(නිමල කොඩිතුවක්කු)
පක්ෂයේ අනාගතය ගැන සිතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන නව නායකයන් සමග නව එක්සත් ජාතික පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(22) පැවැසීය.
ජනාධිපතිවරණ ප්‍රථිඵල ගැන විග්‍රහයක් කර පක්ෂයට අහිමි වූ සිංහල බෞද්ධ පදනම යළි ලබා ගැනීම වෙනුවෙන් නව වැඩපිළවෙළක් සකස් කරන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරණය වෙනුවෙන් කටයුතු කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“අගමැති කාර්යාලයටත් අමාත්‍යාංශයටත් සමුදීලා මගේ කටයුතු අවසන් කළා. සිරිකොතටත් පැමිණ මේ වැඩ කරපු ඔබ සියලු දෙනාටමත් ස්තූති කරන්න මගේ යුතුකමක් තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී සිරිකොත මන්දිරයත් පක්ෂ යාන්ත්‍රණයත් කරපු සේවයට මම ඒ සියලු දෙනාටම ස්තූති කරනවා.
විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේදී අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා මම යෝජනා කළා. අපි ඒකච්ඡන්දයෙන් ඒ යෝජනාව පිලිඅරගෙන අනික් පක්ෂ සමග මේ ඡන්දෙට ගියා.
මේ ඡන්දය තිබුණු අවස්ථාවේදී ඒ යාන්ත්‍රණයත් ඒ ඡන්ද ව්‍යාපාරයට භාර දුන්නා. මේ යන්ත්‍රණයත් සිරිකොතත් ඒ වැඩකටයුතු කරපු බවට මට සහතික වෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේ මැතිවරණ ව්‍යාපාරය අඩපන කරා කියන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රණයෙන්වත් සිදුවුනේ නැහැ.
අපි අපේ ප්‍රධාන සාමාජිකයන්ට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සියලු දෙනාටම එක එක වගකීම් භාරදුන්නා. මම බාර ගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද වල වගකීමයි. ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩි කරන්න අවස්ථාව ලැබුණා.
ඒත් අවාසනාවකට අනික් දකුණු පලාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. ඒක මේ පරාජයට හේතුවුණා. සමහර දිස්ත්‍රික්ක අපි ජයග්‍රහණය කරාට සමස්තයක් විදියට අපි ඒ පරාජයට පත්වුණා.
දැන් විශේෂයෙන්ම අපිට පේන හැටියට අපි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම, විශාල සංවර්ධනයක් ඇති කිරීම, නීතිය හා සාමය ඇති කිරීම, සමාජ සේවා දියුණු කිරිම යන කාරණා එකකින්වත් අපිට බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබුනේ නැහැ.
මේ පක්ෂයට සිංහළ බෞද්ධ පදනම නැති වූ එක ගැන මීටත් වඩා අපේ අවධානය යොමුවෙන්න වුවමනායි. මේවගේ දෙයක් මීට ඉස්සෙල්ලා අපිට සිදුවෙලා නැහැ. ඒ ගැන විශේෂයෙන්ම අපි සොයා බැලිය යුතුයි.
මේ නිසා අපි අනාගතය ගැන තීරණ ගැනීමත් සමගම මේ ප්‍රථිඵල ගැන විග්‍රහයක් කරන්න වුවමනායි. ඒ ගැන විග්‍රහයක් කරලා තමයි අපිට ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ. අන්න ඒ ගැන මම විශේශයෙන් මතක් කරන්න කැමතියි.
අපි මේ ගැන එකිනෙකාට ඇඟිලි දික් කර කර චෝදනා කිරීමෙන් මේක සාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පක්ෂයටවත් මේ නිලධාරින් කාටවත් මූල්‍ය කටයුතු ගැන වගකීමක් තිබුනේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි මූල්‍ය කටයුතු බාර ගත්තෙත් නැහැ. එහෙම චෝදනාත් මම ප්‍රතික්ෂේප කරනවා. පක්ෂය පිළිබඳ මේ වගේ චෝදනා කරනවනම් ඒ ගැන විභාග කරලා ඒවා අසත්‍යයයි නම් ඒ ගැන අපි තදින් ක්‍රියාකරනවා.
