
(අංජුල මහික වීරරත්න)
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා හමුවිය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා (Borut Pahor) අතර හමුවක් ද අද (07) සිදු විය.
ස්ලෝවේනියා ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් වූහ.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහත්වරු ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු පුතා ලෝකෙ වටේ ඇවිදිනව. කෝ දැන් රට හදනව කියපු කතා එකක්වත් නැහැනේ. නිකම් පඹයෙක් ගෙනත් ජනාධිපති මන්දිරේ හිටෙව්වා වගේ. වැදුරනා පඹයන්ට ලෝකෙ වටේ යන්න බැහැනෙන්.
යුගොස්ලෝවියාවේ වෙන් උනාට පස්සේ, ස්ලෝවේනියා හා ක්‍රොඒෂියා වැනි රටවල් සීග්‍රයෙන් සංවර්ධනය උනා. සංචාරයකට සුදුසු ඉතාම සුන්දර රටවල් දෙකක්. අනික, මිනිස්සුත් හරිම අවංකයි. අපේ ජනාධිපති එංගලන්තේ අලුත් අගමැති තුමාගෙනුත් හිඟා කනවද දන්නේ නැහැ? අහු උනොත් ඉතින් එතුමත් විනාශයි...
ණය ඉල්ලයි. බලාගෙන අතට අත දෙන්නේ.
මේ තරම් ලෝකෙ වටේ ගිිහිල්ලත් කිරි අත්ත කවුද කියලා හොයාගන්න බැරි වුණාද? දැන් නම් ජාන පරීක්ෂා කරලා බලන්නත් පුළුවනි.
" පින් ජනපති පින් අගමැති මුණ ගැසෙයි" වගේ කට කැඩිච්ච කතා එහෙම කියනවා නෙවේ ඔන්න.
දේශපාලනයේ පරිණත ජ්‍යෙෂ්ඨයා සහ ආධුනික කණිෂ්ඨයා අතර ඓතිහාසික හමුවක්.
අදේශපාලනයේ පරිණත ජ්‍යෙෂ්ඨයා සහ ආධුනික කණිෂ්ඨයා අතර ඓතිහාසික හමුවක්.
අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ටයි කෝට් දාගෙන ලෝකෙවටේ ගිහින් හිඟාකන්න.
මේ අයිසේ,ණය එහෙම ඉල්ලන්න එපා,හැඳුනුම්කමට ඕන්නං කෝපි එකක් බොන්න එක යන්නං.