(ඩයනා උදයංගනී)
රට පුරා පසුගිය වසර 10ක් තුළ කිසිම ප‍්‍රතිසංස්කරණයක්, සංවර්ධනයක් නොකෙරුණු මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් මෙම වසර තුළදී සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙහිදී සංවර්ධනය කළ යුතු මාර්ග තෝරා ගැනීම සිදුකරන්නේ ද ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදයක් යටතේ බව කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මාර්ගය ප‍්‍රයෝජනයට ගන්නා පවුල් 25ක් පමණවත් පදිංචිව සිටීම, රෝහලක්, වෙළඳපලක්, පාසලක් ආදී ස්ථානයකට ගමන් කරන මාර්ගයක්වීම ආදී නිර්ණායක සැළකිල්ලට ගනිමින් එම ලකුණු ලබාදීම සිදුකරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
පළාත් සභාවල ද සහභාගීත්වය ඇතිව විදෙස් ආධාර ද ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද කැබිනට් ප‍්‍රකාශකවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ව්‍යාපෘති පටන් ගන්නේ ඊළඟ අයවැයෙන් පසුව බවක් අහන්න ලැබුනා. දැන් එම තත්වය වෙනස් වුනාද ? ඉස්සර කළා වගේ, චීනා ට දෙනවාද මේ කි. මි. ලක්ෂයම ? කලින් සැලසුම් කර ප්‍රමුඛත්වය තෝරා ගෙන ඇති ව්‍යාපෘති, ඇත හැර, අලුතින් ලැයිස්තු හදනවාද?
මොරටුව රාවතවත්තේ 1 පටුමග අවුරුදු 20කින් හදලා නෑ. පාරම මීටර් 600යි.
ලොකු දෙයක්. පුලුවන්නම් පිං අයිතිවෙයි මහකෙලිය-කටුපොත පාරයි වාරියපොල-කුඹුක්ගැටේ පාරයි හදලා දෙන්න වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා !