ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළේ නෑ - මහ බැංකු අධිපති ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර නැතැයි ද එය වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන්නේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (14) පැවැසීය. 14 November 2018
‘ගජ’ සුළි කුණාටුවේ බලපෑම උතුරු පළාතට මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුවේ බලපෑමෙන් හෙට (15) සවස් කාලයේ සිට උතුරු පළාත හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල ඉතා සැඩ ප්‍රහාරාත්මක සුළං හැමිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 November 2018
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්න කැබිනට් අනුමැතිය ඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙවර පළාත් සභා මැතිවරණය පමණක් පැරණි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ කාන්තා නියෝජනය සියයට 25ක් තහවුරු වන අයුරින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 14 November 2018
‘‘ප්රජාතන්ත්රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජවිපෙට පමණයි‘‘ අශිෂ්ටත්වයට පත්වූ ප්රජාතන්ත්රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 14 November 2018
‘දෙපාර්ශ්වයටම බහුතරය නැහැ‘ රජයට හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය යන දෙපාර්ශවයටම පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතැයි ජනමාධ්‍ය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 14 November 2018
ලුණු ලේවායේ හිටපු සභාපතිට මැර ප්‍රහාරයක් හම්බන්තොට ලුණු ලේවායේ හිටපු සභාපති ආයුබ්ඛාන් මහතා ඇතුළු තිදෙනෙකුට අද (14) ලුණු ලේවාය අසළදී කිසියම් පිරිසක් විසින් පහර දි ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි. 14 November 2018
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති යළි වෙනස් වෙයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ජී. එස්. විතානගේ මහතා පත් කර තිබේ. 14 November 2018
පවතින අර්බුදය 78 දෙමුහුන් ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයක් වර්තමාන අර්බුදය, මූලය පවතින්නේ 1978 දෙමුහුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යැයි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති, මව්බිම වෙනුවෙන් වෘත්තියවේදියෝ සංවිධානයේ සභාපති ආචාර්ය ඩබ්ලිව් ඞී රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේය. 14 November 2018
ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල තීන්දුවක් ගනීවි කතානායකවරයා විසින් යොමු කළ අත්සන් ලේඛනය සහිත ලිපිය ලැබුණු පසු ජනාධිපතිවරයා ඉදිරියේ දී ව්‍යවස්ථානුකූල තීන්දුවක් ගනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා පැවසීය. 14 November 2018
‘අධිකරණ තීන්දුව ජනතා ජයක්‘ විධායක ජනාධිපතිවරයෙක් විසින් නිකුත් කළ ගැසට් පත්‍රයක් තාවකාලිකව හෝ අත්හිටුවා අධිකරණ නියෝගයක් ලැබී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද එය ප්රජාතන්ත්රවාදය අගයන ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (14) පැව 14 November 2018
‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරනවා‘ “පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්බුදයක් තිබේ නම් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැදී සිටිනවා. අධිකරණයට ඉදිරිපත් වන කරුණු අනුව අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව පිළිගන්න අපි සියලු දෙනාටම සිදු වෙනවා.” 14 November 2018
විද්‍යුත් තැපෑල- සමාජ මාධ්‍ය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචා විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ ජනතාව මුළාකරමින් මහා පරිමාණ මූල්‍ය වංචාවන් සිදුවන බවට පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 14 November 2018
මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් සහිත විරෝධතා ලිපිය ජනපතිට යවයි අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිතුමා වෙත යොමු කරන බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි. 14 November 2018
රුපියල යළිත් පහළම අගයට දේශපාලන අර්බුදය මධ්‍යයේ රුපියලේ අගය තවදුරටත් පහළ හෙළමින් ඩොලරයේ අගය රුපියල් 177.62 ක් දක්වා අද (14) ඉහළ ගියේය. 14 November 2018
‘වලංගු නැති පාර්ලිමේන්තුවක තීරණ වලංගු නෑ‘ වලංගු භාවයක් නැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බවත් කවුරු මොන කතා කීවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිගටම කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 14 November 2018
කොළඹ ජාතික රෝහලේ පරිභෝජනයට නුසුදුසු හාල් තොගයක් ආහාරපාන ලබාදීමේ කොන්ත්‍රාත්තුව යටතේ සැපයුම්කරුවන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් තොගයක් සපයා ඇති බවට කොළඹ ජාතික රෝහලේ සේවකයින් පිරිසක් රෝහල් බලධාරීන්ට පැමිණිලි කර ඇත. 14 November 2018
ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව දිනපතා විභාගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතාට එරෙහි නඩුව හෙට (15) සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය අද (14) තීරණය කර තිබේ. 14 November 2018
වඩ්වේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි ‘මම පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට මම ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය. 14 November 2018
පාක්ෂිකයන් අතර උණුසුම් තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසළ පාක්ෂිකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 14 November 2018
සමූහ මිනී වලෙහි කැනීම් තාවකාලිකව නවත්වයි මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි සිදු කල කැනීම් කටයුතු අද (14) සිට තාවකාලික නවතා දැමූ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 14 November 2018
වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වීමට යයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට යන බව වාර්තාවේ. 14 November 2018
පාර්ලිමේන්තුවේත් ඡන්දය ගණන් කිරීම හරියට නැතිලු ආණ්ඩුවට එරෙහි යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ගණන් කළ ආකාරය හරියට සිදු නොවූ බව හිටපු ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පැවසීය. 14 November 2018
ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. 14 November 2018
දැනට ඇති ආණ්ඩුවට බහුතරය නෑ දැනට ඇති ආණ්ඩුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි. 14 November 2018
වසන්ත සේනානායක ඉල්ලා අස් වෙන්න යයි වනජිවී හා සංචාරක ඇමැති වසන්ත සේනානායක මහතා සිය ඉල්ලා ස්වීමේ ලිපිය බාරදීමට සුදානම් වන බව දැනගන්නට ඇත. 14 November 2018
ආණ්ඩුවේ තිදෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර මහත්වරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ. 14 November 2018
පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබයි ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ප්‍රකාශ කරමින් හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය. 14 November 2018
ජනපති ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් කියවයි පාර්ලිමේන්තුවේ නව සභා වාරයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. 14 November 2018
ජනාධිපති පාර්ලිමේන්තු නොඑයි කල් තැබූ පාර්ලිමේන්තුව අද(14) රැස්වන අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී නොවන බව ජනාධිපති මාධ්‍ය උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ’ලංකාදීප’යට පැවසීය. 14 November 2018
එජාප මන්ත්‍රීවරු කළුපටි පැළඳ පාර්ලිමේන්තු එති අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා මේ වන විට බොහෝ මැති ඇමැතිවරු පිරිසක් සහභාගී වි සිටිති. 14 November 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026