නව රසායනාගාරයක් හදන්න ඇමරිකාව එක්ක ගිවිසුමක් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) අත්සන් තැබිණි. 15 July 2025
හෙද සේවයට අලුතෙන් 3500ක් හෙද සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට ගැසට් නිවේදන දෙකක් ලබන සිකුරාදා නිකුත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 15 July 2025
ආණමඩුව සභාව යළිත් අද රත් වේ ආණමඩුව ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම දින නියමයක් නොමැතිව දෙවැනිවතාවටත් කල් දැමීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මිය කටයුතු කළාය. 15 July 2025
තීරුබදු තවත් අඩු කරගන්න උත්සහයක් තීරුබදු නැවත සාකච්ඡා කිරීමේ නව උත්සාහයේදී, ශ්‍රී ලංකාව එක්සත් ජනපද වෙළඳපොලේ තරඟකාරී වීමට තම නිෂ්පාදන සඳහා වත්මන් අනුපාතය සියයට 30 සිට සියයට 20 දක්වා අඩු කිරීමට දැඩි උත්සාහයක් දරයි. 15 July 2025
තැපෑලේ සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න බෑ විධිමත් සාකච්ඡාමය විසඳුමකට එළඹෙන්නේ නැතිව කරන තැපැල් වැඩ වර්ජනය කිසිසේත් අනුමත කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 15 July 2025
මළ අප ජල පිරිපහදුව යාන්ත්‍රික වෙයි පළාත් පාලන ආයතන වලින් සිදු කරන මළ අපජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිකර්ම පද්ධති ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
සබරගමු සරසවි දූෂණ හොයන්න විමර්ශන කමිටුවක් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍යමය ආක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත 15 July 2025
ඉසුරු සොයා මාස 6ට 144,000ක් එතෙර ගිහින් 2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ මාස 6ක කාලයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 15 July 2025
ඇඟේ වැඩි යකඩ ඉවත් කරන බේත ගේන්න ප්‍රසම්පාදනය දෙයි ඩෙස් පෙරි ඔක්සමින් මෙසිලේට් එන්නත් බීපී මිලිග්‍රෑම් 500 න් වයල් 400,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනිවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
සයිබර් ආරක්ෂාවට අලුත් වැඩක් අරඹයි ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය - 2025-2029 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
රට ඉන්න අයට ඔන්ලයින් මගින් පාස්පෝට් ඉල්ලන්න අවසර විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
සීතාවක ප්‍රා.ස.ඡන්ද විමසීම යළි කල් යයි සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උපසභාපතිවරයකු පත්කර ගැනීම සඳහා පැවැත් වූ ඡන්ද විමසීම අද (15) දින දෙවැනි වරටත් නියමයක් නොමැතිව කල්තැබීමට බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය කටයුතු කළාය. 15 July 2025
විද්‍යුත් වාණිජ බද්ධ ගැන හොයන්න නිලධාරී කමිටුවක් දේශ සීමා මායිම් හරහා රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු (Cross- Broder E-Commerce) මත බදුකරණය ගැන සොයා බැලීමට නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
අලුත් දුම්රිය බලවේග කට්ටල පහක් ලංකාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 5 ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
සාප්පු-කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනයට සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
පුංචි රෝහල් දියුණු කරන්න ආසියා සංවර්ධන බැංකු සහය ද්විතීයික සත්කාර රෝහල් වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිට ඇප ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දූෂණ ක්‍රියා කිරීමේ සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය. 15 July 2025
රුසියාවට සියයට 100 ක් තීරු බදු ! රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින් සාමප වැඩ පිළිවෙළකට යෑමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උනන්දුවක් නොදක්වන්නේ නම්, රුසියාවට සියයට සියයක තීරු බදු පැනවීමට කටයුතු තරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. 15 July 2025
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂිට ඇප රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 250000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු සලසමින් අයුතු ලාභයක් ලබා රෝගීන්ට අලාභයක් කළේ යැයි යැයි රක්ෂිත බන්ධනාගාරගත ව සිටි 15 July 2025
වියානා ඇළට මෝටර් රිය පෙරැළි දෙන්නෙක් මරුට බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ දී අද (15) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇළට පෙරලීයාමෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු මියගිය බව මහියංගන පොලිසිය පවසයි . 15 July 2025
විපක්ෂයට බලය අල්ලන්න උදව් කලාට රනිල්ට දොස් ආණ්ඩු පක්ෂයට බහුතරය නැති පළාත් පාලන ආයතන වල බලය අල්ලා ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම විරෝධතාවයක් එල්ල කර තිබේ. 15 July 2025
‘භාතිය‘ අවසන් ගමන් යයි පාදයේ තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලෑබු ‘භාතිය‘ හස්තියා අද(15) උදෑසන මියගොස් තිබේ. 15 July 2025
පළාත් ඡන්දෙට මැකෝත් පස්ස ගහලා විවිධ නීතිමය ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තව කාලයක් යනු ඇතැයි වාර්තාවේ. 15 July 2025
ජනපති- සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානී හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 15 July 2025
පී.සී අල්ලස් දැලේ රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් තුන්දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රද්දොළුගම පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයෙකි. 15 July 2025
හොර නොට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 10 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි. 15 July 2025
සැක ජීප් රියක් හිඹුටානෙන් සොයාගනී මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද බවට සැක කරන ලද ජිප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 15 July 2025
උඩුකය නිරුවත් කර පාරේ ගිය විදෙස් කත පොලිස් බාරයට උඩුකය නිරුවත් වන ආකාරයට පාරේ ගමන් ගත් විදේශිය කාන්තාවක පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 15 July 2025
සබරගමුව ඇතුළු දිසා කිපයකට අදත් වැසි සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 July 2025
සැමට සෙවණ දෙන්න ප්රචාරක වියදම කෝටි ගානක් යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන විවෘත කිරීමේ ප්රචාරක වියදම සඳහා පමණක් රුපියල් 523,664,286 ක මුදලක් වැය කොට ඇතැයි නිවාස සංවර්ධන අධිකාරියේ සම්පත් කළමනාකාරණ ඒකකයේ මුදල් කොට්ඨාසය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 14 July 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026