ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. 23 February 2019
ගුවන් හමුදා බස් රථයකට රත්ගමදී ගල් ප්‍රහාරයක් රත්ගමදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කළේයයි කියන සිද්ධියට විරෝධය පල කරමින් පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ රත්ගම හන්දියේ විරෝධතාවයක් පැවැත්වෙන ස්ථානය අසලින් ගමන් කළ ගුවන් හමුදා බස් රථයකට විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාරයක් වැදි ගුවන් හමුදා සෙබළෙකු සහ සෙබළියක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ. 23 February 2019
රජරට රැජින රත්ගම නවතී - උද්ඝෝෂණය අසලට එස්.ටී.එෆ් කැඳවයි මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගමදී අවහිරකරගෙන පැවැත්වෙන උද්ඝෝෂණය නිසා කොළඹ සිට පැමිණි රජරට රැජින දුම්රිය අතරගම නතර කිරීමට සිදුවී තිබෙන බව දුම්රිය පාලන අධිකාරිය කියයි. 23 February 2019
රත්ගම තරුණයන්ට සාධාරණය ඉල්ලා ගාලු-කොළඹ පාර හරස් කර විරෝධතාවක් රත්ගම දී පැහැරගෙන යනු ලැබූ තරුණයන් දෙදෙනාගේ ඥාතීහු ඇතුළු පිරිසක් ගාලු-කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගමදී හරස් කරගෙන විරෝධතා ඇරැඹූහ. 23 February 2019
පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කරයි පන්නිපිටිය - බොරැල්ල මාර්ගයේ දෙපානම හන්දිය ආසන්නයේදී ඊයේ (22) රාත්‍රී 11.45ට පමණ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි මහරගම පොලීසිය කියයි. 23 February 2019
‘‘මාධ්‍ය නගා සිටුවීමට - මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කැපවෙනවා ‘‘ රටේ ජනමාධ්‍ය නගා සිටුවීමටත් 2015 සිට දිනාගත්ත මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවෙන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවැසීය. 22 February 2019
රත්ගම සිද්ධියට සම්බන්ධ පොලිසියේ 5ක් ගැන තොරතුරක් නෑ රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දමන ලද බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු පිළිබඳව අද (22) සිට කිසිඳු තොරතුරක් නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 22 February 2019
ශ්‍රී ලංකාවට ලකුණු 197 ක ඉලක්කයක් දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පෝට් එළසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (22 වැනිදා) දකුණු අප්‍රිකානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 128කට දැවී ගියේය. 22 February 2019
මැතිසබේ ප්රචණ්ඩ ක්‍රියා ගැන මන්ත්‍රීවරුන් 59 කට චෝදනා මිරිස් කුඩු ගැසීම, මැතිසබේ දේපලවලට හානි කිරිම කතානායකවරයාට තර්ජනය කිරිම පොලිස් නිලධාරින්ට පහරදීම යනාදී මැතිසබේ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට විරුද්ධ චෝදනා එල්ලවී තිබෙන බව මේ සිද්ධින් පිළිබඳව විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ සඳහන් වෙයි. 22 February 2019
උමාඔය ඉදිකිරිම් අගෝස්තුවේ නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප්රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි. 22 February 2019
වාර්තාව වරප්‍රසාද කමිටුව හමුවට මිරිස් කුඩු ගැසීම, මැතිසබේ දේපලවලට හානි කිරිම, කතානායකවරයාට තර්ජනය කිරිම යනාදී මැතිසබයේ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මන්ත්‍රීවරුන්ට විරුද්ධව සුදුදු දඬුවම් නිර්දේශ කිරිම සඳහා එම වාර්තාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය. 22 February 2019
‘‘19 ය පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක්‘‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යනු ප්රජාතන්ත්රවාදය තහවුරු කර ගැනීම සඳහා පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක් යැයිද එය විවේචනය කිරීමෙන් ප්රජාතන්ත්රවාදය අවශ්‍ය නැත්තේ කාටදැයි ඉතා පැහැදිලිව පෙනෙන්නේයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණමඩුවේදී අද (22) පැවැසීය. 22 February 2019
ආනන්දි ශෂිධරන්ගේ නිවාඩු ඉල්ලීම ඉවතට උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිධරන් මහත්මිය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය හා සහභාගී වීමට කරන ලද නිවාඩු ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි. 22 February 2019
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන්ට ජනමාධ්‍ය අමාත්‍යංශයත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. 22 February 2019
අඟුණකොළපැලැස්ස සිද්ධිය ගැන පරීක්ෂණ ඉල්ලා පෙත්සමක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහර දී වධහිංසාවලට භාජනය කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් අද (22) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 22 February 2019
රත්ගම ව්‍යාපාරිකයන්ගේ සිරුරු පිළිස්සූ ස්ථානය සොයාගනී රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුණු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (22) එම ස්ථානය පරීක්ෂාවට ලක් කළේය. 22 February 2019
අභියාචනය බාරගැනීම ප්‍රතික්ෂේප කරයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනය බාරගැනීම ප්‍රතික්ෂේප කළ බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන් මහතා අද (22) දැනුම් දුන්නේය. 22 February 2019
රත්ගම තරුණයන් ඝාතනය කළ නිවස මහෙස්ත්‍රාත් පරීක්ෂාවට රත්ගම බූස්ස රත්නඋදාගමදි පැහැරගනු ලැබු පුද්ගලයින් දෙදෙනා පහරදී ඝාතනය කරන ලද බවට සැකකරන අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේ නිවස ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද (22) පස්වරුවේ පරික්ෂා කරනු ලැබිය. 22 February 2019
රන්ජන් මත්ද්‍රව්‍ය පරීක්ෂණයට මුහුණ දෙයි කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සිටීද යන්න සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටුව හමුවට ගොස් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (22) විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇත. 22 February 2019
රත්ගම සිද්ධියට පොලිසියේ 15 කට ස්ථානමාරු රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් පිටත පොලිස් ස්ථාන වෙත මාරුකර යැවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ක්‍රියාකර ඇත. 22 February 2019
වැලි ගොඩදැමීමට සුදුසු ස්ථාන සොයයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණීම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනය කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු ආරම්භ කර තිබේ. 22 February 2019
පාදෙණියගේ පෙත්සම මැයි මාසයට කල් යයි මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීම ලබන මැයි 22 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය. 22 February 2019
කන්කසන්තුරේ නාවික හමුදා නිලධාරියකු අත්අඩංගුවට කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට අදාළව කන්කසන්තුරේ නාවික හමුදාවේ නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 February 2019
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට සෞඛ්‍යය අමාත්‍යංශයෙන් අලෙවි කිරිමට රට තුළ නම් කර ඇති එන්.සි නැමති මත්ද්‍රව්‍යය කිලෝ 7 ග්‍රෑම් 500 සමඟ සැකකරුවෙකු හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අද (22) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 22 February 2019
රත්ගම සිද්ධියට උප පොලිස් පරීක්ෂකගෙන් රඳවා ප්‍රශ්න කරන්න නියෝග දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක මහතා වැඩිදුර පරික්ෂණ සඳහා පැය 48ක කාලයක් රඳවා තබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (22) නියෝග කළේය. 22 February 2019
විජයකලාගේ නඩුව මැයි 10 ට කල් යයි එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සඳහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් සඳහා ලබන මැයි මස 10 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියෝග කළාය. 22 February 2019
කෝටි 7 ක හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අද (22) අලුයම කෝටි හතක් වටිනා බව කියන හෙරොයින් සහ ‘ඈශ්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවක් පෝරුතොට දී අත්අඩංගුවට ගනු ලැබීය. 22 February 2019
පොලිස්පතිගේ නිර්දේශය එනතුරු කොමිසම බලාසිටී දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයි රවී ඩබ්ලිව් විජේගුණවර්ධන මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව අනුමත කිරීමට මේ වන තෙක් ජාතික පොලිස් කොමිෂන් සභාවට එවා නැතැයි පොලිස් කටයුතු ආරංචිමාර්ගවලින් පැවසේ. 21 February 2019
ශී‍්‍ර ලංකාව ලකුණු 60 කට කඩුලු 3 යි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (21) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය. 21 February 2019
කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරුන්ගේ නම් සීඅයිඩීයට කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන්ගේ සියලුම විස්තර ඇතුළත් ලිඛිත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදිපයට පැවැසීය. 21 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026