හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරු ජයසුරිය මහතාට ලිපියක් බාර දී තිබේ.
මේ අතර විපක්ෂනායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයාට බාර දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙයා ඔය එක්සත් ජාතික පක්ෂයත් නැති කරලා තමා ගෙදර යන්නේ මට හිතෙන්නේ.
කොතනකහරි එක්ක පොඩි ගැළපීමක් තියෙනවා වගේ දැනෙනවා නේද ? නිකන් ගිය පාරත් ඔය වගේ දෙයක් උනා වගේ පොඩි මතකයක් තියෙනවා. සමහර විට මම වැරදි ඇති, වෙන රටක වෙන්න ඇති.
තරුණයන්ට ඉඩ දීලා බලමු නේද? වල පයයි ගොඩ පයයි අපට මොන අනාගතයක්ද?
හොදම දේ ඔත්තේ දවස් වල රනිල් විපක්ෂ නායක. ඉරට්ටේ දවස් වල සජිත් විපක්ෂ නායක කරන එක ! මෙහෙම පක්ෂ නායකයෙක් එක්ක මෙහෙම හරි රට තිවුන එකත් පුදුමයි ..
අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද? රනිල් විපක්ෂ නායකයා ලෙසත් සජිත් විපක්ෂ නායකයට විපක්ෂ නායකයා ලෙසත් පත් කරන්න. වැඩේ ඉවරයිනේ. ( සිනි වලටත් ඇමති වරයෙක් පත් කල විශිෂ්ට පාර්ලිමේන්තු සම්ප්රදායක් ඇති රටකට ඕවා කජු කන වැඩ)
විපක්ෂ නායක ධුරයට වැඩි හිමිකමක් තියෙන්නෙ විපක්ෂයේ මන්ත්‍රීන්ට මිසක් දේශපාලන පක්ෂයකට නෙමෙයි. ඒ නිසා සජිත්ටයි එය හිමිවිය යුත්තේ.
යාලුවා නිසා දුක ඇති.
විපක්ෂ නායක ඉතා සූක්ෂම අකෙකු වීම අත්‍යවශයි, මේ වෙලාවේ සුදුසුම රනිල්, ඊලඟ ජනාධිපතිවරණයට සජිත් අත්දැකීම් එක්ක එනවනම් හරි, තමන්ගේ ආසනය දින්නවන්න බැරි කට්ටියක් මේ මොනවද කියවන්නේ.
මහා ප්රජාතන්ත්රවාදී කරූ ජයසූරිය උත්තමයාණෙනි. ඔබගේ තීන්දුව දුන මැනවි.
කොළ පාට නැවතත් වසර 50 කට වත් ගොඩ එන්නේ නැහැ... කවදාවත් වංචාව , දුෂණය බොරුව, රට පවා දීම, අපේ රණවිරුවෝ බටහිර රටවල නීතියට පවා දීම, බුදු දහම විනාස කිරීම, විද්වත් පුද්ගලයන් නීති විරෝදී ලෙස අධිකරනයට ගෙන යාම, රටේ ආරක්ෂාව නැති කිරීම වගේ දේවල් කල නිසා ඔවූන්ට ස්වාභාවධර්මයෙන්ම දඩුවම් ලැබෙනවා.!
කරු සර් ප්‍රශ්නේ විසදන්න විපක්ෂනායක කම සම්බන්ධන්ට දෙමු.
ඔහොම වෙලා මදි, පහුගිය අවුරුදු පහේ කරපු හැමදෙයක්ම ආපහු ලැබෙනවා.
නම්බු ඇතිව අනුශාශක වගේ හිටියම හොඳටම ඇති. පක්ෂ නායකකමට හොඳ අවුරුදු 45-60 අතර කෙනෙකුට. ජවය සහ අත්දැකීම් තියෙන තව අවුරුදු 05කින් රට භාරගන්න හැකි අයෙක්. ජරාජීර්ණ වූ මහල්ලෙක් නොවෙයි.
කාට විපක්ෂනායක කම ගියත් ප්‍රතිපත්ති සම්බන්ධන් විපක්ෂ නායකයා කරන්න.
එක පාරක් පැරදිලා තවත් පාරක් පරදින්නද යන්නේ?
එජාපය විසිරුවා හරින්න ඕන, ශ්‍රී ලංකා එකත් එහෙමයි. මේ පක්ෂ දෙක රජ කෙරුවා ඇති දැන්.
මහා ලේකම් වශයෙන් පත්කලෙත් රනිල් වික්‍රමසිංහ, ඒක නිසා තමයි අකිලට අවශ්‍ය රනිල්ගේ නායකත්වය නමුත් මෙහි බහුතර මන්ත්‍රීවරුන්ගේ මතයට ඉඩ දීලා රනිල් මේ අවස්ථාවේදී දේශපාලනයට සමු දුන්නොත් හොදයි
කවුරු මොන සෙල්ලම් දැම්මත් රනිල් තමා විපක්ෂ නායකයා.
ගුත්තිල සහ මූසිලද, නැත්නම් සේරිවානිජද? මරු නාට්‍යයකි.