( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද සැමියාගේ ගෙල සිරකර නිදි යහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය කියයි.
ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ වසන්ත කුමාර(30) නමැති හිටපු හමුදා සෙබලෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා බිරිඳ සමග නිරතුරුව ආරවුල් හටගෙන තිබූ බවත් එදිනද ඔවුන් දෙදෙනා අතර සුපුරුදු ලෙස ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ආරවුලෙන් පසු මෙම පුද්ගලයා ගොස් නිදා ගැනීමෙන් අනතුරුව සැකකාරිය විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් නිලධාරියා කීය .
සැකකාරියගේ මව්පියන් ඒ ආසන්නයේ පදිංචිව සිටියත් ඔවුන් මෙම ආරවුල සමථයකට පත් කිරීම සඳහා මැදිහත් ව නැති බව පොලිස් නිලධාරියෙක් කීය .
ඝාතනය සම්බන්ධයෙන් ද පානදුර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd