
(ඩයනා උදයංගනී)
මෙවර නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට සහ සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ තීරණය කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුනොවීම සහ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව එහි සේවය කරන මුනීන්ද්‍රන් නැමති සන් ක්‍රිස්ටියන්වරයාගේ නිදහස අහිමි කර අසාධාරණ ලෙස අත්අඩංගුවේ තබාගෙන සිටීම යන කරුණු හේතුවෙන් කාදිනල්තුමන් මෙම තීරණය ගෙන ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ අද (3) පැවසූහ.
එසේ වුවත් රටපුරා දේවස්ථානවල දී රට පුරා දේවස්ථානවල නිදහස් දින දේව මෙහෙයන් පැවැත්වෙන බවත්, කාදිනල්තුමන්ගේ නියෝජිතයෙක් නිදහස් දින රාජ්‍ය සැමරුමට සහභාගී වන බවත් පියතුමෝ සඳහන් කළහ.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්‍ෂණ ගැන සෑගීමකට පත්නොවන බව හා එම පරීක්‍ෂණ කඩිනම් කළ යුතු බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය ද පොලීසියට පැවසූ බව කී සිරිල් ගාමිණී පියතුමෝ අහිංසකයන්ට වද හිංසා කරන පසුබිමක් තුළ එම දේවස්ථානයේ දේවමෙහෙය මෙවර පැවැත්වීම කළ නොහැකි බවට කාදිනල්තුමන් තීරණය කළ බව ද සඳහන් කළහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක් .
ජාතිවාදය රට තුල වපුරවමින් මිනිස් ජීවිත බිල්ලට ගනිමින් බලයට පැමිණි පාලකයින්ට එරෙහිවීම පිලිබදව ඔබ තුමාට මාගේ ගෞරවනීය ප්‍රණාමය!! බඩගෝස්තරය වෙනුවෙන් පාලකයින්ගේ ජරාව ගිලමින් නින්දිත දිවියක් ගෙවන අනෙකුත් පුජකයින් ටත් ඔබව ආදර්ශයක් වේවා!!
ක්‍රිස්තියානි සභාව සහ රජය අතර ඇති වී තිබෙන මෙම ගැටුම රටේ පොදු යහපත උදෙසා සමථයට පත් කලයුතුය.
කාදිනල්තුමා පැත්තට යන්න එපා. බලමු කාදිනල්තුමා නැතුව නිදහස සමරයිද කියලා...!