IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

රාගම වෛද්‍ය පීඨයේ  ශිෂ්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි සිටි සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි  .

සැකකරු නීතිඥවරයෙකු සමග අද අළුයම රාගම පොලිසියට පොලීසියට පැමිණ බාරවී මෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සැකකරුගේ තොරතුරු මත ඔහු පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගෙන ඇත .

අඩංගුවට ගත් සැකකරු දංකොටුව වලව්වත්තේ පදිංචි (23) හැවිරිදි තරුණයෙකි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් පස් දෙනෙකු අද දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

සැකකරුද අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .



අදහස් (4)

වෛද්‍ය සිසුන්ට පහරදුන් සිද්ධියට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

සෙනෙවිරත්න Thursday, 03 February 2022 12:48 PM

තාත්තා දන්නෙත් නැහැ .සම්බන්දත් නැහැ. මේව තමන්ගෙ නායකය නම් විශ්වාස කරයි. වයස 23 ක ළමය එහෙම කරවිද? කෝ අර අනුර කුමාරගෙ කසාද බැඳපු පුතා ක්ලබ් එකක නැටුවා කියලා වැලලෙන්න හදපු අය.

:       3       37

ජන හඩ Thursday, 03 February 2022 03:18 PM

මේ රටේ ඇමතිල ඉන්නේ රස්තියාදුකාරයන්ගේ සහ මදාවියන්ගේ කාර්යභාරය ඉටුකිරීමටද? අපට ලැජ්ජා තිබුණද මේ අයට ලැජ්ජාව නැති එකනෙ වැඩේ.

:       0       0

Bishan Thursday, 03 February 2022 03:44 PM

2026 දි බයියන්ට ඡන්දෙ දෙන්න තියෙන්නේ දැන් 23 හැවිරිදි පුතාට නේද?

:       0       0

sena Friday, 04 February 2022 03:11 AM

මහජනතාවගේ බදුමුදලින් යැපෙන පියවරුන් සහ පුතුන් රජයේ වාහන යොදාගෙන ජනතාවටම කරන පහරදීම් හෙලා දකිමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site