( දිල්රුක්ෂි ග්‍රේරු )
යම් පුද්ගලයකු සඳහා ග්‍රාම නිලධාරීවරයකු විසින් නිකුත් කරනු ලබන පදිංචි සහතික සහ චරිත සහතිකය ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනු අත්සනින් තොරව වලංගු සහතිකයක් වන බවට පත් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛය එළැඹෙන 10 වැනිදා සිට වලංගු වේ.
මහජනතාවට සිදුවන අපහසුතාවන් අවම කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය මත සිදු කෙරෙන මෙම වැඩපිළිවෙල රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.
ග්‍රාම නිලධාරීවරයකු නිකුත් කරනු ලබන චරිත සහතිකයක් හෝ පදිංචි සහතිකයක් වලංගුබව තහවුරු වීමට නම් අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනු අත්සන සහිතව නිකුත් කළ යුතු ක්‍රමවේදයක් මීට පෙර පැවැතිණි.
එම ක්‍රමය අහෝසි කරමින් මෙම නව චක්‍රලේඛය නිකුත් කිරීමට අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලින් ග්‍රාම නිලධාරීන් සඳහා පදිංචි සහතික සහ චරිත සහතික පොත් නිකුත් කිරීමේදී එම පොත්වල ඇතුළත් සෑම සහතිකයක්ම ග්‍රාම නිලධාරී කොට්ඨාසය සඳහන් මුද්‍රාව තැබීමෙන් අනතුරුව පමණක් ග්‍රාම නිලධාරීන්ට නිකුත් කළ යුතු බවද චක්‍රලේඛයේ සඳහන්ය.
එමෙන්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නම හා ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ නම ඇතුළත් මුද්‍රාවක් සකස් කර තිබිය යුතු අතර එය සකසන තුරු දැනට භාවිත කරන මුද්‍රාව භාවිත කළ යුතු බවත් පදිංචි සහතික චරිත සහතික හැර වෙනත් ආකෘති/ ලිපි හෝ සහතික භාවිත කර පදංචිය සහ චරිතය පිළිබඳව තහවුරු කිරීම සිදු නොකරන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් ලබා දෙන ලෙසද එහි දක්වා තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව දිවයින පුරා සියලු දිස්ත්‍රික් ලේකම්වරු, දිසාපතිවරු සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට මෙම ලිපිය යොමු කර අදාල පාර්ශව දැනුම්වත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දන්ගෙ අධිරාජ්‍යවාදයෙන් පුරුදු කළ "නිලධාරිවාදය" තවම අපේ රටේ තියෙනවා - ග්‍රාම සේවකට කළ හැකි කාරියට ප්‍රාදේශීය ලේකම් මොකටද? ප්‍රාදේශිය ලේකම්ට කළ හැකි කාරියට දිසාපති මොකටද? - දිසාපති කළ යුතුදේට මන්ත්‍රිතුමා අත දාන්න මොකටද? - රාජ්‍ය සේවකයාට පැවරෙන වගකීම නිසියා කාරව ඉටු කරන්නේ නම් රටේ බොහෝ ප්‍රශ්න විසඳීමට ජාතික-අය වැයෙන් මිලියන් ගණන් වියදම් කිරිමට අවශ්‍ය නොවේ. හැබැයි ඉතිං රට මේ තත්වයට ගෙන්න අමාරුයි.
ඒ කියන්නේ මීට පස්සේ හැඳුනුම්පත් ගන්න කොට මිනිස්සු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න දෙයක් නැහැ, ග්‍රාමසේවකගේ පදිංචි සහතිකය අරන් කෙලින්ම හැඳුනුම්පත් දෙපාර්තුමේන්තුවට ගිහින් හැඳුනුම්පත ගන්න පුළුවන් කියන එකද? එතකොට හැඳුනුම්පත් දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියේ ඒ බව දැම්මද? නියෝගයක් දෙන කොට පැහැදිලිව දෙන්න එපෑය.
ලොකුම ලොකු දෙයක් පින් ජනාධිපතිතුමනි වටිනාකම කියලා නිම කරන්න බැහැ
දැන් වුනත් අත්සන් කරන්නේ ලොකු රාලහාමි මිසක් ප්‍රාදේශීය ලේකම් නෙවෙයි. ඒකටත් නිවාඩු ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕන. මේ අලුත් ක්‍රමය නිසා රෑ වුනත් වැඩේ කරගන්න පුළුවන්.
තවත් ඉතා හොද දෙයක් ජනපතිතුමානි. ඒ වගේම පොඩ්ඩක් බලන්න රථවාහන දඩ වගේ ඒවා වුනත් මිනිස්සු රස්තියාදු නොකර ක්ෂනිකව ගෙවන්න ක්‍රමයක් ඇති කරන්න. වෙන රටවල අන්තර්ජාලයෙන් වගේම දුරකථනයෙන් ගෙවන්න පුලුවන්. ඒ වගේම උසාවිවලත් නඩු ඉක්මන් කරන්න ක්‍රමයක් හදන්න. ඉඩම් නඩු එහෙම පරම්පරා ගගනන් අදිනවා. නිකන් මහජන මුදල් නාස්ති වෙන්නේ..
ඒ වගේම පොලිස් සහතිකය ගන්න ගියාමත් මොනවද රට හිසස්සන වැඩ ටිකක් තියෙනවා.