ක්‍රිකට් නිලවරණ පෙත්සම සමතයකට හෙට දින (21) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා යොමු කළ දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මූලික ගැටලූව අද (20) අභියාචනාධිකරණ්‍ය හමුවේ සමතයකට පත්විය. 20 February 2019
කුඩුගහන ඇමැතිවනරු ගැන හොයන්න අගමැතිගෙන් විශේෂ කමිටුවක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටී දැයි සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) විශේෂ කමිටුවක් පත් කළේය. 20 February 2019
ලාංකික සිසුන් නිපදවූ ප්‍රථම චන්ද්‍රිකාව අප්‍රේල් මාසයේදී අභ්‍යාවකාශයට ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනකු විසින් නිපදවූ ප්‍රථම අභ්‍යාවකාශ චන්ද්‍රිකාව (රාවණා - 1) ලබන අප්‍රේල් මාසයේ දී අභ්‍යාවකාශයට පිවිසීමට සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් ආයතනයේ නිලධාරියකු පැවසීය. 20 February 2019
කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ් රුපියල් කෝටි 700 ක් වටිනා නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්තු 06 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය. 20 February 2019
දරුවන්ගේ ආරක්ෂාව සඳහා ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් ඉදිරි දෙසතියක කාලයේදී පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 20 February 2019
ශ්‍රී ලංකාවම ආයෙත් මනින්න යයි වෙරළ ආශ්‍රිතව සිදුවන නව වෙනස්විම් සහ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිවවර ගෙන තිබේ. 20 February 2019
මන්නාරම මහෙස්ත්‍රාත් කාබන් නිර්ණ වාර්තාවේ මුල් පිටපත ඉල්ලයි ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය මන්නාරම සමූහ මිනී වළ පිළිබඳව කාබන් නිර්ණ වාර්තාව කෙළින්ම ලිඛිතව මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් නොකරන බව මන්නාරම මහෙස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළේය. 20 February 2019
ශ්‍රී ලංකාවේ කුළු බඩු මුද්දරයටත් එයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු සතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත්කිරීමේ උත්සවය පෙබරවාරි 26වන දින ප.ව. 2.00ට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. 20 February 2019
චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනාට ඇපත් නෑ මිහින්තලේ පුදබිමේ පිහිටි පරිවාර චෛත්‍යයක් මතට නැග ජායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා පෙබරවාරි 27 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ අද (20) නියෝග කළේය. 20 February 2019
නීති විරෝධීව ධීවර කටයුතු කළහොත් බලපත්‍රය හැමදාටම තහනම් නීතී විරෝධිව ධිවර කටයුතුවල නියැලෙන ධීවරයින් හට ජීවිත කාලයටම ධීවර බලපත්‍රය අහෝසි කිරීමට අද (20) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය තීරණය කර ඇත. 20 February 2019
ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලු ලාංකික ධීවරයෝ 25 ක් අත්අඩංගුවට නීතිවිරෝධීව ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ලාංකික ධීවරයන් 25 දෙනෙකු අද (20) ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 February 2019
අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ් පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් ලබාගත් බව කියන විදුහල්පතිනිය ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. 20 February 2019
යුදෙව් විරෝධයෙන් ප්‍රංශය තිගැස්සෙයි මේ දිනවල ප්‍රංශයේ යුදෙව් විරෝධයක් පවතී. එහි පළමු විරෝධය පසුගිය සතියේ පැරිස් කලාප අංක 11හි දක්නට ලැබිණි. ඒ තැපැල් පෙට්ටිවල යුදෙව් විරෝධී පාඨ හා නාසි සංකේත අඳිමිනි. පසුගිය 16 වැනි සෙනසුරාදා පැරීසියේ පැවති විරෝධයකදී ප්‍රංශයේ සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වන යුදෙව් උපතක් ඇති ප්‍රංශ ජාතික ඇලන් පින්කිල්ක්රට් මහතාට නින්දා අපහාස වන අයුරින් කටයුතු කිරීමට කහජැකට්කරුවෝ ක්‍රියාකළහ. 20 February 2019
විරෝධතාවක් ලෝටස් වටරවුම වසා දමයි විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව, ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. 20 February 2019
හොරණ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී හොරණ ගෝනපල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව තබා ගෙන සිටි පිපිරවීම් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ හොරණ කඳවුර පවසයි. 20 February 2019
