
( සිතුම් චතුරංග)
ඉන්දීය ධීවර ගැටළුවට කඩිනමින් විසදුම් ඉල්ලා උතුරේ ධීවරයින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට යාපනය නුවර ප්‍රධාන මාර්ගය වසා අද (03) විරෝධතාවයක නිරත වූහ.
මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් කොල්ලකෑමක නිරතවන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙසට බලපෑම් කරමින්ද ධීවරයින් විරෝධතාවයේ නිරතවුහ.
විරෝධතාකරුවන් පවසා සිටියේ මෙරට ධීවරයින් ආරක්ෂා කිරීම සඳහා රජය වහා මැදිහත්වි ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය මංකොල්ලය නවතා දැමීමට කටයුතු කළ යුතු බවයි.
ඉන්දීය ධීවරයින් මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑමට අමතරව,මෙරට ධීවරයින්ගේ දැල් ආම්පන්න ඉරා දමමින් මෙරට ධීවරයින්ට පහරදීම පවා සිදුකරන බවත් මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් නොකරන ලෙසත් ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd