කුලි වාහන මස් කළ දෙදෙනෙක් මාට්ටු කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් වාහන ගෙන ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සිටි කල්ලියක නායකයා සහ සගයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශය සදහන් කරයි. 10 February 2024
මෙහෙයුම අස්සේ සැරයන්ට වෙඩි:සැකකරු පොලිස් අවියත් අරන් පනී මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්ස කළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් අතර තුර පොලිසි සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී එම සැරයන්වරයාට තුවා ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 10 February 2024
අදත් පැහැදිලි අහසක් දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 February 2024
පංච පුද්ගල ඝාතනයේ සැකකරුවෙක් වෙට්ටු දමා පැන යයි බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් පිටුපස තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් හඹා යද්දී සැකකරු දුම්මලසූරිය නගරාසන්නයේ තුංතොට පාලම අසළ මෝටර් රථය දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. 09 February 2024
පොහොර සමාගමක අධ්යක්ෂවරු අල්ලන කලින් ඇප ඉල්ලලා පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබාදීමේදී රජයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනයන්හිදී පොලිස් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් ඇති හෙයින් ඇප නියම කරන්නැයි පොහොර සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය. 09 February 2024
කෑලි අමුණා හැදූ සුපිරිවාහනය සමග අවන්හල් හිමිකරු මාට්ටු කොටස් එකලස් කර සැකසූ සුඛෝපභෝගී මෝටර් රථයක් සමග අවන්හල් හිමිකරුවකු ගෝනපොළ දුවහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 09 February 2024
බලවතුන් ඉරණම තීරණය කරන තුරු ඉන්න එපා ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 February 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 381ක් රැස්කරයි සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් රැස්කිරීමට සමත් විය. 09 February 2024
පැතුම් වාර්තා පොතට ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විය. 09 February 2024
මුදල් සභාව යළිත් හර්ෂට නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය යළිත් වරක් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තේරී පත්විය. 09 February 2024
හොර බරට පාන් විකිණූ කඩ 200ක් කොටු ගැසට් නිවේදනයක් හරහා ප්‍රමිතිගත කළ පරිදි නියමිත බර ප්‍රමාණය සහ පාන්වල මිල ප්‍රදර්ශනය නොකළ රටපුරා බේකරි සහ වෙළෙඳසැල් 200 කට අධික සංඛ්‍යාවක් වැටලූ බවත් එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරි දින කීපයේදී නඩු පවරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (9) පැවසීය. 09 February 2024
උඩරට මාර්ගයේ දුම්රියක් අදත් පීලි පනියි උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් අද (09) දහවල් පිලී පැණීමට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 09 February 2024
විදුලි සේවකයන්ගේ වැඩ තහනම එක්සත් ජාතීන්ට පැමිණිළි කරයි විරෝධතාවකට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණ කිරීමක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද (9) පස්වරුවේ ලිපියක් භාරදුන්නේය. 09 February 2024
මැතිසබේ කමිටු පහක් පත් කෙරේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා පහක් සඳහා සාමාජික මන්ත්‍රීවරු නම් කරනු ලැබ සිටිති. 09 February 2024
නැති වුනැයි කියූ මැගසිනය කඳවුරෙන්ම හමුවෙයි පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස්හේවා බළකා කදවුරේ තිබී අස්ථාන ගතවූ ටී 56 උණ්ඩ 30 ක් සහික මැගසිනය එම කදවුරේ ජලය බැස යන කානුවක තිබී හමුවී ඇති බව යුද හමුදාව කියයි 09 February 2024
හොරට මැණික් ගැරූ 13ක් පොලිස් දැලේ හපුතලේ උඩවිහාරගල සංචාරක හෝටලයක් ආශ්රිත ප්‍රාදේශයක මැණික් ගැරීමේ නිරතව සිටි බවට සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි. 09 February 2024
වෛද්‍ය සභාවට බලපෑම් නොකරනු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතුවලට බලපෑම් නොකරන ලෙස බලධාරීන්ට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට අද (9) පෙරවරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වීය. 09 February 2024
ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙයි සංචාරක ඇෆ්ගනිස්තාන් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 09 February 2024
සේවකයෝ රාජ්‍ය ඔසුසල වසති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්‍රධානම රාජ්‍ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් එහි දොරටු වසා අද (9) පෙරවරුවේ සිට වර්ජනයක නිතරව සිටිති. 09 February 2024
යුක්රේන හමුදාපති ධුරයෙන් නෙරපා දැමේ යුක්රේන හමුදාපති ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර කිරීමට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ. 09 February 2024
කොළඹ ප්‍රදේශ 5 කට පැය 15 ක් ජලය නෑ කොළඹ ප්‍රදේශ පහකටහෙට (10) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 09 February 2024
ලංකාව - පර්ත් නුවර අතර සෘජු ගුවන් සේවාවකට කැමැත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) මහතා අතර හමුවක් ද ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද (9) සිදු විය. 09 February 2024
උතුරු ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම් උතුරු ඉන්දියාවේ, හින්දු මුස්ලිම් ගැටුම් ආරම්භ වී ඇත. ඒ, හින්දු අන්තවාදීන්, උත්තරකාන්ද් ප්‍රාන්තයේ, හල්ද්වානී නුවර, මුස්ලිම් පල්ලියක් කඩා බිඳ දැමීමත් සමඟය. 09 February 2024
’’ලක්ෂ ගාණක් බඩගින්නේ’’ මේ රටේ ලක්ෂ ගණනක් බඩගින්නේ සිටින බවත් එවැනි පිරිස් කොළඹ නගරයේද සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 February 2024
‘අස්වැසුම’ නැවත අයදුම්පත් කැඳවයි අස්වැසුම සුබ සාධයන වැඩසටහනේ ප්රතිලාභ බලාපොරොත්තු වන පවුල්වලින් මේ මස 15 වැනිදා සිට නැවත අයදුම්පත් කැඳවන බවත් අදාල ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ජනතාව දැනුවත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 09 February 2024
කතානායක - කිරිඇල්ල ඇවිළී උණුසුමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් අතර පාර්ලිමේන්තුවේදී අද (9) පෙරවරුවේ උණුසුම් වාදයක් ඇතිවිය. 09 February 2024
බෙලිඅත්ත ඝාතන සිදු කළ බවට සැක ගිනි අවියක් හමුවෙයි බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැකකරන ටි 56 ගිනි අවිය සමග ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ සමීපතමයෙකු වන’’ සාමික’’ නැමැත්තා සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 February 2024
රජය රට SMART කරන්න දන්නේ නැහැ වත්මන් රජය රට ‘සුහුරු රටක්’ බවට පත් කරන්නේ ‘සුහුරු පක්ෂයක්’ ගොඩනැගීම තුළින් යැයි පවසන නමුත් සමගි ජන බලවේගය සුහුරු රටක් ගොඩ නගන්නේ ‘සුහුරු අධ්‍යාපනයක් ගොඩනැගීමෙන් බිහිවන සුහුරු ගෝලීය පුරවැසියා’ තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 09 February 2024
ලංකාව ගොඩ නගන්න එක්වන්න ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රීයව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය. 09 February 2024
පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවකු අත්අඩංගුවට අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පංච පුද්ගල ඝාතනයට සැකකරුවන් පැමිණි සුඛෝභෝගී ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 09 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026