(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂණයක් ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින පුරා සිදු කෙරේ.
ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ජනාධිපතිවරණ ප්‍රතිඵල පූර්ණ ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගත හැකි පක්ෂයේ පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම්න් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්සයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි වුණු ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණය කර යථාර්ථයට මුහුණ දෙමින් සිංහල බෞද්ධ පදනම දිනාගත හැකි තරුණ නායකත්වයක් ගැන ද අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කිරිමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ජන්දයක් පරාද වෙලා තවත් ජන්දයක් දිනන්න ඕන නිසයි මොවුන්ට සිංහල බෞද්ධ ජන්ද ඕන, එහෙම නැතුව ඇත්තෙන්ම රට-ජාතිය ගැන කැක්කුමක් හෝ සෙනෙහසකින් නෙවෙයි. මොවුන් වැනි අවස්ථාවාදී දේශපාලන පක්ෂ සහ ඒවායේ පාක්ෂිකයින් ගැන ඇත්තටම ලැජ්ජා විය යුතුයි.
මේ වැඩේ අගය කල යුත්තකි.ස්තුතියි .
විශ්ලේෂණය කළොත් පෙනේවි ඉල්ලන්නේ ඊළම බව... ඔය ඊළාම් සිතියම නේද?
ඕකේ මහලොකු විශ්ලේෂණයක් කරන්න දෙයක් නෑ. ඉතින් හිතාගන්න පුලුවන්නේ ආණ්ඩු කරපු හැටි ඒකෙන්ම. ඔතන මූලික ලෙසම වෙලා තියෙන්නේ පාවෙන ඡන්ද වගේම අලුත් ඡන්දත් බොහෝමයක් ගෝඨාභය මහත්තයාට දකුණේදී ලැබීම සහ ලක්ෂ තුනක් වගේ මැද පන්තියේ එජාපයේ පාක්ෂිකයන් රටවටින්ම ගැලවීයෑම. ඒ වගේම එජාපයේ සැබෑ ඡන්ද පදනම ඔප්පු වීම. උදාහරණයකට 2019 ගෝඨාභය මහත්තයා සහ අනිත් කණ්ඩායම් අතර තියෙන්නේ ලක්ශ 7ක වගේ ගැප් එකක් (ජවිපෙ, මහේෂ්, පල්ලේවත්තේ මහත්තයා ඇතුලු බොහෝමයක් පිරිස් එකතු කළවිට). උදාහරණයකට කොළඹ සිරිසේන මහත්තයා ගියවර ලක්ෂ එකහමාරකින් වගේ දින්නා මෙවර ගෝඨාභය මහත්තයා එක්ලක්ෂ විසිදහසකින් විතර දින්නා.. ලොකු වෙනසක් නෑ. දකුණු පළාතේ ගාල්ල ගියවර මහින්ද මහත්තයා දිනන්නේ ඡන්ද අනූදාහකින් වගේ. මෙවර ගෝඨාභය මහත්තයා දිනන්නේ ඡන්ද ලක්ෂ දෙකකින් විතර. ඒ පාවෙන ඡන්ද අති බහුතරය ගෝඨාභය මහත්තයා දිනාගන්න සමත් වුණු නිසා. තව උදාහරණයක්, මොනරාගල මහින්ද මහත්තයා ඡන්ද හැත්තෑදාහකින් වගේ 2015 දින්නේ නමුත් ගෝඨාභය මහත්තයා ඡන්ද ලක්ෂයකින් වගේ මෙවර දිනනවා. කතා බොලඳ වීම, වැඩවර්ජන ඇදි ඇදී යෑම, රනිල් සාධකය වගේම දුර්වල රාජ්‍ය පාලනය තමා ඉතින් හේතු...
හරිම සරලයි. ආවා...කෑවා...ගියා...
කරුණාකර උගත්, බුද්ධිමත් පුද්ගලයෙක් වන පාඨලී චම්පික රණවකට පක්ෂයේ උපරිම තැනක් දෙන්න. වෙන විකල්පයක් නැත.
නැවතත් පොට වරද්දා ගෙන වැරදි පාරක යන්න හදන්නේ. අවුරුදු 4 ක් තිස්සේ කරපු වැරදි වැඩ ගැන සොයා බලන්න.
කුලියාපිටිය ආසනය වැඩි ඡන්දෙන් පැරදිලා.
කිසිම වැඩක් නොකරපු පාක්ෂිකයා හා පන්නපු පාක්ෂිකයා පක්ෂය සමග තරහා කරපු පක්ෂය විනාශ කරපු මහා ලේකම් හා අධ්‍යාපන ඇමති අකිල බව අපි බය නැතිව කියනවා.
මෙතන සිංහල බෞද්ධ ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. මම බෞද්ධ නෙමෙයි. ඒත් පසුගිය වසර 4.5 කාලය තුල ගෙනගිය ක්‍රියාකලාපය නිසා එජාපය තිත්ත උනා. සජිත් ගැන මට ප්‍රශ්නයක් නැති උනත් මම එජාපයට ඡන්දෙ දුන්නෙ නෑ. දැන් පරාජයට හේතුව හොයද්දීත් ඔවුන්ගේ නොහැකියාවම පෙන්නන බවයි මම දකින්නේ. උතුරෙ මිනිස්සු කොහොමත් දකුණට බර නිසා ඡන්දෙ දුන්නා. ගෝඨා වෙනුවට කරුණ අම්මාන් පොහොට්ටුවෙන් ආවත් දකුණෙ මිනිස්සු ඡන්දය දෙනවා.
සිංහල බෞද්ධ ජන්ද දිනා ගන්න එක නෙවෙයි කරන්න ඕනේ. සිංහල බෞද්ධ විදියට පොළොවේ පය ගහලා බොරුව වංචාව නැතිව රට කරවන්න ඕනේ. නැතිව සිංහල බෞද්ධ කියලා රටේ පාලනයෙන් ජන්ද අරගෙන මිනිස්සුන්ව රවට්ටන එක නවත්තන්න. හරියට කළොත් දිනන එක ලොකු දෙයක් නෙවෙයි.
අපේක්ෂාව උනේ දිනීම පමණයි. ඒකම තමයි පරාජයට හේතුව. සිංහල ජනතාව අමතක කර දිනන්න පුළුවන් කියලා හිතපු එකේ ප්‍රතිඵලය තමයි ඔය. ඉස්සරවෙලාම ඔය කට හැකර අය ටික එලවලා, මොලේ පාවිච්චි කරලා කතා කරන අය ලංකර ගත යුතුයි. වැඩකට නැති කතා කරලා දැන් ජනතාව අන්දවන්න බැහැ . දිවුලපිටියට ගිහින් කියපු කතාවෙන් තවත් වැටුනා. සමහරු හතර කොනේ එල්ලන්න හැදුවා. ආසන්නයේම කියපු කතා ටික ගැන ආවර්ජනය කරලා බැලුවොත් වැටහේවි කරගත් මෝඩකම ගැන.
මොන විශ්ලේෂණද මහත්තයෝ දැන්, කරන්න ඕන දේ උවමනා වෙලාවට නොකළ වැරැද්දනේ තියෙන්නේ. ඔය පක්ෂයේ නායකයගෙයි වටේ ඉන්න ගෝල බාලයන්ගේ දුෂ්ට සහ මෝඩ වැඩ මේ පරාජයට හේතු වුන බව ගමේ අපිට නම් තේරෙනවා.