රජය යටතේ පවතින සංස්ථා හා මණ්ඩල ආදීයෙහි සභාපතිවරු ,අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගැනීමේදී සුදුසුකම් , වෘත්තීය දැනුම ඇති පිරිස් පත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
නව අමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අද (22) මේ බව සඳහන් කළේය.
දැනට පවතින එවැනි ආයතන සියල්ලක් පාඩු ලබමින් පවතින බවද එය ලාබ ලැබීමේ ආයතන කිරිමට නම් ආයතන කාර්යක්ෂම කර ගැනීමට හොද අධ්යක්ෂ මණ්ඩයක් සිටිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.
තෝරාගන්නා සියලු ප්‍රධානීන් කාර්ය මණ්ඩලය තේරීම් මණ්ඩලයක් හරහා තෝරාපත් කර ගත යුතු බවත් පැවසූ ජනාධිපතිවරයා එවැනි පිරිස් සිටිනවා නම් තේරීම් මණ්ඩලයට යොමු කරන ලෙසද අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් සර්.
රටක් සංවර්ධනය කිරීමට බුද්ධිය අවශ්‍ය. ජනාදිපති එම අදහසේ සිටීමෙන් රට නිවැරදි දිශාවට අවතීර්ණය වී ඇතිබව සනාථ වෙනවා. රටට දැකීමක් ඇති නායකයකු බිහිවීම රටේ ජනතාව ලැබූ වාසනාවක් සේ සළකනවා.
එහමනම් අර මස්සිනාට ගුවන් සමාගම් ලබන්න බැහැ.
රාජ්‍ය ආයතන ගොඩදාන්න ගත් මෙම ක්‍රියාමාර්ගයට පත් වූ නව ඇමැතිවරු අවනත වෙත්වා...!!! එසේ අවනත නොවන ඇමැතිවරුන්ට දඬුවම් දෙත්වා...!!!
හොඳ අදහසක් . යස අදහසක්. සිංගප්පුරුව අද තත්වයට ගෙන ඒමේ රහස, උගතුන්ගෙන් පිරි කැබිනට් මණ්ඩලයක් ලී කුවන් යු මහතා විසින් පත්කරගෙන වැඩ ඇරඹීමයි. මුලික පියවර ලෙස අඩුම තරමේ සියළු රාජ්‍ය ආයතනවලටවත් ක්ෂෙස්ත්‍ර උගතුන්ගෙන් පිරි අයව පත්කිරීමෙන් එම ආයතන දියුණුවට පත් කරගත හැකිවේවි. අනාගත පරපුරට රටක් ඉතිරි වේවි.
එතකොට ඇමතිවරුන් පත් කරෙත් ඔය න්‍යාමය අනුවමද, ජනාධිපති තුමනි ? රාජ්‍ය සංස්ථා-මණ්ඩල වල පත්වීම් වලට වෘත්තීය සුදුසුකම් සොයනවාට වඩා ඊටත් ඉහළින් ඉන්නා සමහර ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, සහතික පත් ආදියත් විමර්ශනය කර එම උසස් පත්වීම් භාර දුන්නොත්, ඔවුන්ගෙන් රටට නියම සේවයක් ලබාගත හැකි බව අපේ පරම විශ්වාසයයි.
මේක අලුත් වැඩපිළිවෙලක් නෙවෙයි. සිරිසේන ජනාධිපතිතුමා මේ මණ්ඩලය පත් කරලා ඔවුන් හරහා රාජ්‍ය ආයතනවලට නිළදාරීන් පත් කළා.
ඇමති මණ්ඩලේට එහෙම වුනේ නැතුවට කමක් නැද්ද?
විමල් වීරවංශට සංවර්ධන කළමණාකරණය පිළිබඳ ඇති සුදුසුකම කුමක්ද ?
සිරිමල් ඉන්නේ හිතේ ලොකු වේදනාවකින් කියලා තේරෙනවා.. ඒත් පොඩ්ඩක් ඉවසලා ඉන්න. අවුරුදු 5ක් තිස්සේ ඔයාගේ ආණ්ඩුවනේ තිබ්බේ. එතකොට මේ කරන දෙයක්වත් කරගන්න බැරි වුණානේ. ගෝඨාභය ජනාධිපති වුණා කියලා ගෙදරින් ගෙනත් ඇමතිවරු පත් කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් තමයි ඒ පත්වීම් කරන්න ඕනේ. හොරකම්, වංචා, වුණොත් එදාට විවේචනය කරන්න. හෙට ඡන්දය තියලා ආපහු අපි පාර්ලිමේන්තුවේ යවන්නේ පරණ සෙට් එකම නම් ජනාධිපති කවුරු වුණත් වැඩ කරන්න වෙන්නේ යවන අය එක්ක තමයි. නිකන් බොරුවට හැමදේම විවේචනය කරන්න එපා..
උගත්, බුද්ධිමත් ඇමති මණ්ඩලයක් පත් කරගත්තනේ. මේකත් ඒකට දෙවෙනි නොවෙන්න වග බලාගන්න. ඔහොම යං...
ඇමතිවරුන් ලෙස පත්කරනු ලබන සියලු දෙනා ප්‍රසිද්ධ චරිත වේ. ඔවුන්ගේ ක්‍රියා සහ හැසිරීම් රටා රහසක් නොවේ. ඉතින් ඔබ මේ වතාවේ ඔවුන්ගෙන් අසාමාන්‍ය දෙයක් බලාපොරොත්තු වන්නේ නම් එය දවල් සිහිනයක් වනු ඇත.
තරිඳු සර් ඔබ හරි...
සැබවින්ම වැදගත්වන්නේ ආයතනය පාලනය කෙරෙන නීති රීති සම්ප්‍රදායන් ඇතුලත් සම්පූර්ණ පද්ධතියයි.. ඒ කියන්නේ සිස්ටම් එකයි. උදාහරණයක් හැටියට ටෙන්ඩර් පිරිනැමීමේ ක්‍රියාපටිපාටිය නැවීමට කිසිවෙකුට ඉඩ නොලැබෙන පරිදි නීතිරීති පද්ධති තිබිය යුතුයි. ඉහළ කළමනාකරුවන්ට තිබෙන්නේ එ් නීතිරීති පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක වනබවට වග බලාගැනීමයි. පද්ධති කඩන්නේත් ඔවුන් නිසා ඔවුන්වත් අධීක්ෂණය කෙරෙන විධි ක්‍රම ස්ථාපිත කළයුතුයි. ඇත්තටම සංස්ථා ප්‍රධානීන්ට තිබිය යුත්තේ කළමනාකරණ නිපුණත්වය මිස තාක්ෂණික නිපුණත්වය නොවේ.