(විජේරත්න රත්නායක)
බදුල්ල ලංගම ඩිපෝවේ දෙපිරිසක් අතර අද (21) දහවල් සිදුවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ එම ඩිපෝවේ හිටපු ඩිපෝ කළමනාකරුවන් දෙදෙනෙකු බව කියන බදුල්ල හංවැල්ල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් සහ බදුල්ල පුවක්ගොඩමුල්ල පදිංචි 53 හැවිරිදි අයෙකි.
එම ඩිපෝවේ ඩිපෝ අධිකාරී තනතුර සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් මෙම දෙදෙනා තුවාල ලබා ඇතැයි පැවසේ.
මේ වන විට සේවයේ නියුතු ඩිපෝ අධිකාරිවරයා ජනාධිපතිවරණයෙන් පසු සේවයට නොපැමිණෙන බවත් එම තනතුර සඳහා මෙම ආරවුල හටගෙන ඇති බවත් ඩිපෝ සේවකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd