
චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරයා ජනවාරි 25 වැනි දින සිට අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් දැඩි වෙහෙසට ලක්ව හෘදයාබාධයකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම වෛද්‍යවරයා සොන් යින්ජියේ නමැති 27 හැවිරිදි අයෙකු වන අතර කයියුං නගරයේ පදිංචිකරුවෙකි.
ඔහු මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ගේ සහ මගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කර කොරෝනා වයිරසය ඇත්දැයි නිරීක්ෂණය කිරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙසද ක්‍රියා කළ බව පැවසේ.
මෙම වෛද්‍යවරයා සඳුදා දිනයේදී ඔහු නවාතැන්ගෙන සිටි කුටියට පැමිණීමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා වේ.
(ඩේලිමේල් ඇසුරිනි)
16844



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොරෝනාට බයයි මල්ලියේ...............
වෙහෙස නොබලා තම රටේ සහෝදර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් දිවා රාත්‍රී නොතකා තම සේවය ලබා දුන් මෙතුමාට යහපත් මතු ජීවිතයක් පතමු.
අසරණවූ තම මව්බිමේ රෝගීන් වෙනුවෙන් දිවි කැපකළ ඔබට නිවන් සුව ..!!!
ශ්‍රේෂ්ට මහත්මයෙක්. කලාතුරකින් මේ වගේ අය ලෝකේ ඉන්නේ. නිවන් සුව ලැබේවා!
මේක ආරංචි උනොත් වෛද්‍ය සංගමයේ වීරයන් වගේ ටීවී එකට පත්තරවලට දේශනා කරන අති පණ්ඩිතයෝ දැනටමත් හැංගිලා ඇතී.
දුර්ලබ මනුෂ්‍යයෙක්.
ඔබ කල සේවය අති විශිෂ්ටයි . ඔබට නිවන්සුව පතමු!