ඉන්ධනහල්වලට පැය 24ම පොලිස් ආරක්ෂාව
දිවයින පුරා ඉන්ධන හල් වෙත පැය 24 පුරා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසත්, පාමුර සංචාර, ජංගම සංචාර යොදවා නිතරම ඉන්ධනහල් අසල පරීක්ෂාවට ලක්කරන ලෙසටත් පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විශේෂ චක්රලේඛයක් නිකුත් කර ඇකි බව පොලිස් මුලස්ථානය පවසයි.