සපයන්නේ මේ කඳවුරුයි. මේවා ඉවත් කිරිම තුළින් විහාරස්ථානවල හිමිවරුන්ට දානය නැතිවීම පමණක් නොවෙයි ප්‍රදේශයේ ආරක්ෂාවත් අනතුරට වැටෙනවා.
ඒ නිසා මේ හමුදා කඳවුරු 30 වැනි දාට ඉවත් කිරිමේ සැලසුම හකුලා ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒවගේම විජයකලා රාජ්‍ය ඇමැතිනියගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිනවා. මේ ප්‍රකාශය සැලසුම් සහගතව කළ ප්‍රකාශයක් නිසා මේ ඇමැතිනියට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතු යැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වලට කලබල වෙන්න ඕනි නැහැ.......... මොකෝ දේශපලකයෝ කියන්න දේවල් දැන් කවුරුත් ගණන් ගන්නේ නෑ........ ඒගොල්ලන් නින්දෙන් නැගිටලා කියල දේවල් , යනවා එන්නාව දන්නේ නැහැ..................
ඔබවහන්සේ පමණක් නොවේ රටේ ජනතාවම මේ ප්‍රකාශයට විරුද්ධ වෙන්න ඕනේ අපේ විරෝදාර හමුදාව ලේ ඇස මස් පුදලා බේරගතු රට ආපසු කොටියට දෙන්න අපි කොහෙත්ම සුදානම් නැහැ........... මෙයාට මතක නැහැ තමුන්ගේ මනුස්සයව අමු අමුවේ මැරුවේ කොටි කියල....... ලැජ්ජාවක් නැත කම එකනේ මේවගේ ප්‍රකාශ කරන්නේ
ලොක්කන්ගේ සංහිදියාවේ තරම පේනවා විජයකලාගේ කතාවෙන්. දැන් මඩු වලිගෙන් තලන්න ඕනේ කාටද කියලා ජනතාව දන්නවා.
කොයි කාටත් කොටි නැතුව පාළුයි වගේම පාඩුයි කියලයි පෙනෙන්නේ.
මහ ඇමති කියනවා සම්පුර්ණ පොලිස් බලතල යාපනය පළාත් සභාවට අවශ්‍ය යයි කියා. මෙම රාජ්‍ය ඇමතිනිය ගේ ප්‍රකාශයෙන් එසේ පොලිස් බලතල ලබා ගැනීමට තිබු ඉඩකඩ ඇහිරී යනවා. රටට අවශ්‍යත් එයමයි. ඇයි මේ කලබල වෙලා.
දානය සපයන්නේ මේ කඳවුරුයි කියන එක පමණක් මේ කඳවුරු තියා ගන්න හේතුවක් නොවෙයි නේද හාමුදුරුවනේ. බොහෝ හමුදා කඳවුරු ඉවත් කිරිමට හේතුව එම ඉඩම් අයිති කරුවන්ට බාර දිය යුතු නිසා.
මේවට කාටවත් බැනල වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ. ජනවාරි 8 ලක්ස 62ක් ජනතාව මහින්ද මහත්තයව එලෝලා යහපාලනෙට ඡන්දේ දුන්නේ විජයකලා වගේ අයගේ ඔය වැනි ප්‍රකාශ අනුමත කරන නිසා තමයි. මේ තත්වෙට වගකියන්න ඕන කවුරුත්ම නෙමේ ජන්දේ දීපු ලංකාවේ ජනතාවයි.
රටේ අභිමානය සහ යුධ හමුදාවේ අභිමානය කෙලෙසමින්, ගෝඨාබය සහ හමුදා බුද්ධි අංශයේ සුලු පිරිසක් එක්ව රටේ නැවතත් ත්‍රස්තවාදය ඇතිකිරීමට උත්සාහ කරයි. දෑස් ඇර බලනු
"විහාරස්ථාන 50කට පමණ දානය සපයන්නේ මේ කඳවුරුයි." දානය නැතිවන බැවින්, මිනිසාගේ නිදහස නැති කිරීම, බුද්ධ දර්ශනයට එකඟද? නමුත් දකුණේ සියලු කදවුරු රෝඩ් බ්ලොක්ස් 2010 ඉවතට. 1988-89 ජවිපෙ භීෂනය සහ තස්ත්‍රවාදය. අවුරුදු 5 ට පසු, 1994 දී ජවිපෙ ජනපති ඡන්දයට ඉල්ලති. 2009 එල්ටීටීඊ හමාරයි. දැන් අවුරුදු 9 ට පසු ? එල්ටීටීඊ තහනම ඉවත් කර ඔවුන් ජවිපෙ මෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නොගන්නේ නැවත එල්ටීටීඊ යුද්දයක් දකුණට ඕන නිසාද? ජවිපෙ මිට වඩා පාර්ලිමේන්තුවේදී අවංක වන්න.
ජාතිවාදය නැතිතැන මේ දේශපාලුවන්ට පැවැත්මක් කොහෙන්ද. විශේෂයෙන් උතුරේ ඉන්න අය...
විජයකලා එල්.ටි.ටි.ඊ සංවිධායනය නැවත අවශ්‍යයි සිදුකර ඇති ප්‍රකාශය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. බොහෝ දෙනා තමන් මුහුණ පාන සමහර පීඩාකාරී අවස්ථාවලදී මෙවැනි ප්‍රකාශ සිදු කරනවා. මේ ප්‍රකාශය මෑතකදී කෙනෙක් ලංකාවට හිට්ලර් කෙනෙක් අවශ්‍ය යයි කිවා වගේ දෙයක්. නමුත් වචනයේ පරිසමාප්තියෙන්, මේ ප්‍රකාශන වල කිසිම අර්ථයක් නැහැ.
දැන් මේ රටේ හුගක් දේවල් වෙන්නේ මමත් නොදැන ඒ විදියට තමයි අපේ හාමුදුරුවනේ අතිගරු ජනපති
හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඒ ප්‍රදේශ වල සිවිල් පාලනය තහවුරු වී ඇති නිසායි. රටේ හදිසි නීතිය ක්‍රියාත්මක නොවන නිසා හමුදාව උතුරු නැගෙනහිර පළාත්වල සිටියද ඔවුනට සිවිල් පරිපාලන කටයුතු මැදිහත් විය නොහැකිය. ඒ නිසා හමුදා කදවුර තිබුණා කියා කල හැකි බලපෑම අවමයි. ඒවගේම එක එක මිනිසුන්ට විවිධ මත තිබිය හැකි අතර එවැනී මත ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන පරික්ෂාකාරී වීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගත හැකිද යන්න ප්‍රශ්ණයකී.
ඒවා පෞද්ගලික ඉඩම් නම් අයිතිකාරයින්ට දෙන්න ඕනේ. හමුදා කඳවුරු සඳහා සුදුසු ස්ථාන හඳුනාගෙන හමුදාව එම තැන් වලට යාම තමයි වෙන්න ඕන. කල් තිබුනනේ මේ කාර්යයන් වෙනුවෙන්. නැත්නම් මේක හිඟන්නාගේ තුවාලේ වගෙයි.
මාළුවා නහින්නෙත් කට හින්දලු...