කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි ද නිලධාරීන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ යැයි ද එරට නීතිපතිවරයා අද (15) ප්‍රකාශ කළේය. 15 November 2018
ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරම වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ක්‍රමවේදයක් සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන චීනය සඳහන් කර ඇත. 15 November 2018
විශ්වාස භංගය හෙට යළිත් - බහුතරය පෙන්වන්නැයි ජනපති කියයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට අද සවස දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 15 November 2018
‘‘අද ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට නරක දවසක්‘‘ - ජර්මානු තානාපති ශ්‍රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්රජාතන්ත්රවාදී සම්ප්‍රාදයක් ඇති බවත් එහෙත් අද (15) ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට ඉතා නරක දවසක් බවත් මෙරට ජර්මානු තානාපති යර්න් රොඞ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 15 November 2018
‘‘රට අස්ථාවර කිරීමේ වගකීම ජනපති බාරගත යුතුයි‘‘ අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැති රටක් බවට පත්කර රට අස්ථාවර කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (15) පැවැසීය. 15 November 2018
ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්සත් ජාතික පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් මේ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙමින් තිබේ. 15 November 2018
‘‘තෙල් මිල සූත්‍රය අහෝසියි‘‘ මහ බැංකු අධිපතිවරයා කුමක් ප්‍රකාශ කළ ද තෙල් මිල සූත්‍රය මේ වන විට අහෝසි කර ඇතැයි කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය. 15 November 2018
මන්ත්‍රී දිලුම්ට ශල්‍යකර්මයක් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද (15) පෙරවරුවේ ශල්‍යකර්මයක් සිදුකර තිබේ. 15 November 2018
මැති සබේ ගැටුමෙන් මන්ත්‍රීවරු පිරිසකට තුවාල:අයෙක් රෝහලේ මැතිසබයේදී අද(15) පෙරවරුවේ ඇතිවූ ගැටුමේදී මන්ත්‍රීවරු කිහිපදෙනෙක් තුවාල ලැබූහ. 15 November 2018
’විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පිහියෙන් අනින්න උත්සහ කළා’ මැතිසබයේ ගැටුම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙනවිත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇනීමට උත්සාහ දැරූ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය. 15 November 2018
‘ පාර්ලිමේන්තුවේ ගැටලූවලට හේතුව කථානායකවරයාගේ හැසිරීමයි‘ කථානායකවරයා කිසි දේකට එකඟ නොවී ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරමින් පාර්ලිමේන්තුව තව තවත් අවුල් කරන්නේ යැයි ද පවතින සියලූ ගැටලූවලට හේතුවී ඇත්තේ කථානායකවරයාගේ හැසිරීම යැයි ද මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. 15 November 2018
ශ්රීලනිපය යටපත් කිරීමට ගන්නා උත්සාහය හෙළා දකිනවා ජනවාරි අට වැනි දා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහි වූ කොටස් සමඟ එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින බව හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියන්නීය. 15 November 2018
ඉන්ධන මිල තවත් පහළට පෙට්ට්‍රල් හා ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් අඩු කරන බව ඛණිජ තෙල් හා කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 15 November 2018
කෝටි එකහමාරක මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල නව නුවර පාරේදී අද (15) පෙරවරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 15 November 2018
ටවුන් හෝල් වාහන තදබදයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට මාර්ගයන් හි දැඩි රථවාහන තදබදයක් පවති. 15 November 2018
අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හැර සියලුම අමාත්‍යංශවලට ආරක්ෂාවට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ කාර්ය බළකාය යොදවා ඇත. 15 November 2018
පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ “අඹ සුජී” අත්අඩංගුවට පුද්ගල ඝාතනයන් දෙකකට හා තිදෙනෙක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධින් වල ප්‍රධාන සැකකරු වන ‘අඹ සුජී‘ නොහොත් ජූලම්පිටිය ගමගේ සජිත් කුමාර නම් තැනැත්තෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. 15 November 2018
මහින්දට එරෙහි පක්ෂ නායකයෝ අද සවස ජනපති හමුවෙති අද සවස 5ට පක්ෂ නායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 15 November 2018
පාර්ලිමේන්තුව හෙට යළි රැස්වෙයි පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට යළි කැඳවීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව කතානායක මාධ්‍ය අංශය පවසයි. 15 November 2018
රුපියලේ අගය තවත් පහළට ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇත. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 178.10 ක් දක්වා අද (15) ඉහළ ගියේය. 15 November 2018
පාර්ලිමේන්තුවේ බහුතරයට කන් දෙන්න’යි කතානායකගෙන් ජනපතිට ආයාචනයක් පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී අප දේශය මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීමට වහාම ක්‍රියාකරන ලෙස සියලු පුරවැසියන් වෙනුවෙන් හා නූපන් අනාගත පුරපුර වෙනුවෙන් ගෞරවයෙන් ආයාචනා කරන බව කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. 15 November 2018
'කතානායකට හිංසා කරන්න හැදුවා' ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදු කරන්නට උත්සාහ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. 15 November 2018
පක්ෂ නියෝජිතවරු ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවට සහාය දැක්වූ දේශපාලන පක්ෂ නායකයන් ජනාධිපතිවරයා විසින් අද උදෑසන8.30ට සාකච්ඡාවකට කැඳවනු ලැබූවත් එය ප්‍රතික්ෂේප කළ බව පක්ෂ නියෝජිතයෝ කිහිප දෙනෙක් කීහ. 15 November 2018
පක්ෂ නායක රැස්වීම තීරණයකින් තොරව අවසන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන් විය. 15 November 2018
පාර්ලිමේන්තුව හෙට යළි කැඳවයි පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට යළි කැඳවීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව කතානායක මාධ්‍ය අංශය පවසයි. 15 November 2018
කතානායකවරයා ව්‍යවස්ථාවත් ස්ථාවර නියෝගත් නොසලකා හැරලා විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර කතානායකවරයා ක්‍රියාකර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. 14 November 2018
ජනපති විශ්වාස භංගයට සහය පලකළ පක්ෂ නායකයන් කැඳවයි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකන්ට හෙට උදෑසන 8.30ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දී ඇතැයි ආරංචි මාර්ග කියයි. 14 November 2018
විශ්වාසභංගය පිළිගන්නේ නෑ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙනආ විශ්වාසභංගය තමන් පිළිනොගන්නා අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය ලෙස දිගටම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩායම ක්‍රියාකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (14) පැවසීය. 14 November 2018
‘‘හොඳම විකල්පය අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම‘‘ අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම තිබෙන හොඳම විකල්පය යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (14) පැවැසීය. 14 November 2018
හෙට පාර්ලිමේන්තුවේදී මහින්දගෙන් ප්‍රකාශයක් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාසුදේව නානායක්කාර මහතා කියයි. 14 November 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026