(මහින්ද නිශ්ශංක)
පාන් මිල අද (21) යළි පහළ දැමීමට තීරණ කළ බව සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියයි.
තිරිගුපිටි මිල වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කර තිබිණි.
වැඩිකළ තිරිඟුපිටි මිල ප්‍රීමා සමාගම මගින් ඉවත් කරගෙන ඇති බව එම සමාගම තම සංගමයට දැනුම් දී ඇති බව සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමය කියයි.
( පාන් මිල වැඩි වු බවට ඊයේ පළ වූ පුවත පහත දැක්වෙයි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා : හලෝ.. ඔයාලා පාන් මිල වැඩි කළාද? බේකරි හිමියන්ගේ සංගමේ සභාපති - නෑ නෑ සර්.. කවුද එහෙම කීවේ...?
පුදනකොටම කාපි යකා වගේ මිල වැඩි කරලා ආණ්ඩුව අපහසුතාවට පත් කොරන්න හදනවා නේද? ටිකක් ඉවසුවොත් ......ඕනෙනම් ඉතින් රාත්තල කිව්වට ඕකෙ තියෙන්නේ තුන් කාලයිනේ. තව චුට්ටක් බර අඩු කොරල විකුණ ගනීවී.
බය උනා නේ ??
පාන් ගෙඩිය නම් රුපියල් දහයකින් වැඩි උනත් කමක් නැහැ. ඔය සංගම් කියන මාෆියා කල්ලි මේ රටෙන් තුරන් කල යුතුයි. ගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය ඒ කෙරෙහි යොමුවේවා.
අලුත් කවටයෙක් බිහිවෙලා වගේ. දැන් තුන් හතර පාරක්ම අඩු වැඩි කරා.
බේකරි හිමියන්ගේ සංගමයේ මහත්තයා එක එක දාට එක එක මිල ප්‍රකාශ කරනවා. රජය නොවෙයිද මිල තීරණය කරන්නේ? පාන් ගෙඩියක බර ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. පාන් ගෙඩියක බර ග්‍රෑම් 350 ක් වත් නැහැ, බනිස් ගෙඩියේ බර නියමයක් නැහැ. මිල වැඩි කරනවා වගේ පාරිභෝගිකයා ගැනත් හිතල පාන් ගෙඩියේ නියම බරට හදලා දෙන්න.