(ඩී.ජී.සුගතපාල)
වාහනවල දුම් පරීක්ෂණය නවතන්නැයිද කාබන් බද්ද අයකිරීම අහෝසි කරන්නැයිද සඳහන් කරමින් මුහුදුබඩ දුම්රිය මගී සමිතියේ සභාපති ගාල්ලේ ගුණපාල විතාරණ මහතා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
දුම් පරීක්ෂණය හා කාබන් බද්ද අයකිරීම පෞද්ගලික වාහනවලට පමණක් සීමා වී ඇති බවත් රජයේ වාහනවලින් බදු අය නොකිරීම අසාධාරණයක් බවත් එනිසා එය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ මහතා ලිපියේ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ගුණපාල විතාරණ මහතා මෙසේ කීය.
‘මෙය පටන් ගත්තේ පාඨලී චම්පික මහතා පරිසර ඇමතිවරයා ලෙස සිටි කාලයේදීයි. නමුත් දුම් පරීක්ෂණය කරන්නේ පෞද්ගලික වාහන, යතුරු පැදි, ත්‍රිරෝද රථ, පෞද්ගලික බස්රථ ආදියෙහි පමණයි.
ලංගම බස් රථවලින් ද රජයේ වාහනවලින්ද දුම් පරීක්ෂණ වාර්තා ලබා නොගෙන නිදහස් ආදායම් බලපත්‍ර නිකුත් කරනවා. මේ අනුව ලංකාවේ මාර්ගවල ධාවනය වන වාහනවලින් එක කොටසකින් පමණක් දුම් පරීක්ෂණ බදු අය කිරීම සාධාරණ නැහැ. එන්ජින් ගලවා තිබෙන සමහර වාහනවලටද දුම් පරීක්ෂණ වාර්තා නිකුත් කර තිබෙනවා. එසේ කරන්නේ මුදල් වාසිය නිසයි.
ලංගම බස්වලින් හා රජයේ ලොරි ඇතුළු වාහනවලින් දුම්පිට වන්නේ නැතිද? එනිසා මේ දුම් පරීක්ෂණය හා කාබන් බද්ද අහෝසි කරන ලෙස ප්‍රවාහන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ලංගම බස් වලින් සහ පුද්ගලික බස් වලින් ඇති විශාල ලෙස කළු දුම් පිට වෙනවා මාර්ග ධාවනයේදී. මේවයේ දුම පරිසරයට හිතකරද කියා දැනගන්න කැමතියි.
සියලුම වාහනවලින් දුම පිටවෙති කොටසකට පමණක් බද්දක් ගැනීම අසාධාරන යි.
අනිවාර්යයෙන් කල යුත්තක් එක්කෝ පරීක්ෂණය නිසිලෙස කර නිතිය ක්‍රියාත්මක කල යුතුය , නැතිනම් රටට විහිලු සපයන්නේ නැතුව මුදලාලිලා පොහොසත් නොකර ඕක අතහැර දැමිය යුතුය. මේකත් අර චම්පිකගේ අසාර්ථක ව්‍යාපෘතියක්.
එක කොටසකින් ගන්න එක අසාධාරණයි. කොමිස් ඇති එවකට ඕක ගෙනාපු ඇමතිට සහ නිලධාරීන්ට. එක්කෝ සම්පුර්ණයෙන්ම අහෝසි කරන්න ඕන. නැත්තම් ඔක්කොගෙන්ම ගන්න ඕනේ. රටක එකම දේට නීති දෙකක් තියෙන්න බෑනේ.
මේක මහ මෝඩ ඉල්ලීමක්නේ. එන්න එන්නම පරිසරය දූෂණය වෙලා. පිළිකා වැනි තත්වයන් වැඩි වෙලා. කළ යුත්තේ රජයේ වාහනකවලටත් දුම් පරීක්ෂණය අනිවාර්ය සහ විධිමත් කිරීමයි. කාබන් බද්ද නම් තේරුමක් නැහැ.
විදේශ රටවල් වල පට්ට ගහපු වාහන අපේ රටට ගෙනල්ලා අපිට හුස්ම ගන්න තියන නිදහසත් නැති කරගනිමින් කනෝ කනෝ කියලා කෑ ගහනවා වගේ වැඩක්.
රජයේ වාහන වලට නිදහස් බලපත්‍රය දුන්නට දුම් සහතිකය අවශ්‍යයි. මේ තියන වාහන වලින් දුම් පිටවීම පාලනය නොකළොත් අපිට දැනට තියන කොළඹ අවට පරිසර දූෂණය තවත් වැඩිවෙයි. ගුණපාල මහත්තයට ටිකට් එකක් අරන් දීලා ඉන්දියාවේ නවදිල්ලියට යැව්වොත් හොඳයි කොහොමද බලන්න.
අපේ රට වගේ පුංචි ලස්සන රටකට මොකටද මේ තරම් යාන, වාහන ? දියුණු රටවල්වල අද පුද්ගලික සහ රජයේ ඉන්ධන භාවිතා කරන යාන වාහන ලියාපදිංචි කිරීම අඩුකරලා, රජයේ වාහන ( දුම්රිය සහ බස් සේවාවන් ) විදුලිබලයෙන් ක්‍රියාත්මක වෙන වාහන වැඩි කිරීමට කටයුතු කරමින් පවතිනවා. අපි අපේ තරම තේරුම් අරගෙන කටයුතු කරනවානනම් මේ වගේ ප්‍රශ්න අපිට ඉතා ලේසියෙන් විසඳාගන්න පුළුවන් වේවි.
ඔව් ඔව් දුම් බද්දක් ඕනි නැහැ. ර්ත් වාහනයේ තත්වය බලන්න ඕනි (තත්ත්ව පාලන සහතිකයක් (controle technic.)එකක් ඕනිමයි. අවුරු දෙක තුනකට වරක් හෝ අලුත් වාහන වලට නැතිව අන් සියලුම වාහන වලට මගේ අදහස. අනික හැම අවුරුද්දෙම අදායම් බලපත්‍රයත් අසාධාරණයි.
කැලිෆෝර්නියාවේ ලොස් අන්ජෙලිස් නගරයේ මහපාර නොපෙන තරම් තදට වාහන දුමෙන් වැසි තිබුණා. ඒ කාලයේ පෙනහළු රෝග බහුලව තිබුණා. වාහවලින් පිටවන දුම පාලනය කරන තද නීති නිසා දැන් පරිසරය පිරිසිදුවී තිබෙනවා. වාතය පිරිසිදු කරන නීති නිසා දුම් පරික්ෂාව ඇති වුණා. වාහනයකින් සුසුදුසු ප්රණාමයට වඩා අපද්‍රව්‍ය පිටවෙනවානම් එයට පිළියම නොකලොත් එම අපද්‍රව්‍ය තමන්ගේ පෙනහළු පතිතවෙනවා. පෙනහළු වැඩෙන කුඩා දරුවන්ට බොහෝසේ බලපානවා.