හොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියකු වන කර්ක් ඩග්ලස් මහතා ඊයේ (05) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 103 වැනි වියේ පසුවිය.
ඔහුගේ පුතෙකු වන, රංගන ශිල්පී මයිකල් ඩග්ලස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පියාගේ මරණය මාධ්‍ය වෙත දැනුම්දුන්නේය.
රංගන ශිල්පී කර්ක් ඩග්ලස් මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු සිය දෙවන බිරිඳ වන ඈන් බයිඩන්ස් මහත්මිය සමඟ කැලිෆෝනියාවේ බෙවර්ලි කඳුකර ප්‍රදේශයේ ජීවත්වූයේය.
හොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය අවධියේ විසූ නළුවකු වන ඩග්ලස් මහතා සිනමාපට නිෂ්පාදකයකු, අධ්‍යක්ෂකවරයකු සහ කතුවරයකු ද වූයේය.
ඔහු සිනමාපට 90කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත. 1960දී ඔහු ‘ස්පාටකස්’ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ අතර එය බොක්ස් ඔෆිස් වාර්තා ලබමින් ලොව පුරා රසික සහ විචාරක අවධානය දිනාගැනීමට ද සමත්විය.
1996 දී වරක් අඝාතයට ලක්වූ ඔහු එම රෝගී තත්ත්වය හේතුවෙන් කථන අපහසුතාවකට ලක්වූ අතර ඔහුගේ මුහුණේ ස්නායු ද දුර්වල විය.
කෙසේ වෙතත් සෞඛ්‍ය තත්වයේ අපහසුතාවද නොසලකා ඔහු විවිධ සම්මාන උළෙලවල්වලට ද සහභාගී වූයේය.
1953දී සහ 1957දී ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා වෙනුවෙන් නිර්දේශ වූ කර්ක් ඩග්ලස් මහතා 1949 ‘චැම්පියන්‘ නැමැති බොක්සිං ශූරයෙකු වටා ගෙතුණු චිත්‍රපටය වෙනුවෙන් පළමු වරට ඔස්කාර් සම්මානය හිමි කර ගත්තේය.
ජනාධිපතිවරුන් වූ ජිමි කාටර්, ජොර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් පිරිනමන ලද සම්මාන ඇතුළු සම්මාන ගණනාවක් ද හිමිවිය.
(ඩේලිමේල් ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලයේ චිත්‍රපටි වීරයෙක්... හැටේ දශකයේ ඔහුගේ චිත්‍රපටි නැරඹීමට ඉතා ආශා කළා...
ලෝක ඉතිහාසයේ විශිෂ්ඨ රන්ගධරයාණෙනි, දෙව්මව් තුරුලේ සැතපේවා...!!!
නැවත අප අතරට එන්න. ඔබට ස්තූතී!