ජෛව ආරක්ෂක බුබුල කැඩූ ක්රිඩකයන් තිදෙනාට ක්රිකට් තහනමක්
එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුල බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්රී ලංකා ක්රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙක බැගින් තහනමක් ද, නිරෝෂන් දික්වැල්ලට වසර එකහාමාරක තහනමක් ද, පනවා තිබේ.