(මහේෂ් කිර්තීරත්න)
මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන තමා ඇතුළු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය අද (4) ලබාගත් බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්කොන්, ටී.ජි ජයතිස්ස, තිලක් බණ්ඩාර යන මහත්වරුන්ය.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල කාර්යාලයේ දී මෙම සාමාජිකත්වය ලබාගත් බවත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd