හේමසිරි - පූජිත් 20 තෙක් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය. 06 January 2020
මන්දකට හසුකර දිවියා මැරූ තිදෙනෙක් අත්අඩංගුවට උඩවලව ජාතික උද්‍යානයේ ජීවත්වූ දිවියෙකු මන්දකට හසුකර මරාදැමී යැයි සැකපිට හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනෙකු අද (6) වැඩිදුර විමර්ශන සඳහා සෙවනගල පොලීසියට බාරදෙනු ලැබීය. 06 January 2020
අකුරැස්ස පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු අධිකරණයට රැගෙන යාමට සූදානම්ව සිටියදී පලායාම සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මාතර පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 06 January 2020
පොලිස් පරීක්ෂක නිශාන්ත ස්විස් රටට පැන යෑම: විශේෂ විමර්ශනයක් අරඹයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන ස්විට්සර්ලන්තයට පැනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 06 January 2020
ගම් හදන්න මන්ත්‍රීන්ට කෝටි දෙක බැගින් දීලා අය - වැය ලේඛනයක් සම්මත වනතෙක් මහා පරිමාණ ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නොකරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ‘ලංකාදීප’යට පැවසීය. 06 January 2020
ලිබියාවේ හමුදා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 33 ක් මරුට ලිබියාවේ අගනුවර ට්‍රිපොලි හි හමුදා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 33 දෙනකු පමණ මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. 05 January 2020
විදේශීය හමුදා භටයින් නෙරපා හරින්නැයි ඉරාක මන්ත්‍රීවරු ඉල්ලති ඇමෙරිකානු හමුදා ඇතුළු විදෙස් හමුදා රටින් පිට කිරීමට ආණ්ඩුවට බල කරමින් ඉරාක පාර්ලිමේන්තුවේදී අද (5) යෝජනාවක් සම්මත කරගත්තේය. 05 January 2020
පාසල් බෑග් - පොත්පත් විකිණීමේ ව්‍යාපාර ගැන පැමිණිලි පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය ඔවුන් ඉගෙන ගන්නා පාසල් වලින්ම මිලදී ගැනීමට බල කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට සහ ගුරු සංගම් වලට පැමිණිලි ලැබී තිබේ . 05 January 2020
ඉරාක විදේශ අමාත්‍යාංශය ඇමෙරිකා තානාපති කැඳවයි ඉරාක විදේශ කටයුතු අමාත්‍යාංශය එරට සිටින ඇමෙරිකා එක්සත් ජනපද තානාපති මැතිව් ටියුලර් කැඳවා තිබේ. 05 January 2020
පළමු වි20 තරගය අතහැර දමයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටිහිදී අද (05) පැවැත්වීමට නියමිතව තිබූ පළමු වි20 තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමට සිදුවිය. 05 January 2020
‘‘ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා භටයින්ට ඉරානය පහර දෙන්න පුළුවන්‘‘ ඉරානය ඇමෙරිකානු හමුදාවලට ප්‍රහාර එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අද (5) ප්‍රකාශ කළේය. 05 January 2020
‘‘මංගල ඇතුළු පිරිසකට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමේ අවශ්‍යතාවයක් තිබුණා‘‘ ඩයස් පෝරාව ඇතුළු බලවේග වල වුවමනාව මත මංගල සමරවීර ඇතුළු කිහිපදෙනෙකුට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමේ අවශ්‍යතාවයක් ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 05 January 2020
‘‘ඉරානයේ සංස්කෘතික ස්ථානවලට පහරදීමට සැලසුම් කිරීම යුද අපරාධයක්‘‘ ඉරානයේ සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථානවලට පහර දීමට ගන්නා ඕනෑම තීරණයක් “යුද අපරාධයක්” යැයි ඉරාන විදේශ අමාත්‍ය ජවාද් සරීෆ් පැවැසීය. 05 January 2020
ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය සරසවියක් කිරීමට යයි දියතලාවේ අක්කර 75 ක භූමි ප්‍රදේශයක පිහිටි ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 05 January 2020
‘‘එජාප නායකත්වය සජිත්ට නොලැබුණොත් වෙනම සන්ධානයකින් මැතිවරණයට‘‘ සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත් ඉදිරි මහමැතිවරණය සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ලංකාදීපයට අද (05) පැවැසීය. 05 January 2020