මේ අවස්ථාවේ අපිට පක්ෂයේ අනාගතය ගැන හිතන්න තිබෙනවා. පක්ෂයේ අනාගතය ගැන හිතලා නව නායකයන් ඉදිරිපත් කරන්න අපිට තිබෙනවා. ඒ වගේම මේ විග්‍රහය අනුව අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න අපි මේ අයට භාර දෙන්න ඕන. එතන දිනන නායකත්වයක් ඇති කරන්න තිබෙනවා. ඒ පරිවර්ථනය එතකොට අවසන් වෙනවා. අපිට භය නැතුව ඒ නායකත්වය එක්ක ඉදරියට යන්න අවසතාව ලැබෙනවා.
බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ යම්කිසි වැරුද්දක් වුනහම ඒ පිලිබඳ ඇඟිල්ල දිගු කරන එක නෙමෙයි. බෞද්ධයන් හැටියට ඒ වරද වටහා ගන්න ඕන. ඒ වරද වටහා ගත්තට පස්සේ ඒ වරද නිවැරදි කරගන්න අපිට පියවර ගන්න තිබෙනවා. එහෙම නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියක් අපි වටහා ගත්තම තමයි අපිට ඉදිරියට යන්න තිබෙන්නේ.
ඒ නිසා අපි මේ වැඩසටහන ගැන හිතලා මේ වැඩසටහනට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගෙන නව එක්සත් ජාතික පක්සයක් විදියට ඉදිරියට යමු. මෙතෙන්ට පැමිණි මේ සේවය කරපු ඔබ සියලු දෙනාටම මම යලිත් මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා”යැයිද ඔහු එහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූපය ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් අන්තිමට ජෝකර් කෙනෙක් විදියට තරුණ පරම්පරාවට පේන්න ගත්තා. එයාගේ වල කපා ගත්තේ එයාමයි. රනිල් මහතා නායකත්වයේ ඉන්න ගමන් මම කියන්නේ නවීන් දිසානායක වගේ බුද්ධියක් තිබෙන තරුණ නායකයෙක් නියෝජ්‍ය නායකයා කළ යුතුයි. එතුමාගේ තාත්තා ගැන වුණත් මිනිස්සුන්ට කියන්න දෙයක් නැහැනේ...
මොකක්ද මෙයා මේ කියන්න හදන්නේ...? මට පේන්නේ අායෙත් එන්නයි.
එජාපය එකට අනාගතයක් ඉතුරු වෙන්න නම් නවීන් දිසානායකට නායකත්වය බාර දෙන්න. සජිත් අසමත් බව මනාව ඔප්පු වෙලා තියෙනවා. අවශ්‍ය වන්නේ ප්රබුද්ධ නායකත්වයක්...
ක්‍රිස්තියානිකම අතඇරලා බෞද්ධ වුණා බලය අතට ගන්න.. හැබැයි පස්ස බිම ඇනුණු වෙලාවේ තමයි බෞද්ධකම මතක් වෙලා තියෙන්නේ.. අර මංගලටත් පොඩ්ඩක් බෞද්ධකම මතක් කරලා දෙන්නකෝ...? ඔය මතක් වෙච්චි ගැම්මටම... ආයෙමත් අමතක වෙන්න කලින්...
ඔන්න බොලේ දැන් මෙයාට සිංහල බෞද්ධ පදනම මතක් වෙලා. මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කීවේ අපි නොවෙයි. ඔහේගේ ආණ්ඩුවේ මුදල් ඇමති. ඔහෙට දුර දක්නා නුවණ තියෙනවයි කීවේ මොලේ කලඳක් නැති ගොයියෝ.
අපට නවීන් දිසානායක අවශ්‍යයයි .තවත් විකට නළුවෙක් වූ සජිත් එපා. අපිට ඕනේ නවීන් වගෙ පිරිසිදු බෞද්ධයෙක්. මූලධර්මය අදහන්නෙක් නෙමේ.
ඔබතුමා ඔය පක්ෂේ ඉන්නකල් එජාපය දිනන්නේ නෑ.
