(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් තුන් ඉරියව්  ක්‍රීඩකයන් වන චාමික කරුණාරත්න සහ කමිඳු මෙන්ඩිස් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 

ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වීමට නියමිතව සිටි චාමික කරුණාරත්නට මේ හේතුවෙන් සංචාරය බලා පිටත්ව යාමට නොහැකි වූ බවත් ඔහු තවත් දින අටකින් පමණ පසු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත බවත්  ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් කීය