ගුවන් අනතුරෙන් මියගිය ලුතිනන්වරයාගේ අවසන් කටයුතු හමුදා ආචාර මැද හපුතලේ අයිස්පිල්ල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය බලපන්ති ලුතිනන් ලංකාපුර කුලතුංග මහතාගේ අවසන් කටයුතු අද (05) පස්වරුවේ හොඩියාදෙණිය වේගිරිය පොදු සුසාන භූමියේදී ගුවන් හමුදා ආචාර මධ්‍යයේ සිදු කෙරිණි. 05 January 2020
රාජ්‍ය ඇමතිවරු 4 කට ආයතන වගකීම් පැවරේ රාජ්‍ය ඇමතිවරුන් සිව්දෙනෙකුට රාජ්‍ය ආයතන හා වගකීම් පවරමින් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ. 05 January 2020
නිලධාරිනියෝ අටක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට වසර 150ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට නිලධාරිනියෝ අට දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබ සිටිති. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පැවැතියේ එක් පුරප්පාඩුවක් වුවත් එම තනතුරට පොලිස් නිලධාරිනියන් අට දෙනකු පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි ව තිබේ. 05 January 2020
අධිකරණයට ගෙනා සැකකරුවෙක් පොලීසියෙන් මිදී පළා යයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ සැකකරුවෙක් අද(05) පොලිස් නිලධාරීන් ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිසිය කියයි . 05 January 2020
ඉන්දියාව පන්දු යැවීම තෝරාගනියි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටිහිදී අද (05) පැවැත්වීමට නියමිත පළමු වි20 තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 05 January 2020
‘‘දෙමළ ජාතික සන්ධානය විශ්වාස නෑ‘‘ දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධානගත වී ඉදිරි මහමැතිවරණයට තරග නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ලංකාදිපයට පැවසීය. 05 January 2020
රංජන්ට ඇප හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යු.කේ. පැල්ලපොල මහතා අද (05) නියෝග කළේය. 05 January 2020
මඩකලපු බන්ධනාගාර සිරකරුවෝ 28 ක් විරෝධතාවයක මඩකලපුව බන්ධනාගාර වහලය උඩට නැග ගත් සිරකරුවන් 28 දෙනෙකු අද (5) දහවල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 05 January 2020
නිදහස් උත්සවයේ පෙළපාළිය අඩු කරන්න පියවර 72 නිදහස් දින සැමරුම් උත්සවයේ පෙළපාළියට සහභාගී වන පිරිස මෙවර 30% කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. 05 January 2020
මොරටුව තාක්ෂණ විද්‍යායතනයට නිසි බලධරයෙක් මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත් කර ඇත. 05 January 2020
රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රුපියල් මිලියන 58 ක් වටිනා රන් බිස්කට් 65 ක් තම සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පෝටර්වරයකු අද (5) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය . 05 January 2020
ඉරාකයේ අගනුවරට මෝටාර් - රොකට් ප්‍රහාර ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන්” ප්‍රදේශයට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි ආරක්ෂක අංශ සඳහන් කරයි. 05 January 2020
බූස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් අඩක්ම අසනීප නිවාඩු බූස්ස බන්ධනාගාරයේ සේවය කරන නිලධාරීන්ගෙන් අඩක් පමණ දින කිහිපයක සිට අසනීප නිවාඩු වාර්තා කර ඇති බැවින් බන්ධනාගාරයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිඑම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 05 January 2020
නීතිඥ සංගමය ස්විස් නිවේදනය හෙළා දකී ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ‘නිසි ක්‍රියාදාමය’ට ඇති කැපවීම ප්‍රශ්න කිරීමට තුඩු දුන් බව සඳහන් කරමින් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉකුත් දා කර තිබූ නිවේදනය හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. 05 January 2020
ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති තමන් ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කරති. 05 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026