ඝෝෂාකාරී ගීත වාදනය වන බස් රථ ගැන දන්වන්න දුරකතන අංකයක් ඝෝෂාකාරී ලෙස ගීත වාදනය වන හෝ වීඩියෝ ක්‍රියාත්මක කරන, පෞද්ගලික සහ ලංගම බස් රථ සම්බන්ධයෙන් 1955 නම් ක්ෂණික දුරකතන අංකය අමතා පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් අද (30) පැවසීය. 30 December 2019
රාජිතගේ අයැදුම්පත්‍රය විභාගයට නොගෙනම අවසන් කරන්න නියෝග හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අයැදුම්පත්‍රය සළකා බැලීමකින් තොරව අවසන් කරන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (30) නියෝග කර නියම කළාය. 30 December 2019
ඇමෙරිකාවේ පල්ලියක වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වයිට් සෙට්ල්මන්ට් හි පල්ලියක උදෑසන පූජාව පැවැත්වෙන අවස්ථාවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 30 December 2019
ගාර්නියර්ට ඇප ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව වන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (30) නියෝග කළාය. 30 December 2019
උණුවතුර බෝතලය ඇඟට වැටී බිලිඳා මරුට යාපනය කීරිමලේ ප්‍රදේශයේ නිවසකදී, උණුවතුර බෝතලයක් ඇඟ මතට පෙරළීමෙන් ඇති වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් බිලිඳකු මිය ගොස් ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි. 30 December 2019
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය ගිලා බැසීමෙන් මංතීරුවක් වහයි බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය දෙමෝදර හංදියට නුදුරු ප්‍රදේශයේදී ගිලාබැසීම හේතුවෙන් මාර්ගයේ එක් මං තීරුවක කොටසක් වසා දමා තිබේ. 30 December 2019
රාජිතට ඇප අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය. 30 December 2019
ජය ශ්‍රී මහ බෝධිය - රුවන්වැලිසෑයේ ආරක්ෂාවට අති නවීන ස්කෑන් යන්ත්‍ර 3 ක් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ සහ රුවන්වැලි මහ සෑ රදුන්ගේ ආරක්ෂාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තුනක් සවි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. 30 December 2019
ඩුබායි සිට පැමිණි මධුෂ්ගේ දෙවැනි බිරිය අත්අඩංගුවට මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී පෙරේදා (28) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක 30 December 2019
හොරණ කීරගල කුඩුකාරයන්ගේ වධකාගාරයක් හොරණ කිරිගලහේන ප්‍රදේශයේ පාළු නිවසක වධකාගාරයක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බව කියන දස දෙනෙකුගේ කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළුව හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 30 December 2019
සී.අයි.ඩී නව අධිපති නි.පොලිස්පති නුවන් වෙදසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පත් කරනු ලැබ සිටින බව පොලිස් මූලස්ථානය කියයි. 30 December 2019
ගාර්නියර් බැරිස්ටර් අධිකරණයට රැගෙන එයි ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මිය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 30 December 2019
සිමෙන්ති උපරිම සිල්ලර මිල ගැසට් කරයි මෙරට නිෂ්පාදිත කිලෝ 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 1005 ක් වශයෙන් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 30 December 2019
ජනවාරි 1 දා රට පුරා රාජ්‍ය ආයතනවල සුබ මොහොතින් පැළ සිටුවයි එළඹෙන ජනවාරි පළමු වැනිදා මුළු දිවයිනම ආවරණය වන පරිදි රාජ්‍ය ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ කටයුතු යොදා ඇත. 30 December 2019
විදුලි රැහැනක පැටලී අඹු සැමි යුවළ -ලේලිය මරුට මාතලේ උකුවෙළ ,ගුරුලවෙල ප්‍රදේශයේ කුඹුරක වල් ඌරන්ට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි මාතලේ පොලීසිය කියයි. 30 December 2019
වවුනියාවේ බස් අනතුරකින් 10 ක් තුවාල තංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේ දී පෙරැළී යාමෙන් 10 දෙනෙකු තුවාල ලැබූ බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි. 30 December 2019
‘පොල්හේනේ කුඩු හංසි’ අත්අඩංගුවට ප්‍රකට හෙරොයින් ජාවාරම් කරන තැනැත්තියක වන ’පොල්හේනේ කුඩු හංසි’ සහ ඇගේ අනියම් සැමියා හෙරොයින් තොගයක් සමග හබරාදුව පොල්හේනේදී අද(30) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 30 December 2019
සම්බන්ධන්ට ගිය රජයෙන් නිවසක් ලබාදීලා හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇත. 29 December 2019
රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා අද (29) එහි ගිය බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයක් රස්තියාදු වී හිස් අතින් ආපසු පැමිණීමට සිදුවී තිබේ. 29 December 2019
මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරනවා මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටී. 29 December 2019
‘සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි’ සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. 29 December 2019
‘රාජිතට සැඟවෙන්න උදව් කළ අයට නීතිමය පියවර’ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්රියාක්මක කළ යුතු බව 29 December 2019
‘විදේශයෙන් ගෙන්වන පැඟිරි තෙල් ආදේශකය නවත්වනවා’ ලංකාවේ නිපදවන ඉස්තරම් පැඟිරි වෙනුවට විදේශයෙන් ගෙන්වන වෙනත් ආදේශකය සොයා එය ගෙන්වීම නවත්වා ලංකාවේ නිපදවන පැඟිරි තෙල් සඳහා උපරිම ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය. 29 December 2019
උ.පෙළ ප්‍රතිඵල ලේඛන හෙට සිට නිකුත් කෙරේ 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන හෙට (30) සිට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 29 December 2019
‘බස්රථවල අමතර කොටස් මිලදීගැනීමේදී වංචාකරන ආයතන අසාදුලේඛන ගතකරනවා’ ලංගම බස් රථ සඳහා ටයර් සහ අමතර කොටස් මිලදීගැනීමේදී වංචා කරන ආයතන අසාදුලේඛනගත කිරීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(29) පැවසුවේය. 29 December 2019
දෙමළ ජනතාව ශ්‍රී ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක් දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම නැවතීමේ රජයේ තීරණය දෙමළ ජනතාව ශ්‍රි ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේපිත ජාතියක් කිරීමේ තවත් එක් අංගයක් බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. 29 December 2019
නව පාසල් වාරය ජනවාරි 2 ඇරැඹෙයි රජයේ සියලු පාසල්වල නව පාසල් වාරය ජනවාරි 2වැනි දින ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. 29 December 2019
එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ යට අද(29) පැවැසීය. 29 December 2019
රාජිත බන්ධනාගාර රෝහලට අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2019
ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර ඇත. 29 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026