(තුසිත කුමාර ද සිල්වා)

සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

ඒ  අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගත යුතුව ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පිරිවැය සළකා බලා සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් වලට අවසර දෙනු ලබයි.