ජිනීවා යෝජනා පිළිගැනීම නිසා යුද අපරාධ හා මානව හිමිකම් කඩවූ බව තහවුරු වෙනවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළිගැනීම තුළින්ම මෙරට යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුව ඇතැයි තහවුරු වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පැවසීය. 20 February 2019
කබීර් හෂිම් ශ්‍රීලන්කන්-මිහින් ලංකා ජනපති කොමිසමට එක්සත් ජාතික පක්ෂයේ සභාපති , අමාත්‍ය කබීර් හෂිම් මහතා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ. 20 February 2019
මන්නාරම සමූහ මිනීවළේ කාබන් වාර්තාව උසාවියට මන්නාරම සමූහ මිනීවලේ කාබන් කාල නිර්ණය වාර්තාව එහි ප්‍රධාන විමර්ශකයා වන අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 20 February 2019
ලක්ෂ පහක ගංජා සමඟ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු 2ක් අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් රුපියල් 500,000කට ආසන්න කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටියදී බණ්ඩාරගමදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස මෙහෙයුම් ඒකකය කියයි. 20 February 2019
සංවර්ධන ව්‍යාපෘති සඳහා තවත් ඩොලර් මිලියන 2000ක ණයක් ගන්න යයි සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2000 ක විදේශ ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ස්වෛරීත්ව බැදුම්කර හරහා එම ණය විදේශ මූල්‍ය වෙළෙඳපළින් ලබා ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 19 February 2019
මිලියන 33 ක රත්තරන් සමඟ ලාංකික කතුන් දෙනෙකු අත්අඩංගුවට රුපියල් මිලියන 33.1ක් වටිනා රත්තරං තොගයක් අනවසරයෙන් ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මුම්බායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 19 February 2019
කෝටි 700ක මැණික් සොරා ගත් ‘මධූෂ්ගේ’ ගෝලයෙක් අත්අඩංගුවට මහරගම ඇරව්වල අරලියපුර මැණික් ව්‍යාපාරකයකු සතුව තිබු රුපියල් කෝටි 700 ක් වටිනා දකුණු අප්‍රිකානු නිල් දියමන්තියක් හා මැණික් තොගයක් පොලිස් වෙසින් පැමිණ කොල්ල කෑ පතාල නායක මධූෂ්ගේ ගෝලයකු වන වෙඩිකන්දේ කසුන් නැමැත්තා අද (19) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 19 February 2019
‘‘මැතිසබේ ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන් උසාවි ගෙනයාම සාධාරණද යන්න සිතා බලන්න‘‘ පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් උසාවි දැක්කීම සාධාරණද නැද්ද යන්න නැවත සිතාබලන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 19 February 2019
ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුතු බව වෛද්‍යවරු කියති ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුක්තවන අතර ඒවායේ අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරු පවසති. 19 February 2019
කුඩු ගහන ඇමතිවරුන් ගැන කතානායක රන්ජන්ගෙන් ලිඛිතව ඉල්ලයි කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ ගැන තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ. 19 February 2019
රංජන්ගේ ප්‍රකාශය සත්‍යයක් යැයි හැඟෙන බව සුසිල් කියයි ඇතැම් කැබිනට් ඇමැතිවරුන් රට වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස බැලීමේදි කැබිනට් අමාත්‍යවරුන් කොකේන් භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සත්‍යයක් බවට හැගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කොළඹදී පැවැසීය. 19 February 2019
උතුරේ සිට දකුණු ඉන්දියාවට ප්‍රවාහන බෝට්ටු සේවයක් කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාව දක්වා මගී සහ බඩු භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹීමට රජය තීරණය කර තිබේ. 19 February 2019
කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කරන්න බැරි බව මහින්ද කියයි කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියයි. 19 February 2019
ෆේස්බුක් හරහා පොලිසියට බැන්න තරුණයෙක් අත්අඩංගුවට පිටිගල පොලිසියට හා පොලිස් දෙපාර්තමේන්තුවට හානිදායක අයුරින් ෆේස්බුක් ගිණුම ඔස්සේ පෝස්ට් පළ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙක් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 19 February 2019
වේල්ලවීදියේ වෙඩි තැබීමට සැකපිට ‘රයිනා’ එස්ටීඑෆ් අත්අඩංගුවට කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ‘රයිනා’ ලෙස හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 18 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026