(නිමන්ති රණසිංහ)
තම නිල නිවේදන නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් කරන ලද ප්‍රකාශ ලෙස හුවා දක්වමින් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස් බුක් හා ට්විටර් ගිණුමේ මෙම නිවේදනය භාෂා තුනෙන්ම නිකුත් කර තිබුණේ අද පස්වරු 5 ට පමණය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් කරන ලද ප්‍රකාශ ලෙස හුවා දක්වනවා නම් එම ප්‍රකාශ මුලාරම්භය වූනේ කොහෙන්ද කියලා සොයලා කල අයට දඬුවමක් දෙන්න.
හරියට හරි. බොහොම සතුටුයි
නියමයි. නැත්නම් රටේ ඉදිරියට ඔබතුමා කීවා කියා නොයෙක් දේ පල කරාවි, අපේ තීරණය නිවැරදි කියා ඔබතුමා මුල සිටම පෙන්වමින් සිටිනවා තෙරුවන් සරණයි!
නිල මාධ්‍ය ප්‍රකාශයෝ හැටියට හිතාගෙන ඉන්න අයත් වටේ කැරකෙන හින්දා මෙහෙම පැහැදිලි කරලා දෙන එක ඉතාම හොඳයි.
හංසයන්ගේ ගේ දුක අපිට හොඳටම තේරෙනවා . දැන්වත් ඉතින් අඩන් නැතුව ඔෆිස් වල වැඩක් කරන්න.