(ඩයනා උදයංගනී )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පිවිසීම සඳහා නව මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
කාර්යබහුල අවස්ථාවලදී පැමිණෙන හා පිටවන විශාල මගීන් ප්‍රමාණය හේතුවෙන් එහි ප්‍රවේ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවන බැවින් මෙම පියවර ගත් බව සම කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය.
මිනුවන්ගොඩ මාර්ගයේ සිට ද්විත්ව මතීරු මාර්ග දෙකක් මෙහිදී ඉදිකිරීමට නියමිතය
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සල්ලි කොහෙන්ද? අගමැතිතුමා ඉන්දියාවට ගිහින් ඇමරිකාව ඉන්දියාව හරහා දෙන්න හදන එම්සීසී එකේ ඇමරිකන් ඩොලර් මිලියන් 450න් ද? ඒ කියන්නේ යූ ටර්න් ආණ්ඩුව කරන සියලු සංවර්ධන වැඩ කරන්නේ රට ඇමරිකාවට විකුණපු සල්ලි වලින්ද? මේකටද ජනතාව ඡන්දෙ දුන්නේ? වෙච්ච එකම වෙනස රට පාවා දෙන කඳවුර වෙනස් වෙච්ච එක විතරද? කරන්නේ එකම දේ.
කරුණාකර ගුවන්තොටුපලට වෙනත් දියුණු රටවල කරන ආකාරයට , ලංකාවේ ප්‍රධාන නගරවල සිට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කරන්න එතකොට ඔය තද බද අඩුවේවි , පසුගිය කාලේ සිටපු දේශපාලකයෝ ටැක්සි මාෆියා එක ශක්තිමත් කෙරුව මිසක් මගීන් ගැන සොයා බැලුවේ නැත. දැන් ජනතාවගේ පැත්ත ගන්න, ගුවන්තොටුපල මගීන්ගේ සැප පහසුව ගැන සොයලා බලන මහත්මයෙක් ජනපති වුන නිසා අපට පොඩි බලාපොරොත්තුවක් තිබෙනවා.