(ඩයනා උදයංගනී)
උපාධිධාරීන් 50,000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බාහිර අභ්‍යන්තර භේදයකින් තොරව 2012සිට 2019 - 12- 31 දක්වා කාලයේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට මෙහිදී රැකියා ලබාදෙන බව ඇමතිවරයා කීවේය.
පාසල් ගුරු පුරප්පාඩු, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, ආයුර්වේද, මිනින්දෝරු ආදී දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ආදියේ පුරප්පාඩු සඳහා මාර්තු 1 වැනිදා සිට මෙම පිරිස බඳවාගෙන වසරක පුහුණුවක් ද ලබාදෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.
ඔවුන් වසර 5ක දුෂ්කර සේවයට යොමු කරන බවද හෙතෙම පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මැතිවරණය ඉලක්ක කරගත් ඡන්ද ගුණ්ඩු බව පැහැදිලියි. මේ වනවිට දහස් ගණනක් රැකියාවලින් දොට්ට දමලා. ඒ නිසා අපි අපේ අදහස් වෙනස් කළා. දැන් රටේ පැතුම ''ගෝඨා සජිත් යෝගයක්.............සාමය සපිරි දේශයක් ''
පඩි ගෙවීමක් නැතුව ස්වෙච්චා සේවකයන් හැටියට බඳවා ගන්නවානම් වඩා හොඳයි නේද?
සජිත් පුතාට ඇපත් නෑ
ආර්ථික ඔස්තාර් කටින් බතල හිටවනවා. කොහොමටත් අපි එයාගේ කතා අහලා තියෙනවා. බලන් ඉදිමු.