
(රවී ලියනගේ)
හික්කඩුව සංචාරක පුරවරයට කුඩු බෙදාහරින ‘කුඩු සුරංග‘ නැමැති පුද්ගලයා අද (27) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී කුඩු ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 100 ක් සොයාගත් බවද පොලිසිය පැවසීය.
අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරු හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල්මැස්සන්ව අල්ලන ගමන් අර මීගමුවේ ඉන්න මෝරාවත් ඇල්ලුවා නම්...