දුම්රියේ සිඟමන් ගිය කතක් සතුව තිබී ලක්ෂ 2 ක් සොයා ගනී දුම්රියේ සිඟමන් යෙදීමේ දී අද (2) අල්ලා ගනු ලැබූ යාචක කාන්තාවක සතුව රුපියල් 214,290 ක පමණ මුදලක් තිබී සොයා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාය පවසයි. 02 January 2020
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදිත්‍ය ලොවම පරදවයි අන්තර් ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ දී රටවල් 162 ක් අභිබවා රන් පදක්කම දිනා ගැනීමට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රෙහාන් ආදිත්‍ය වීරකෝන් සිසුවා සමත්ව තිබේ. 02 January 2020
මහමැතිවරණයට මඩකලපු-වන්නි දිස්ත්‍රික්කවලින් තරග කරන බව මනෝ ගනේෂන් කියයි ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප්රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට තරඟ කරන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවැසීය. 02 January 2020
හෙලිකොප්ටර් අනතුරකින් තායිවාන හමුදා ප්‍රධානියා මරුට තායිවානයේ තායිපේ අගනුවර අසන්නයේ දී යුද හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් ප්‍රධාන හමුදා නිලධාරීයා ඇතුළු අටදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 02 January 2020
සුදු වෑන් මාධ්‍ය හමුවේ දෙදෙනාගෙන් සිරගෙදරදී යළිත් ප්‍රකාශ ගනී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් දෙදෙනාගෙන් නැවත ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිට බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (1) නියෝග කළේය. 02 January 2020
කෝටි 2500 ක හිඟ බිල් මහා මාර්ගයේ ගොඩ ගැහිලා ඉකුත් රජය සමයේ සිදුකළ මාර්ග ඉදිකිරීම් හා සංවර්ධනය කිරීම් වෙනුවෙන් කළයුතු ගෙවීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පාර්ශ්වයන්ට නිසි පරිදි නොගෙවීම නිසා මහා මාර්ග අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 2500 ක් පමණ ගෙවීමට තිබෙන බව මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ඊයේ (1) පැවසීය. 02 January 2020
යුද හමුදාපති වැ.බ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ අරඹයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ( 02) වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ බාරගත්තේය. 02 January 2020
රාජිත රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට නාරාහේන්පිට ලංකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (01) පෙරවරුවේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ. 02 January 2020
ජල කාන්දුව ගැන බිය නොවන්නැයි මොරගහකන්දේ ඉංජිනේරුවරු කියති මොරගහකන්ද ජලාශයේ ජල කාන්දුව සම්බන්ධයෙන් කිසිදු ආකාරයෙන් බිය විය යුතු නැතැයි තමන් යළි තහවුරු කරන බව ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී.විජේරත්ත මහතා පැවසීය. 02 January 2020
ජනපති 14 දා චීනයට දෙදින නිල සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 02 January 2020
රාගමදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට රාගම ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 01 January 2020
නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු යටතේ පොලිස් මාධ්‍ය ඒකකය යළි පිහිටුවයි නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයකු යටතේ පොලිස් මාධ්‍ය ඒකකය අද (1) සිට යළි පිහිටුවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 01 January 2020
විදේශීය තනාපති කාර්යාලයන්හි ලාංකික තානාපතිවරුන්ට දෙසතියක කාල දිගුවක් දේශපාලන පත්වීම ලැබ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල තානාපති ධූරයන් හි කටයුතු කරන රාජ්‍යතාන්ත්‍රිකයින් සියලූ දෙනා යළි ශ්‍රී ලංකාවට පැමිණිමේ කාලය ලබන 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දී ඇත. 01 January 2020
අවුරුදු උදාවේදී අනතුරු වලින් පුද්ගලයින් 480ක් ජාතික රෝහලේ 2020 නව වසර උදාවත් සමඟ 30 වැනි දින රාති‍්‍රයේ හා 31 යන දෙදින තුළ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 480 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි. 01 January 2020
‘දක්ෂිණ අධිවේගයේ මාතර-හම්බන්තොට කොටසේ වැඩ අලුත් අවුරුද්දට පෙර නිම කරනවා‘ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා සම්පූර්ණ කොටස වැඩ නිම කර සිංහල අලූත් අවුරුද්දට පෙර විවෘත කරන බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (1) පැවසීය. 01 January 2020
