දොම්පෙ හිටපු සභාපති මිලාන්-මන්ත්රී අජිත්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට
ගල් කොරියකට බලපත්ර ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්රී , දොම්පෙ ප්රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක හා දොම්පේ ප්රාදේශීය සභාවේ මන්ත්රී අජිත් සිසිර කුමාර මහත්වරුන්ට එරෙහි අල්ලස් නඩුව ජුනි මස 9 වෙනි දින සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) තිරණය කළේය .