ඔබතුමා වැනි විදේශිකයන්ට ගැති රටට ආදරයක් නැති පක්ෂකට මිනිසුන් ඡන්දෙ දෙන්නෙ නැ ආයෙත් නම් .
දවල්ද?
ඡන්ද ලබා ගැනීම සඳහා සිංහල, බෞද්ධ පදනම ගොඩනැගීමත්, සිංහල බෞද්ධ පදනම ඇති නිසා ජනතාව ඡන්දය දීමත් යනු එකිනෙකට වෙනස් කාරණා දෙකකි.
1994 ඉඳන් කියන්නේ ඔය ටික තමයි.
රනිල් සර්, සංඝරත්නයේ ආශිර්වාදය ලබාගන්න හොඳම පුද්ගලයා මංගල සමරවීර මැතිතුමායි..
අර වගේ හාමුදුරුවෝ ටිකක් තව ලංකර ගත්තනම් තවත් ලේසියි.
මැරෙනකල් නායකත්වය දරන්න පුළුවන්. එ්ත් රට ගැන සහ පාක්ෂිකයා ගැන හිතලා අස්වෙන්න.
තව අවුරුදු 10 ක් වත් රනිල් මහත්තයා ඉන්නවා. විපක්ෂ නායක. පක්ෂ නායක. ඒ වටා ඉන්නවා අකිල, විරාජ්, රවී කරුණානායක වගේ අය. වාහන නීති රීති වලට දඩ ගැහුවට කමක් නෑ. වාහන බලපත්‍රය අවුරුද්දක් තහනම් කරනවා. දරදඬු නීති වැඩියි. යහපාලනය කියලා වෘත්තීය සමිති කාරයින්ට ඕන ඕන විදිහට වැඩ කරන්න දුන්නා. මිනිස්සු අපහසුතාවට පත්වුණා. හිටපු ජනාධිපතිතුමා ඇතුලු කිහිප දෙනෙක් ආණ්ඩුවේ කකුලෙන් ඇද්දා. රනිල් මහත්තයට පොඩිමිනිහා ගැන තේරෙන්නේ නෑ. තව අවුරුදු 10ක් එයා ඉන්නවා. අායේ අපි යූ.එන්.පී.. යට ඡන්දේ දෙන්නේ නෑ. දීලා වැඩක් නැති නිසා... ඡන්දේ දවසට ගෙදරට වෙලා ඉන්නවා. සජිත් ආවොත් ආයේ පක්ෂයට ඡන්දේ දෙනවා. මම හිතන්නේ නෑ. එහෙම වෙයි කියලා. මිනිස්සුන්ට නිදහස දුන්නාට වැඩක් නෑ. මාධ්‍ය ස්වාධීන කරලා මොකද වුනේ. තවදුරටත් බලය ගන්න රනිල් මහත්තයාගේ අදහස් හරියන්නේ නෑ.
එජාප එක දෙකට කඩලා සජිත් සහ නවීන් නායකයින් කරන්න. මහමැතිවරණයකට යන්න. බලන්න සජිත් පිලද? නවීන් පිලද වැඩි ඡන්ද ගන්නේ කියලා.. වැඩියෙන් ගන්න කෙනා නායකයා කරලා අනික් නායකයා උපනායකයා කරලා 2025 හෝ 2030 හෝ දිනන්න බලන්න. 2020 මහමැතිවරණය කොහොමත් පරාදයි. ඒ ගැන හිතන්න එපා. නායකයා විතරක් තෝරාගන්න මහජන ඡන්දෙන්ම බැලුවා නම් හරි. මධ්‍යම කාරක සභාවේ නායකයා තෝරාගන්නවාට වඩා හොඳයි ඒක...
එජාපෙ දිනවන්න නම් මේ ගැන හිතන්න. එනම් දඹර අමිල හිමී, රාජිත, මංගල වැනි අය අයින් කරන්න. නැති නම් දිනනවා බොරු..
දඹර අමිල හිමි, මාලඹේ සීලරතන හිමි හොඳ සේවයක් කරා ඡන්ද වැඩි කරලා දෙන්න....
