
නෝර්වේ රජය, ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් දෙරට අතර ඇති සවිමත් ද්විපාර්ශවීය සබඳතා සහ දිගුකාලීන හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන වබත් මෙරට නෝර්වේජියානු තානාපති ට්‍රීනා යුරන්ලි මහත්මිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් අද (27) ප්‍රකාශ කළාය.
දෙරට අතර තිරසාර සාගර ආර්ථික, වැනි පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පවතින බව ද නෝර්වේජියානු තානාපතිනිය මෙහිදි සිහිපත් කළාය.
කොළඹ අරලිය ගහ මන්දිරයේදී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ද්විපාර්ශවීය සබඳතා ඇතුළු දෙරටට පොදුවේ බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් නෝර්වේ තානාපතිනිය එම කරුණු සඳහන් කළාය.
මහ මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළ නෝර්වේ තානාපතිනිය ‘කොවිඩ්-19’ මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මහ මැතිවරණය සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ද පැසසුම් එක් කලාය. මුල සිටම කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් ‘කොවිඩ්-19’ වසංගතය රට තුළ ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාව සමත් වූ ආකාරය ඉතා ප්‍රශංසනීය බව ද නෝර්වේ තානාපතිනිය මෙහිදි අග්‍රාමාත්‍යවරයාට, පැවැසුවාය.
ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර වාණිජ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාව, පෞද්ගලික අංශයේ සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳවද මෙම හමුවේදී සුවිශේෂී අවධානය යොමු විය. නෝර්වීජියානු ආයෝජකයන් විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, සූර්ය, සුළං සහ ජල විදුලිය මෙන්ම සමුද්‍රීය අංශය කෙරෙහි උනන්දුවක් දක්වන බව ද තානාපතිනිය මෙහිදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නාය.
වසර 2013 සිට 2019 දක්වා කාලය තුළ නෝර්වේ රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3 ක් ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති බව සිහිපත් කළ තානාපතිනිය සැප්තැම්බර් මාසයේදී ධීවර කළමනාකරණ මෙවලම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද කීවාය.
‘කොවිඩ්-19’ ව්‍යසනයෙන් නිසා සිදු වූ ආර්ථික බලපෑම පිළිබඳවද අග්‍රාමාත්‍ය සහ තානාපතිනිය අතර සාකච්ඡාවේදී අවධානය යොමු විය. නව කොරෝනා ව්‍යසනයේ දීර්ඝකාලීන සමාජ-ආර්ථික බලපෑම් සමනය කරගැනීම උදෙසා උපකාර අවශ්‍ය රටවලට සහාය දැක්වීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කර ඇති බහු-පරිත්‍යාග භාර අරමුදලක් සඳහා දායක වීමටද නෝර්වේ රාජ්‍යය මේ වසරේ අප්‍රේල් මාසයේදී පියවර ගත් බව තානාපතිනිය මෙහිදි අග්‍රාමාත්‍යවරයාට පැවැසුවාය.
මේ වනවිට එම අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් මෙරටට හිමිව තිබේ.
‘කෝවිඩ්-19’ ව්‍යසනය හමුවේ ජාතික ආරක්‍ෂාව හා පුද්ගල නිදහස අතර මනා සමබරතාවක් පවත්වා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බවද මෙහිදි පෙන්වාදුන් තානාපතිනිය අග්‍රාමාත්‍යවරයා සහ අභිනව ආණ්ඩුව වෙත ලැබී ඇති පැහැදිලි ජනවරම සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත වඩා හොඳ ජීවන තත්ත්ව උදා කරමින් වඩා අන්තර්ග්‍රාහී සමාජයක් බිහි කිරීම වෙනුවෙන් යොදාගැනීමට හැකිවේවා සුබ පැතුම් එක් කරන බව ද තානාපතිනිය මෙහිදි අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළාය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් ඈතින් තියාගන්න තරමට ඇඟට ගුණයි.
අනේ අම්මේ මොනවා පුළුල් කරගන්න හිතාගෙන වුණත් උත්තර නම් යවන්න එපා.
එරික් සෝල්හයිම් වගේ අයට ආපහු එන්නද පාර හදන්නේ?
දන්නවනේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට කෙළින්ම උදව් කරන රටක් තමයි ඔය. එරික් සෝල්හයිම් මතකයිනේ. රායප්පු ජෝසප් පියතුමන්ලා එහෙම මතකයිනේ කොටි යුද්ධ කාලේ..