නිදහස් වීසා අප්‍රේල් 30 තෙක් දිගු කරන්න යයි රටවල් 48 ක් සදහා ලබාදී තිබූ නිදහස් වීසා කාලය අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 January 2020
‘පාර්ලිමේන්තුව විසිරුවන තෙක් ආණ්ඩුව පෙරළන්න ඕනි නැහැ‘ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාළය තුළ ආණ්ඩු පෙරැළීමේ කිසිදු වුවමනාවක් විපක්ෂයට නැතැයි හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට අද (1) පැවැසීය. 01 January 2020
බස් රථවල ඝෝෂාකාරී ගීත නවත්වන්න දින 15ක සහන කාලයක් ලංගම සහ පෞද්ගලික බස් රථවල මගීන්ට හිංසා වන අයුරින් වාදනය කරන ගීත තැටි සහ වීඩියෝ පට වාදනය කිරීම නැවැත්වීම සඳහා ජනවාරි 15 වැනිදා තෙක් සහන කාලයක් ලබා දෙන බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (1) ’ලංකාදීප’යට ප්‍රකාශ කළේය. 01 January 2020
‘රජයේ සියලු තීන්දු තීරණ-චක්‍රලේඛ ගැන සියලු දෙනා දැනුම්වත් විය යුතුයි’ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් කරනු ලබන චක්‍රලේඛ සහ රජයේ සියලූම තීන්දු තීරණ පිළිබදව ඉහළම නිළධාරීන් මෙන්ම සාමාන්‍ය නිළධාරීන් හා සේවකයන්ද අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ. 01 January 2020
කංසා පැළ 12,120ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට මොනරාගල ඇතිමලේ සියඹලාව රක්ෂිතයේ අක්කර දෙකක භූමියක වවා තිබූ අඩි හතක් පමණ උස කංසා පැළ 12,120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලීසිය පවසයි. 01 January 2020
එතනෝල් ආනයනය නවත්වයි මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් ආනයනය කිරීම අද (01) සිට වහාම ක්‍රියාත්මක පරිදි තහනම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. 01 January 2020
පොල් සම්බන්ධ ආයතන 4කටම නව සභාපතිවරයෙක් පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතතනය සහ කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩලය යන ආයතන හතරේම නව සභාපතිවරයා ලෙස ජයන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. 01 January 2020
ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ සතියේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 01 January 2020
පාසල් 47ක් ජනවාරි 5 වැනිදා තෙක් වහයි අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 47ක් ජනවාරි 05 වැනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 01 January 2020
බත් මුට්ටියේ උණු කැඳ වැටී පිළිස්සුණු දැරිය මරුට යාපනය මණියන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දැරියකගේ සිරුර මතට බත් මුට්ටියක් පෙරලී එහි තිබූ කැඳ වතුරට සිරුර දැඩි ලෙස පිලිස්සීමෙන් අවුරුදු දෙකක් වයසැති දැරියක් අද (01) ම මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. 01 January 2020
මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක් මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට පවතින ජල කාන්දුව ජලාශයට හෝ බැම්මට විශාල හානියක් නොවන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘති අධ්යක්ෂ පි .බී . විජේරත්න මහතා පැවසීය. 01 January 2020
“2020 බලාපොරොත්තු තබාගත හැකි - මැතිවරණ පවත්වන වසරක්” උදා වූ නව වසර බලාපොරොත්තු තබාගත හැකි වසරක් බවද, රට සංවර්ධනය කෙරෙන, ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කෙරෙන, මැතිවරණ පවත්වන වසරක් බවද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(1) තංගල්ලේදී පැවසීය. 01 January 2020
ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද ලංකාවට කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැරවලට ලක්වී පසුව එරට තානාපති කාර්යාලයේ රඳවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (1) දිවයිනට පැමිණීමට නියමිතය. 01 January 2020
වේරහැරදී වංචනිකව මුදල් ගත් හය දෙනා රිමාන්ඩ් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සේවා කටයුතු ඉක්මණින් ඉටුකර දෙනබව පවසා ජනතාවගෙන් වංචනිකව මුදල් ලබාගත් හයදෙනා අද (31) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා නියෝග කළේය. 31 December 2019
රුපියලේ අගය ඉහළට ඉකුත් වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 31 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026