‘බලධාරීන් දේශීය ඖෂධ නිෂ්පාදන අධෛර්ය කරලා‘
දේශීයව ‘කොලෙස්ටරෝල්’ පාලන පෙත්ත නිපදවා මසකට ඩොලර් 240000 ක් ඉතිරි කරගැනීමේ හැකියාව තිබියදී එය අධෛර්ය කර ඉන්දීයාවෙන් වැඩි මිලකට ඖෂධ ගැනීම පිළිබඳව සෞඛ්‍ය යාන්ත්‍රණ හසුරුවන ආයතන, ඒවායේ ප්‍රධානීන් සහ එම පත්වීම් ලබාදුන් දේශපාලකයන් සෘජුවම වගකිව යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.