මොනවා කියනවද කියලා ජනතාවට වැටහෙන්නේ නැහැ. ඔබ විසින් පැරණිම පක්ෂය විනාශ කළා. වටේ ඉන්න අයගේ ලණු කලා ඔබත් විනාශ වුණා. පක්ෂයත් විනාශ වුණා. 2018 ආණ්ඩුව විසිරවපු වෙලාවේ නම්බුකාරපිටින් ඔබ ගියා නම් අද ඔබ ගොඩ. එදා අරලියගහ මන්දිරයට වෙලා හිටිය නිසා තමයි ඔබට ඔය දේ වුනේ. එදා සාමාන්‍ය ජනතාව ඔබ ගැන කලකිරුණා. එහෙම වුණා නම් ඔය අප්‍රේල් 21 කුණුගොඩ ඔබට එන්නේ නැහැ. ඔබ හිතනවද නැවත සිංහල ජාතිය ආගමකින් තොරව ඔබ විශ්වාස කරයි කියලා. එදා පාස්කු සිද්ධිය ගැන ඔබ වගේවගක් ගණන් ගත්තේ නැතිව දැන් මොනවා කිව්වත් වැඩක් නැහැ. කරුණාකරලා අයින් වෙන්න. ඒ වෙලාවට ජනතාව ඉල්ලුවොත් එන්න. නැතිනම් පැත්තකට වෙලා ඉන්න. ඔබ අපට අමතක නැහැ. 1980 වැඩ වර්ජනය වෙලාවේ හැසිරුණු ආකාරය. එදා රාජ්‍ය සේවයට දාපු නුසුදුස්සන් නිසා රාජ්‍ය සේවය නැති භංගස්ථාන වුණා. රටත් ඉවරයි. අපිත් ඉවරයි. වැරද්දක් තියනවා නම් සමාවෙන්න.
ඔයාලට ඕන එකක් කරගන්න.. අපි සජිත් එක්ක වෙන පක්ෂයක් හදාගෙන යනවා.
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්...!!!
මගේ පාරම්පරික මුට්ටිය කොහාට අල්ලලා පුරවා ගන්නද කියලා කල්පනා කරනවා.
ඔයාලා ඕන එකක් කරගන්න.. අපි නම් සජිත් මහත්තයට තමයි.
දැන් ඉතින් ඊළඟ ඡන්දෙදී සිංහල බෞද්ධයින් ඔක්කෝටම ලැප්ටොප් දෙනවා කියයිද දන්නේ නැහැ..
තුන් දෙනාම උඩරට ගොවිගම කුලයේ... ප්රශ්නය තේරුම් ගන්න බැරි මිනිස්සු මැදමුලන කට්ටියත් එතැනට සම්බන්ධකම් තියෙන පරම්පරාවක්...
නවීන්ට වගේ පක්ෂ නායකකම දීලා ඔයා ගෙදර යන්න. සජිත්ගේ කොහොමත් නායකත්ව ලක්ෂණ නම් නෑ කියන එක මේ ඡන්දෙන් පස්සේ වැඩ කරන අයුරින් නැවත නැවත පේනවා. ඔහුව තල්ලුකරන් ඉස්සරහට ගේන්න බදුල්ලේ මන්ත්‍රීතුමා සහ කලුතර මන්ත්‍රී තුමා කොච්චර උත්සාහ කරත් ඔහුට ඕනකමක් නැතිබව පේනවා.
දැන් මෙතන අදහස් වලින් පේන්නේ පක්ෂ සාමාජිකයින්ට වැඩිය... පොහොට්ටුවේ සාමාජිකයින්ටයි කැක්කුම... ඒ ගොල්ලන්ගේ ලොක්කෝ, අද පොහොට්ටුවේ.. හෙට අත උඩ, අනිද්දාට පක්ෂේ කඩාගෙන දුවනවා. වෙනම පක්ෂ හදන්න.. මොනවා වුණත්, බලන්නකෝ පක්ෂ දෙකේම කට්ටිය එකතුවෙලා ඉන්න ලස්සන. මේ ගොල්ලෝ තමන්ගේ පක්ෂේ ගැන බලන්නේ නැතිව, වෙන පක්ෂවල ප්‍රශ්න විසඳනවා. උගත්, බුද්ධිමත් නායකයින් ඉන්නේ රනිල්ගේ පක්ෂයේ... ඒ නිසා මෝඩ වැඩ කරන්නේ නැහැ.. පොහොට්ටුව කොහෙන් ගිහින් නතර වෙයිද?
බැංකුව කැඩුවා... වැරදි හදාගෙන ඉස්සරහට යමු කිව්වා... ඡන්දේ පැරදුණා. වැරදි හදාගෙන ආයේ එමු කියනවා.
ඒ අලුත් පක්ෂයේත් නායකයා විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයත් පක්ෂ සභාපතිත් තෝරන, ඒ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පක්ෂ නායකයත් ආසන නියෝජිතයිනුත් පත්කරන, පක්ෂ සාමාජිකයින් එනවිට ගේට්ටු වහන, මැරෙනකල් පැරදුණත් හැමදාමත් එකම නායකයෙකු ඉන්න, ප්රජාතන්ත්රවාදී පක්ෂයක්ද?
ඔබතුමා සිරිකොතින් බුදු පිළිමේ ඉවත් කරනකොට අපි දැනගත්තා වෙන දේ..
හරි, ඔබතුමා උතුරු නැගෙනහිර දිනලා දුන්නනේ ජනාධිපතිවරණයේදී... දැන් එහෙනං ඔබතුමා ඔය කියන බෞද්ධ පදනමත් ඇතිකරලා ලබන මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය දිනලා පෙන්නන්නකෝ මහත්තයෝ...
රනිල් ඔයාට මතකද රෝසි කියලා අයෙක් සිංහල බෞද්ධ පදනම ගැන කතා කළා. එයාවත් ඔය අලුතින් හදන එකට ගන්න.
දැන්ද ඔබතුමාට සිංහරාජය මතක් වුණේ...?
අපේ ගමේ වෙසක් එකට ඔලුබක්කෝ නටන්නෙත් ඔහොම්මමයි. එක්කෙනාම තමයි ඔලුව මාරු කරලා රජාටයි, අන්දරෙටයි දෙන්නටම නටන්නේ. අපි ඉතින් අප්පුඩි ගහගහ බලන් ඉන්නවා.
දැන් හොඳ වෙලාව ගෙදර යන්න.
දැන් තමයි සමහර පැතිවල මිනිස්සු හෙල්මට් ගන්නේ.. එච්චර සංහිඳියාවක් තමයි තිබ්බේ...
ඔන්න චතුරි ආයෙමත් දොඩවනවා.
ආයෙමත් මේ කපේදී නම් එජාප ආණ්ඩුවක් දැකිය නොහැකිය. මෛත්‍රී බුදුන් කාලයේදීවත් නැවත බලයට එයිද කියලත් සැකයි.
ගරු රනිල් මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියටම යමු.
එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට සාගල, අකිල, හර්ෂ වගේ තරුණයින්ට බලතල ලබාදෙමු.
රනිල් 1994 ඉඳලම නව එක්සත් ජාතික පක්ෂය බිහිකරනවා.
අනේ සීයේ යන්න. රට කෑවා, හොරු ආරක්ෂා කළා. බැංකුව කැඩුවා. පොරොන්දු කැඩුවා. රටට කුණු ගෙනාවා... තව ඕනද?.. අපිට ඔබව එපා...!!!
ඒත් ඉතින් ඒකෙත් ලොක්කා ඔයාම වුනහම ඒකේ තියෙන නව මුහුණුවර මොකක්ද?
"දැන් මෙතන අදහස් වලින් පෙනෙන්නේ පක්ෂ සාමාජිකයින්ට වැඩිය පොහොට්ටුවේ සාමාජිකයින්ටයි කැක්කුම ඇති බවයි. හරියට හරි. අපිට කැකුම මොකද දන්නවාද? අපිට විහිළු සපයන්නෙක් නැතිවෙන එකටයි. සජිත් අපිට හොඳට විහිළු සැපයුවානේ. දැන් ළිංවල ඉන්න ගෙම්බෝ නාන්න එන මිනිසුන්ට විහිළු සපයනවා. ලෝකෙත් සමග වෙනස් වෙන්න.