‘රටේ ආරක්ෂාවටත් ස්වෛරීභාවයටත් ව්‍යවස්ථාවේ වෙනසක් ඕනෑ‘ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා. 03 January 2020
ගිණුම් වාර්තා නොදුන්නොත් දේශපාලන පක්ෂ 18ක් ලැයිස්තුවෙන් ඉවතට මේ දක්වා ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති දේශපාලන පක්ෂ 18ක් ඉදිරි සති දෙක ඇතුළතදී ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළහොත් පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. 03 January 2020
බාබර් සාප්පුවක දී කතුරකින් ඇන පුද්ගලයෙකු මරා දමයි බටපොල බොරලුවාතොට නින්දාන පිහිටි බාබර් සාප්පුවක් තුළදී කතුරකින් ඇන පුද්ගලයකු මරා දමා ඇතැයි බටපොල පොලිසිය පවසයි. 03 January 2020
‘අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ‘ පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය. 03 January 2020
අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානී මරුට ඉරාන විප්ලවීය හමුදාවේ, කුද්ස් බළඇණියේ නායක, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා, තම හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය බව අමෙරිකාව පවසයි. 03 January 2020
Y-12 යානයක් කඩා වැටී ගුවන් හමුදාවේ 4 ක් මරුට හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. 03 January 2020
‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’ විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් සිදුකරන පැරණි පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. එම පාඨමාලා රැකියා වෙළඳපොළට ගැළපෙන අයුරින් වෙනස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 03 January 2020
රූමි මොහොමඩ් ඇප මෝසම යළි ඉවත් කරගනී “සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට” සහභාගී වූ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් දෙන ලදැයි කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඞ් කාසිම් මොහොමඞ් රූමි මහතාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලීමක් කරමින් ඔහුගේ නිතීඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මෝසමක් ඊයේ (02) නැවත ඉවත්කරගෙන තිබේ. 03 January 2020
මහ මැතිවරණයට මනෝගනේෂන්ලාත් වවුනියාවට - මඩකලපුවට ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප්රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට තරග කරන බව ඒ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවැසීය. 03 January 2020
අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙරට වගුරු බිම් දෙකක් ගොඩකරවලා මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වගුරුබිම් දෙකක් පාතාල කල්ලියක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වකිණීම සඳහා ගොඩකරමින් සිටියදී කැලණිය කොට්ඨාස හා අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම ස්ථානය වටලා වගුරුබිම් යළි අත්පත්කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (02) පැවසීය. 03 January 2020
දූෂණ චෝදනා පත්වීමක් ජනපති අණින් අවලංගුයි දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැනිව කර තිබූ පත්වීමක් අවලංගු කර ඇත. 03 January 2020
පාර්ලිමේන්තුව දහවල් 1 තෙක් කල් තබයි අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අද (3) දහවල් 1.00 වන තෙක් කල් තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ කළේය. 03 January 2020
අටවැනි පාර්මේන්තුවේ සිව් වැනි සැසිවාරය අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් සිදු කෙරිණි. 03 January 2020
කඩාවැටුණු යානයෙන් නියමුවා ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. 03 January 2020
දිනේෂ්-ජොන්ස්ටන් නව ධූරයන් හි වැඩ අරඹති පාර්ලිමේන්තුවේ නව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු අද(03) පාර්ලිමේන්තු පිහිටි සිය නිල කාර්යාලයන්හිදී සිය ධූරයන්හි වැඩ කටයුතු ආරම්භ කළහ. 03 January 2020
රජය ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කරගනී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කර ගැනීමට රජය තීරණය කර ඇත. 02 January 2020
රාගම වෙඩි තැබීමේ සිද්ධියට යුද හමුදා කපිතාන්වරයකු අත්අඩංගුවට රාගම කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රීයේ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා හිටපු කපිතාන්වරයකු අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 January 2020
දියණියන් දෙදෙනා එල්ලා මව දිවි නසාගෙන කොස්ලන්ද ඌව මාවෙලගම තමිල්නාඩුව ප්‍රදේශයේ මවක අද (02 ) සිය දියණියන් දෙදෙනාව ගෙල වැලලා ගැනීමට සලස්වා, ඇයද සියදිවි නසාගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි. 02 January 2020
පුතාගේ විවාහයට යන්න පූජිතට අවසර ලැබී නෑ රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඒ මහතාට ඊයේ (01) බන්ධනාගාරයෙන් අවසර ලැබී නොමැත. 02 January 2020
නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් කරන්න යයි නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස එනම්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල වැනි රෝහලක් ලෙස පවත්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 02 January 2020
අමාත්‍යවරුන්ට - රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගැනීම නතර කරයි ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 January 2020
රාජ්‍ය ආයතන හතරක් සඳහා ප්‍රධානීන් පත්කෙරේ බුද්ධශාලසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතන හතරක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) ප්‍රධානීන් පත්කළේය. 02 January 2020
දිනේෂ්ට-ජොන්ස්ටන්ට නව තනතුරු පාර්ලිමේන්තුවේ නව සභා නායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කිරීමට අද (2) පැවැති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත. 02 January 2020
ලංකා බැංකුවේ නව සභාපති වැඩ අරඹයි ලංකා බැංකුවේ නව සභාපති ලෙස පත්වූ නීතිඥ කාංචන රත්වත්තේ කොළඹ පිහිටි එම බැංකු මූලස්ථානයේ දී අද (2) රාජකාරී ඇරැඹීය. 02 January 2020
නව දේශපාලන පක්ෂ මේ මාසයේදී ලියාපදිංචි කෙරේ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මාසයේදී යළි ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 02 January 2020
කොස්ලන්ද රක්ෂිතයට ගිනි තැබූ 6 දෙනා පරිවාසයට කොස්ලන්ද වන රක්ෂිතයට ගිනි තැබූ බව කියන පාසල් ළමුන් හය දෙනෙකු අද (2) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පරිවාස බාරයේ කැප්පෙටිපොළ ළමා නිවාසයට යොමු කරන ලෙස බණ්ඩාරවල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය. 02 January 2020
‘පාවිච්චි නොකළ විකිරණ යන්ත්‍ර අප්‍රේල් මාසයට පෙර භාවිතයට ගන්න’ මහරගම අපේක්ෂා රෝහල මෙතෙක් ප්‍රයෝජනයට නොගත්, විකිරණ යන්ත්‍ර තුනක් අප්‍රේල් මාසයට පෙර වහා භාවිතයට ගන්නැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට උපදෙස් දී තිබේ. 02 January 2020
‘විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග‘ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත්කර තිබේ 02 January 2020
ජනපති අණින් හමුදා උත්තමාචාරය නවතී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. 02 January 2020
රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී පිළිකා නාශක එක් බෙහෙත් කුප්පියකට වැඩිපුර මුදල් ගෙවා මිළදී ගැනීමේ ක්‍රියාවලියකට එරෙහිව වෙනත් ඖෂධ සමාගමක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය වහාම එකී මිළඳී ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලෙසට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 02 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026