(නිමල කොඩිතුවක්කු)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට(21) පෙරවරු 11.00ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි පාක්ෂිකයන් සහ මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදි ගනු ලබන දේශපාලන ස්ථාවරය සහ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරනයෙන් පසු පාක්ෂිකයන් හමුවන පළමු අවස්තාව මෙය වන අතර එහිදි තමන් ඉදිරි දේශපාලන කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ගෙන් විමසීමට නියමිතය.
සජිත් ප්‍රේමදාස මහතා සමග මෙම අවස්තාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
""""තම ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට්ලෙපර්ඩ්’ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම කාලය කැප කරන බව ද ප්‍රේමදාස මහතා නිකුත් කළ ටිව්ටර් පණිවුඩයේ දැක්වේ.""""" මේක බොරුවක්ද එතකොට..
මාධ්‍ය සංදර්ශනය රනිල්ව ඉවත් කිරීමෙ කුමන්ත්‍රණය. පව් අප්පා රනිල් නැත්නම් එයා දිනපු ආසන ගාන කීයද...?
සජිත් සර් එදාට අපේ රණවිරු ගායට බෙහෙත් ටිකක් ගන්න බැරිවෙයිද?
සජිත් සර්, එදාට අර නොමිලේ දෙනවා කිව්ව සනිපාරක්ෂක තුවා ගන්න පුලුවන්ද?
ඔබ තුමා ටික කලකට දේශපාලන ක්රියාකාරවලින් ඉවත් වී හිටියොත් පක්ෂයේ අනාගතයට හොඳයි.
පාක්ෂිකයෝ කිව්වා කියාගෙන ආයේ දේසපාලනේට එනවා නෙවෙයි ඔන්න - සර් කලින් යු එන් පී එකට විතරක් ඇනයක් වෙලා හිටියා - මේසැරේ මුළු රටටම ඇනයක් වුනා.
අපි බලමු කී දෙනෙක් එතන ඉදියිද කියලා.
බල ලෝබයෙන් ඔලුව ලොකුවෙලා මදිද සිදුවුනදෙය.
ඔබ ට ජය කවදත් නියතයි, තරගය කියන්නේ ඒකටයි. දෙන්නෙක් දිනන්න බැහැ , ඔබ පැරදුනා කියන්නේ මනස දුර්වල කට්ටිය. ඡන්ද ප්‍රමාණය ඉතා ඉහලයි, මේ විදියටම ඉදිරියටත් ජනතාවට ආදරෙන්, හොර බොරු වංචා කියනදේ වලින් වැලකි ඉන්න.
ඕවා අහන්න තිබුනේ ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන්න ඉස්සරවෙලා නේද? දැන් ඉතින් දුවන කෝච්චිය අල්ලන්න තව අවුරුදු පහක් තිස්සේ ඒක පස්සේ හති දමාගෙන, දාඩිය පෙරාගෙන දුවන්න වේවි !!!!!
වාදබේද දුරලා සියලු දෙනා පරාජය පොදුවේ බාරගෙන සමගියෙන් සමාදානයෙන් එක්ව ඉදිරි මහා මැතිවරණය ජයගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ සජිත් ප්‍රේමදාස මැතිතුමා යන දේපොළ සමග සියලුදෙනා එක්කාසුවෙලා කටයුතු කිරීම ඉතා වැදගත් වේ යයි මගේ යෝජනාව. එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව. රොහාන් දයාදර පැරිස්
අපේ ගමේ සියලු දෙනා යනවා සජිත් මහතා හමුවෙන්න.
අනේ මන්දා චතුරිට මොනවා වෙලාද කියලා.
ලක්ෂ 55 චන්දෙ දීපු සාමාන්‍ය ජනතාව කී දෙනෙක් ගෙදරට ආවාද දුකසැප අහන්න? මීටින්වලට ආපු සෙනග දැක්කාම හිතුවා මුළුරටම මගේ අතේ කියලා. දේශපාලනයේ පරිනත උනානම් ඔහොම හිතන්නේ නැහැ.
මෙතන තියෙන්නේ තරඟයක්. තෝරන්නේ එක්කෙනයි. ඒ නිසා මෙය පරාජයක් ලෙස නොසලකා ධෛර්යමත්ව ඉදිරි දේශපාලන අනාගතය සැලසුම් කරන්නේනම් සතුටුයි. ලක්ෂ 55 ක් තිබෙන නිසා ඔබට හොඳ ජනමතයක් තිබෙන බව පැහැදිලියි.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායමත් ආසන පරාදයි. මෙතන නායකතුමාගේ රනිල් වික්‍රමසිංහ මැතිදුන් හෝ එතුමාගේ කණ්ඩායමේ ප්‍රශ්නයක් නොවේ. වෙනත් කාරණා කීපයක් බලපෑ බව බුද්ධිමත්ව සිතත්දී පැහැදිලිවේ. සියල්ලෝ සමගි වී එයට විසදුම් සොයනවා විනා නායකයා එළවීම, අලුත් පක්ෂ බිහිකිරීම නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයල් සොයනවා වගේ වේ. මගේ මතය සියල්ල පසෙකෙලා එකමුතුව මහා මැතිවරණයට මුහුණ දීමට සුදානම් විය යුතුයි යන්න මගේ යෝජනාවයි.