
‘කොවිඩ්-19’ වයිරස වසංගතයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවේ හමුදා අත් කරගෙන ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් ඉන්දීය හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, ලුතිනන් ජෙනරාල් ඒ.කේ. හූදා මහතා මෙරට හමුදා වෙත සිය ප්‍රශංසාව පළ කළේය.
ඉන්දු ලංකා හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයීය නිලධාරීන්ගේ ඉහළ පෙළේ වැඩමුළුවක් ඉකුත් දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු අතර එහි සමාරම්භය සනිටුවහන් කරමින් ලුතිනන් ජෙනරාල් ඒ.කේ. හූදා මහතා මහතා ඒ බව සඳහන් කළේය.
‘‘බළකා ආරක්ෂාව සහ ආරක්ෂණ ක්‍රියාමාර්ග’’ යන තේමාවට යොමු කරමින් දෙරටේ හමුදා ‘කොවිඩ්-19’ වයිරස වසංගතය කළමනාකරණය කිරීමට අදාළ ප්‍රමිතගත මෙහෙයුම් ක්‍රියාවලී, මනා පිළිවෙත් සහ ගැටලු සාකච්ඡා කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.
එසේම, කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීමට සහ එය පාලනය කිරීමට විශේෂයෙන්ම අසල්වැසි රටවල් සහයෝගීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව හෙතෙම එහිදි පෙන්වා දුන්නේය.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතාද මෙම අවස්ථාවට එක්විය.
ගෝලීය වසංගතයට සාර්ථකව මුහුණ දීම සඳහා මනා පිළිවෙත් සහ දැනුම බෙදාහදා ගැනීමට මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම මේජර් ජෙනරාල් වෛද්‍ය එස්. එච්. මුණසිංහ වැඩමුළුව අමතමින් පෙන්වාදුන්නේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ රජය ගත් දුර දක්නා සහ ක්‍රියාකාරී පියවර හේතුවෙන් වයිරසයේ පැතිරීම පාලනය කරගැනීමට හැකි වූ බව ද ඔහු මෙහිදි සඳහන් කළේය.
රටවල් දෙක නියෝජනය කරමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර කලාපයට වැදගත් මෙන්ම එක් එක් හමුදා ගොඩනගා ගෙන ඇති වයිරස පාලනය කිරීමේ ක්‍රමවේද, කළමනාකරණය කිරීම සහ එහි බලපෑම සමනය කිරීම යනාදියට අදාළ ක්‍රියාමාර්ග ද මෙහිදි සාකච්ඡාවට ලක් විය.
එසේම, වසංගතයේ ප්‍රවණතා සහ අනාගත කළමනාකරණය සහතික කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කියුබාව, කේරලය මීටවඩා හොඳ නැද්ද?
මේක වුනේ සජිත් ප්‍රේමදාස මැතිඳු විපක්ෂ නායක වී බොත්තම ඔබපු අනුහසින් මිසක් මේ රජයේවත්, හමුදාවේවත්, වෛද්‍යවරුන්ගේවත් හෙදියන්ගේවත් මගුලක් නිසා නොවන බව ඉන්දියාවට කියන්න කවුරුත් නැද්ද...?
ප්‍රශංසාව කරන්න බැරි වුණේ පාමංකඩ, අලිමංකඩ නොදැන සිටි ගොබ්බයින්ට විතරයි.