‘‘කෝවිඩ් පැතිරෙන්න හේතුව සංචාරකයන් නොවේ‘‘ සංචාරකයින්ට නිල වශයෙන් රට විවෘත වූ දින සිට මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 21,915 දෙනකු පමණක් බවත් ,ඉන් සංචාරකයින් 220 දෙනකුට කොරෝනා ආසාදිතවූ බවට හඳුනාගත් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 15 August 2021
කට වැහුවොත් රට වහන්න අවශ්‍ය නෑ ජනතාව කට (මුව) වහන්නේ නම් රට වැසීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. 15 August 2021
12 වැඩි දරුවන්ට එන්නත් ඉක්මණින් මෙරට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 15 August 2021
’’වෙඩින්’’ තහනම්: එක්රැස් වීමටත් ඉඩක් නෑ නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල්‍යය උත්සව පැවැත්වීමට හෙට (17)මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු අවසර නොලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 15 August 2021
ත්රස්තයන්ට බලය පවරන්න ඇෆ්ගන් රජය සූදානම් තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර, සාමකාමී ලෙස බලය පවරා දීමට තමන් සූදානම් බව ඇෆ්ගන් රජය පවසයි. ඇෆ්ගන් රජය මෙසේ පැවැසුවේ තලේබාන් ත්රස්තවාදීන්, කාබුල් අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදීය. 15 August 2021
ත්රස්තයෝ කාබුල් අගනුවරට ඇතුළු වෙති තලේබාන් සටන්කාමීන් සෑම දිසාවකින්ම ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට ඇතුළු වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 15 August 2021
පාර්ලිමේන්තුව කල් දාන්නැයි විපක්ෂය ඉල්ලීමට යයි පාර්ලිමේන්තුව අඟහරුවාදා පමණක් රැස්වී කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත කරගෙන කල් දමන්නැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 15 August 2021
වේයන්ගොඩ කඩත් වහයි වේයන්ගොඩ නගරයේ පිහිටි තම සංගමයට අයත් සියලූ කඩසාප්පු සතියක කාලයකට වසා දැමීමට පියවර ගත් බව වේයන්ගොඩ වෙළෙඳ සංගමය කියයි . 15 August 2021
ගම්පහ නගරයේ කඩ හෙට සිට වහයි කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිනිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි. 15 August 2021
ලංගමයේ 285කට කොරෝනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් 285 දෙනෙකු මේ වන විට කොවීඩ් ආසාදිතයන් බවට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 15 August 2021
75ක් සපිරෙද්දී එජාප නායකයාගෙන් අලුත් වැඩක් එක්සත් ජාතික පක්ෂයේ 75 සංවත්සරයට සමගාමීව ආරම්භ කරනු ලබන පක්ෂ ප්රතිසංවිධාන ජාලය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වගකීම් විමධ්‍යගත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 15 August 2021
’’වෛද්‍ය නිර්දේශ හරියට ලැබුණොත් රට වහන්න සූදානම්’’ රට ’’ලොක්ඩවුන්’’(වැසීම )කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 15 August 2021
විනය කැඩූ ක්‍රීඩකයන් ඇමරිකාවට විනය කඩකිරීමේ චෝදනාවට මෑතකදී වසරක ක්‍රිකට් තහනමක් පැනවූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යෑමට සූදානම් වන බවට ක්‍රිකට් ආයතනයට ද නිල නොවන මට්ටමෙන් දැනගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 15 August 2021
‘‘මාරාන්තික ක්‍රීඩාවේ අවසානය බරපතළ ඛේදවාචකයක්‘‘ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයන් ඉදිරිපත් කරන යෝජනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින් ආණ්ඩුව සුපුරුදු පරිදි ’’ ජීවිත සමග ක්‍රීඩා කරමින් ’’ සිටින බවත් එම මාරාන්තික ක්‍රීඩාවෙහි අවසානය මොනතරම් බරපතළ ඛේදවාචකයක් දැයි නුදුරේදීම වටහා ගනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 15 August 2021
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමා කරයි ’කොවිඩ්’ අවදානම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සීමා කළ බව එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි. 15 August 2021
ගම්පහ ආසාදිතයන් පැය 24ට 2000 පනී ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින්,අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 2270 දෙනකු වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 15 August 2021
කිරි දානයෙන් කොරෝනා පොකුරක් හල්දුම්මුල්ල දඩයම් පොල කිරිඅම්මා දානමය පිංකමක් පැවැත් වූ නිවසකට සහභාගිවූ 14 දෙනකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා පවසයි. 15 August 2021
මල්වර උත්සවයට ආ 48කට නිවෙසින් පිට වෙන්න බෑ සෞඛ්‍ය අංශයේ අනුමැතියකින් තොරව නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක පැවැත් වූ මල්වර උත්සවයක් නතර කර එම උත්සවයට සහභාගි වු 48 දෙනකු මේ මස (28) දින දක්වා ඔහුන් පදිංචි නිවාසවලම ස්වයං නිරෝධානයට යොමු කළ බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි. 15 August 2021
පළාත් කීපයකට මද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 August 2021
ව්‍යජ නෝට්ටු සමග සැකකරුවකු අල්ලයි රුපියල් 500, රුපියල් 100, රුපියල් දහසේ, ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සමඟ සැකකරුවන් දෙදෙනකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 15 August 2021
මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහර දුන් දෙකක් අල්ලයි දික්වැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේදී දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 August 2021
‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්ෂණයෙන් නිවෙස්වල ‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් නිරෝධායනයේ සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥාවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය. 15 August 2021
අධිවේගයට බොරු තොරතුරු දුන්නොත් පිටවන විට වැඩ වරදී අධිවේගී මාර්ගයට ඇතුල්වන වාහන වැරදි තොරතුරු ඉදිරිපත් කළ හොත් ගමනාන්තයේදී එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 15 August 2021
නිරෝධායන නීති කැඩූ 109 පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 109කු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 15 August 2021
සඳුදා සිට ස්වයං සංචරණ සීමාවකට යමු ‘කොවිඩ්’ වසංගතයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමට සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක් ඇතිකරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 15 August 2021
සමාජයේ ආසාදිතයෝ දිනකට 30,000 ක් :වෛද්‍ය විශේෂඥයෝ අනුමාන කරති පරීක්ෂණවලින් අනාවරණය නොවුණද කොවිඩ් ආසාදිතයන් 30,000ක් පමණ දිනපතා වාර්තා වන බවට අනුමාන කළ හැකි යැයි වෛද්‍ය විශේෂඥයෝ පවසති. 14 August 2021
තවත් ආසාදිතයන් 822ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 822 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 August 2021
කොරෝනා මරණ 160ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 160 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 August 2021
ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම් දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් පසු ගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි තෙල් ගැනීම සදහා උදැසන සිටි දිගු පෝලිම් දක්නට ලැබුණි. 14 August 2021
අමාත්‍යංශ හතරක් වෙනස් වන හැඩ කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ . 14 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026